නිරූපණයට වඩා මම නර්තනයට දක්ෂයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

20170209Shenu-1

නිවේදනය පිළිබඳව හැදෑරීම් කටයුතු සිදුකරන ඇය නර්තනය මෙන්ම නිරූපණයට එක ලෙස දස්කම් දක්වන්නීය. තවමත් නව යොවුන් වියේ පසුවන ඇය ශෙනු රශ්මිය. ඇගේ කලා තොරතුරු පැවසීමට ‘සාරවිට’ සමගින් ඒකාත්මික වූ මොහොතකි මේ

 

ඔබ ගැන හැඳින්වීමක් කළොත්?

20170209Shenu-2මගේ නම රශ්මි. මම දැනට රූපවාහිනි නිවේදන ශිල්පය පිළිබඳ ඩිප්ලෝමා එක හදාරමින් ඉන්නෙ. ඊට අමතරව නිරූපණයේ සහ නර්තනයේ නියැළෙනවා. රැකියාවක් බලාපොරොත්තුවෙන් ඉන්නෙ.

 

නිරූපණයට ඇවිත් කොපමණ කාලයක් වෙනවද?

නිරූපණයට ඇවිත් අවුරුද්දක් පමණ වෙනවා.

 

ඔබ නර්තනයට එකතු වෙන්නේ කොහොමද?

නර්තනය මම පොඩිකාලෙ ඉඳලම කැමති ක්ෂේත්‍රයක්. මම තුන වසරේ පමණ ඉඳන් වගේ තමයි නර්තනය කරන්න පටන් ගත්තේ. පසුව මම සජීවනීද සොයිසා ටීචර්ගෙන් නර්තනය හැදෑරුවා. මුල ඉඳන් ගොඩක් දේවල් ඉගෙන ගත්තෙ ටීචර්ගෙන්. අදටත් එයා තමයි උදවු කරන්නේ. එයා තමයි මම මේ තැනට ගෙනාවේ. ඇයට ඒ ගෞරවය දිය යුතුයි.

 

නර්තනය පැත්තෙන් ඔබගේ වැඩකටයුතු සිද්ධවෙන්නේ කොහොමද?

ටීචර්ගේ නර්තන කණ්ඩායමේ වැඩකටයුතු කරනවා. ඊට අමතරව නර්තන තරග සඳහා සූදානමක් තියෙනවා.

 

නිරූපණයට හා නර්තනයට ආසාව තිබුණත් පවුලේ අයගෙන් ඒ සඳහා බලපෑමක් එල්ල වුණේ නැද්ද?

නර්තනයට නම් එහෙම බලපෑමක් තිබුණේ නෑ. නමුත් නිරූපණයට නම් බලපෑමක් තිබුණා. පසුව කාලයත් එක්ක ඒ දේවල් වෙනස් වුණා.

 

නර්තනය හදාරන ඔබ ක්ෂේත්‍රයේ රැඳීසිටීමට රුකුලක් ලෙසද නිරූපණයේත් යෙදෙන්නේ?

මම නිරූපණය කරන්නේ විනෝදාංශයක් විදියට. පළමු තැන හිමිවෙන්නේ නර්තනයට. මම ගොඩක් දුරට බැඳී ඉන්නේ නර්තනයත් සමග.

 

ඔබ රැකියාව ලෙස තෝරාගන්නේ කුමන ක්ෂේත්‍රයක්ද?

දැනට මම හදාරන ඩිප්ලෝමාවත් සමග ඒ ක්ෂේත්‍ර‘යේම රැකියාවක් තමයි බලාපොරොත්තු වෙන්නේ.

 

ඔබේ ඉදිරි බලාපොරොත්තු මොනවාද?

නර්තන වැඩකටයුතු ඉදිරියේදී කරන්න බලාපොරොත්තු වෙනවා. ඩිප්ලෝමාවේ වැඩකටයුතු අවසන් කර රැකියාවක් කරන්න බලාපොරොත්තු වෙනවා. මේ සියලු කාර්යයන් සමග නිරූපණ ක්ෂේත්‍රයේ වැඩකටයුතුත් සමබරව කරගෙන යන්න බලාපොරොත්තු වෙනවා.

 

මතක් කළ යුතු පිරිසක් ඉන්නවාද?

මගේ අම්මයි, තාත්තයි තමයි මේ දෙවල්වලට උදවු කරන්නේ. ඊට අමතරව මගේ නර්තන ගුරුවරිය සජීවනීද සොයිසා, මාව මුලින්ම Bride කෙනෙක් කළේ ඩිමාෂ් රංගන අයිය, ශෂී අයියාට ස්තූති කළ යුතුයි. එයාලා හින්දා තමයි මම අද මෙතන ඉන්නෙ.

Dilan Chryshantha / Pix - Disna Dharmarathna

20170209Shenu-3 20170209Shenu-4 20170209Shenu-5 20170209Shenu-6 20170209Shenu-7 20170209Shenu-8 20170209Shenu-9 20170209Shenu-10