නිරූපණයට වඩා මම රංගනයට පොඩිකාලේ ඉඳන්ම කැමතියි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

20170703Janani-(5)රංගනයට දැඩි කැමැත්තක් දක්වන මෙම නිරූපණ ශිල්පිනිය උපාධිධාරිනියක්. ක්‍රීඩා කෞශල්‍යයන්ගෙන් හෙඹි මෙම සොඳුරු රුවැත්තිය නමින් ජයනි කරුණාත්නයි. ඇගේ කලා කටයුතු පැවසීමට ‘සාරවිට’ සමගින් එක්වූ මොහොතකි මේ.

 

ජයනි ඔයා ගැන හැඳින්වීමක් කළොත්?

මම ජයනි කරුණාරත්න. ඉන්නෙ ගම්පහ, වැලිවේරියෙ. මම කැලණිය විශ්වවිද්‍යාලයේ ක්‍රීඩා හා විශ්‍රාන්ති කළමනාකරණය විශේෂවේදී උපාධිධාරිනියක්.

 

විශ්වවිද්‍යාල අධ්‍යාපනයෙන් පසු නිරූපණ ක්ෂේත්‍රයට එන්නද කල්පනාව?

නිරූපණ ක්ෂේත්‍රයටත් වඩා මං පොඩිකාලෙ ඉඳන්ම රංගනය පැත්තට ලොකු ආසාවක් තිබුණා. සා.පෙළ ට මම නාට්‍ය හා රංග කලාව හැදෑරුවා. නමුත් පාසල් කාලෙදී මම ක්‍රීඩාවට ගොඩක් යොමුවුණා. මම පාසල් බැඩ්මින්ටන් කණ්ඩායමේ වගේම විශ්වවිද්‍යාල බැඩ්මින්ටන් කණ්ඩායමද නියෝජනය කළා. නිරූපණ ක්ෂේත්‍රයට මට දායක වෙන්න ලැබුණෙ විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන කාලයේදීමයි. හොඳ නිර්මාණවලට දායක වන්න තවදුරටත් බලාපොරොත්තු වෙනවා.

 

මේ වනවිට ඔබ දායක වූ නිර්මාණ තිබෙනවාද?

දැනට මම photo shoots, bridal shoots සහ music videosවලට දායකවෙලා තියෙනවා.

20170703Janani-(19)

නිරූපණ ක්ෂේත්‍රය ගැන අදහස මොන වගේද?

නිරූපණ ක්ෂේත්‍රයෙ හොඳ වගේම නරක පැත්තකුත් තියෙනවා. එහිදී අපි හරි විදිහට නිසි අවබෝධයකින් වගේම, තමන් පිළිබඳ හොඳ විශ්වාසයකින් මේ ක්ෂේත්‍රයේ ඉදිරියට ගියොත් අපිට මේ ක්ෂේත්‍රයෙන් හොඳ ගමනක් යන්න පුළුවන්.

 

රංගනයට යොමු වෙන්න අදහසක් නැද්ද?

ඇත්තටම මම කලිනුත් කිව්වා වගෙ නිරූපණ ක්ෂේත්‍රයටත් වඩා මම පොඩි කාලෙ ඉඳන්ම කැමැත්තක් දැක්වූයෙ රංගනයට. මගේ අධ්‍යාපන කටයුතුත් සමග මට ඒ ක්ෂේත්‍රයට යොමුවෙන්න කාලයක් තිබුණෙ නෑ. නමුත් මට හොඳ කණ්ඩායමක් සමග හොඳ නිර්මාණයකට දායක වෙන්න අවස්ථාව ලැබුණොත් මම එය මගහැරීමට ඉඩක් දෙන්නෙ නම් නෑ.

 

වෘත්තිය වශයෙන් කවුරු වෙන්නද බලාපොරොත්තුව?

මම උපාධිධාරිනියක් ලෙස මා හැදෑරූ විෂයට සමගාමීව රජයේ රැකියාවක් අපේක්ෂාවෙන් සිටිනවා. එසේම ගුවන් සේවිකාවක් ලෙස කටයුතු කිරීමට ආසාවක් තිබෙනවා. ඒ පිළිබඳ පාඨමාලාවක් මේ දිනවල හදාරමින් ඉන්නවා.

20170703Janani-(17)

ඉදිරි බලාපොරොත්තු ගැන කිව්වොත්?

නිරූපණ ක්ෂේත්‍රය පැත්තෙන් ගත්තොත් ඒ පිළිබඳ හොඳින් අධ්‍යයන කරමින් ඒ සඳහා සහභාගී වීමට බලාපොරොත්තු වෙනවා. මොකද මේ ක්ෂේත්‍රයට මම තවම නවකයෙක් වන නිසා.

 

උදවු කරපු  පිරිසක් ඉන්නවද?

මගේ පවුලෙ සියලු දෙනා මට මේ සඳහා සහයෝගය ලබා දෙනවා. විශේෂයෙන් මගෙ ලොකු නංගි තමා මගෙ සෙවණැල්ල වගෙ මා සමග ඉදිමින් මට ලොකු සහයෝගයක් ලබාදෙන්නෙ. එයා නැත්නම් සමහර විට මම මේ ක්ෂේත්‍රයට සහභාගී නොවන්නත් ඉඩ තිබ්බා. ඊට අමතරව මේ ක්ෂේත්‍රයට එන්න උදවු කරපු ඡායාරූපකරණයේ, නිරූපණ ක්ෂේත්‍රයේ හා මගේ යහළුවන් ගොඩක් ආදරයෙන් මතක් කරන්න ඕනෙ.

 

සටහන / ඡායාරූප - සරසි නෙත්මිණි

හැඩ ගැන්වීම - ඉයන් සංජීව (සැලෝන් සිත් රූ )

ඇඳුම් නිර්මාණය - හසි වෛද්‍යරත්න ( Hazze Designerwear)

20170703Janani-(2) 20170703Janani-(3) 20170703Janani-(4) 20170703Janani-(6) 20170703Janani-(7) 20170703Janani-(8) 20170703Janani-(9) 20170703Janani-(10) 20170703Janani-(11) 20170703Janani-(12) 20170703Janani-(13) 20170703Janani-(14) 20170703Janani-(15) 20170703Janani-(16) 20170703Janani-(18) 20170703Janani-(20) 20170703Janani-(21) 20170703Janani-(22) 20170703Janani-(23) 20170703Janani-(24) 20170703Janani-(25) 20170703Janani-(26) 20170703Janani-(27)