නිරූපණයට මම යොමු වුණේ අහම්බෙන්
නිරූපණ ක්ෂේත්‍රයට නවකයෙකු වූ මධු මුණසිංහ අද ‘සාරවිට’ තරු කතා බහට මෙළෙස අපි සමගින් සම්බන්ධ වුණේමු. ක්ෂේත්‍රයට නවකයෙකු වුවද වර්තමානයේ නිතර දකින නිරූපිකාවන් අතරේ සිටින ඇය නිරූපණ ක්ෂේත්‍රය තුළ දිගු ගමනක් යන්නට උත්සාහ කරන යෞවනියක්ද වෙයි. නිරූපණයට සමානව රංගනයටද කැමැත්තක් දක්වන මධු ඉදිරියේදී කලා ක්ෂේත්‍රයටද එක්වීමට දැඩි කැමැත්තකින් පසුවේ.
නිරූපණ ක්ෂේත්‍රයට නම් සම්බන්ධ වෙලා ලොකු කාලයක් නැහැ. මෑතකදී තමයි ක්ෂේත්‍රයට ආවේ.
මධු කියන්නේ නිරූපිකාව් විතරද?
නැහැ. දැනට මම රූපවාහිනි වෙළෙඳ දැන්වීම් කිහිපයකට දායක වෙලා ඉන්නවා. ඒ අතර ගීථ රූප රචනා සඳහා සම්බන්ධ වෙන්නත් ආරාධනා දැනට ලැබිලා තියෙනවා. ඉතින් නිරූපණයට වගේම ඉදිරියේදී රංගනය පැත්තටත් යොමු වෙන්න තමයි අදහස මගේ.
නිරූපිකාවක් වෙන්න හිතුවේ ඇයි?
කලාව පැත්තට මම ගොඩක් කැමති කෙනෙක්. ඉතින් ඒ පැත්තට යොමු වෙන්න හිතාගෙන තමයි නිරූපණ ක්ෂේත්‍රයට සම්බන්ධ වුණේ. ඒකත් සිදු වුණේ අහම්බෙන්.
ඒ කියන්නේ රංගනය පැත්තට යොමු වෙන්න අදහසක් තියෙනවා කියන එකද?
ඔව්, හැබැයි හොඳයි කියලා හිතෙන නිර්මාණවලට පමණයි මම දායක වෙන්නේ.
නිරූපිකාවක් විදිහට ඉලක්කයක් තියෙනවාද?
නිරූපණ ක්ෂේත්‍රය තුළ දිගු ගමනක් යන්න තමයි මගේ අපේක්ෂා වෙලා තියෙන්නේ. ඒ වගේම %ටොප් මොඩල්^ කෙනෙක් වෙන්නත් මම ගොඩක් ආසයි.
නිරූපණ ක්ෂේත්‍රය ගැන මොකද හිතෙන්නේ?
ක්ෂේත්‍රය හොඳයි. හැබැයි ඒක තමන්ට ගැළපෙන විදිහට කරනවා නම්.
නිරූපණ ක්ෂේත්‍රය තුළ දිගටම රැඳෙන්නද අදහස?
ඉන්න පුළුවන් කාලයක් මේ ක්ෂේත්‍රය තුළ රැඳිලා ඉන්නවා. කොහොමද අපේ ලස්සන් තියෙනකම් තමයි මේ ක්ෂේත්‍රය වල රැඳෙන්න පුළුවන්. නිරූපණය වෘත්තියක් කරගන්න නම් කැමති නැහැ. හැකිතාක් කාලයක් මෙහි රැඳිලා ඉන්නවා.
උදව් කරපු අය ගැනත් කියමු?
මට ගොඩක් කට්ටිය උදව් කළා මේ තැනට එන්න. විශේෂයෙන්ම මතක් කරන්න ඕනා මගේ අම්මායි, තාත්තයි දෙන්නා. ඊට පස්සේ මගේ සහෝදරයෝ, යාළුවෝ, අයේෂා, මධු, යමුනා අක්කලා. උදාර අයියා. ඒ වගේම වචනයකින් හරි මට උදව් කළ හමෝම මේ අවස්ථාවේද මතක් කරන්න ඕනා.
බුද්ධික සේනාධීර