නිරූපිකවක් විදිහට මම සාර්ථක ගමනක් ඇවිල්ලා තියෙනවා
කාලයක් තිස්සේ නිරූපණ ක්ෂේත්රය කටයුතු කරන තරු දිසානායක නිරූපිකාවක් ලෙස නිතර කතාබහට ලක්වන්නියකි. නිරූපිකාවකට අමතරව විවිධ කලා කටයුතු සඳහාද එක්වූ තරු ඉදිරියේදී පූර්ණ කාලිනව නිරූපණ කටයුතු සඳහා එක්වීමට සූදානමින් සිටියි. මෙවර කතා බහ දිග හැරෙන්නේ අපි ඇය සමගිනි.
ඔබ දැන් කාලයක සිට නිරූපණ කටයුතුවල නිරත වෙන නිරූපිකාවක්?
ඔව්, දැන් මම නිරූපණ ක්ෂේත්රයට ඇවිල්ලා වසර 6ක් විතර වෙනවා.
නිරූපණය කියන්නේ දැන් ඔබේ වෘත්තියද?
දැනට මම පෞද්ගලික ආයතනයක සේවය කරන කෙනෙක්. රැකියාව කරන අතරතුර කාලය කළමනාකරණය කරගනිමින් තමයි නිරූපණ කටයුතු වලට සම්බන්ධ වෙන්නේ. තව නොබෝ කාලයකින් රැකියාවට සමුදෙන්න අදහස් කරමින් ඉන්නවා.
ඒ කියන්නේ ඉදිරියේදී ඔබ පූර්ණ කාලීනව නිරූපණ ශිල්පිනියක් බවට පත් වෙන එකද?
ඔව්, රැකියාවෙන් ඉවත්වීමට හේතුව ඒක තමයි. නිරූපණ කටයුතුවලට සම්බන්ධ වෙන්න කාලය මදිකමක් මට තියෙනවා. ගොඩක් වැඩ අත්හැර දමන්න වුණා ඒ නිසා. ඒ සියලු කාරණ ගැන හිතලා තමයි රැකියාවෙන් ඉවත් වෙලා නිරූපණ කටයුතුවලට මුළුමණින්ම එකතු වෙන්න හිතුවේ.
රංගනයට යොමු වෙන්න අදහසක් නැද්ද?
රඟපාන්න නම් ආරාධනා ගොඩක් ලැබුණා. හොඳ ගුණාත්මක නිර්මණයක් ලැබුණොත් අනිවාර්යයෙන්ම එයට මම දායක වෙන්න බලාපොරොත්තු වෙන් ඉන්නවා.
නිරූපිකාවකට අද තියෙන පිළිගැනිම ඔබ දකින්නේ කොහොමද?
පිළිගැනීම හොඳයි කියන්නත් බැහැ නරකයි කියන්නත් බැහැ. එක එක්කෙනා නිරූපණ ක්ෂේත්රය දිහා බලන කෝණය වෙනස්. නිරූපණ ක්ෂේත්රය තුළ ඉන්න අය කරන කියන දේ අනුව තමයි ගොඩක් දුරට ඒ පිළිගැනීම අපිට ලැබෙන්නේ.
නිරූපිකාවෝ අද මුදලට විකිණෙනවා කියන කතාව ඇත්තද?
මේ ක්ෂේත්රය තුළ ඉන්න බොහෝ අය තමන්ගේ හැකියාව යටපත් කරගෙන මුදල් විතරක් තමන්ගේ ජීවිතේ කරගන්නවා. ඒ අය තමයි අද බොහෝ වෙලාවට මුදලට අද යට වෙන්නේ.
ඔබටත් ඔය කියන ආයුතු යෝජනා ඇවිල්ලා නැද්ද?
තියෙනවා. එවැනි යෝජනා මම ප්රතික්ෂේප කරනවා. මම කැමතියි මගේ ආදරණිය ප්රේක්ෂකයන්ට හොඳ නිර්මාණ ලබා දෙන්න. ඒ වගේම මට වටිනාකමක් ලැබෙන නිර්මාණ.
මේ ගෙවුණ කාලය තුළ නිරූපිකාවක් විදිහට ඔබ සාර්ථකද?
ඔව් ඇත්තටම මම සාර්ථකයි කියලා හිතනවා. මොකද රැකියාවක් කරන අතරතුර තමයි මම මේ ක්ෂේත්රය තුළ වැඩ කළේ. ඉදිරියේදී මම වෙනස්ම විදිහේ නිර්මාණවලට දායක වෙන්න බලාපොරොත්තු වෙන් ඉන්නවා. මේ ගෙවුණු වසර 6 තුළ කරපු වැඩත් එක්ක මම හිතනවා මම සාර්ථක නිරූපිකාවක් කියලා.
බුද්ධික සේනාධීර