නිරූපණයට මම මුලින් කැමති වුණේ නැහැ
රංගන ශිල්පිණියක් ලෙස කලා ක්ෂේත්‍රයට පිවිසි චතු රාජපක්ෂ සමගින් අද "සාරවිට" තරු කතා බහ අරඹන්නට අපි බලාපොරොත්තු වුණේමු. මේ වන විට ටෙලි නාට්‍යය හා චිත්‍රපට කිහිපයකටම සිය දායකත්වය ලබා දී ඇති චතු ඉදිරියේදී ඒ හරහා සිය රසික පිරිස් හමුවීමට සූදානමින් සිටියි. මේ ඇය සිය කලා කටයුතු පිළිබඳව පැවසු දෑ.
චතු ක්ෂේත්‍රයට එන්නේ කොහොමද?
ඒක හරි අහම්බෙන් වූ සිද්ධියක්. ගිය වසරේ තමයි ක්ෂේත්‍රයට එන්නේ ඒ ස්වාධින රූපවාහිනි සේවයේ වැඩ කරන අනුර ජයසේකර අයියාගේ මාර්ගයෙන්. ස්වාධින රූපවාහිනිය විසින් ගිය වසරේ නුවර තිබුණ හිසතෙල් ගැමේ උත්සවයට මම සහභාගී වුණා. එහිදි තමයි අනුර අයියාව දැනඅඳුන ගත්තේ. ඔහු මගෙන් ඇහුවා රඟපාන්න කැමතිද කියලා. හිතේ රඟපාන්න පුංචි කැමැත්තකුත් තිබුණා මගේ. ඒ හින්දා අනුර අයියාගේ ඉල්ලීමට මම කැමති වුණා.
දැනට දායක වෙලා තියෙන කලා නිර්මාණ මොනවද?
දැනට කරලා තියෙන නිර්මාණ ගැන කතා කළොත් මුලින්ම මම රංගනයෙන් දායක වුණේ වී. ශිවදාසන් මහත්මයාගේ "පාටක් නැති ආදරයක්" කියන චිත්‍රපටයට. ඊට පස්සේ "ආදරය ගින්දරක්", "කොළඹ අපි ආවා", "නෙතු" කියන ටෙලි නාට්‍යයට වලට දායක වුණා. මේ නිර්මාණ වලට දායක වෙන අතරේ ආරාධනයක් ලැබුණා සුරංග අල්විස් අයියාගෙන් ඔහුගේ "කිඩ්නැප්" චිත්‍රපටයට දායක වෙන්න.
ඊට අමතරව පෝය ටෙලි නාට්‍යය දෙකක් සඳහාත් මම දායක වෙලා තියෙනවා දැනට. ඒ වගේම සුරේෂ් අයියාගේ "වනසරා" කියන චිත්‍රපටයටත් මම රංගනයෙන් දායක වුණා මෑතකදී. ටෙලි හා චිත්‍රපට වලට අමතරව මියුසික් විඩියෝ දෙකක් රඟපාලා තියෙනවා. "හොන්ඩා නෙවි", "දම්රෝ", "වානේ කම්බි" කියන වෙළෙඳ දැන්විම් වලටත් මම රංගනයෙන් දායක වෙලා තියෙනවා.
ඉදිරියට?
සුසිල ආයතනය නිෂ්පාදනය කරන නාලන් මෙන්ඩිස් මහත්මයා අධ්‍යක්ෂණය කරන ටෙලි නාට්‍යයක ප්‍රධාන චරිතයකට දායක වෙන්න ආරාධනා ලැබිලා තියෙනවා දැනට. මේ නිර්මාණයට අමතරව තවත් නිර්මාණ කිහිපයක් සඳහා ආරාධනා ලැබිලා තියෙනවා. තවමත් ඒවා සාකච්ඡා මට්ටමින් තියෙන නිසා ඉදිරියේදී ඒ ගැන කියන්නම්.
චතු නිරූපිකාවක් විදිහට වැඩ කරනවා නේද?
මුල් කාලයේදී නම් නිරූපණයට මගේ ලොකු කැමැත්තක් තිබුණේ නැහැ. නමුත්, බ්‍රයිඩ්ල් ෂුට් වලට කතා කළාහම මම සහභාගී වුණා. ඊට පස්සේ තමයි නිරූපණය පැත්ත ගැන ඉගෙන ගන්න ලොකු ආසාවක් මට ඇතිවුණේ. ඊට පස්සේ මම "කැට්වොක්" කියන නිරූපණ ඇකඩමියට සම්බන්ධ වෙලා නිරූපණය ගැන හදාරන්න ගත්තේ. නිරූපිකාවක් විදිහට වැඩ කරද්දි තමයි රංගනය පැත්තටෙ යොමු වෙන්න අවස්ථාවක් ලැබුණේ මට. දැන් නිරූපණය වගේම රංගනය පැත්තටත් මම ගොඩක් ආසයි.
පොඩි කාලේ හීනේ වුණේ මේ දෙකේ එකක්වත් නෙමෙයි නේද?
පොඩි කාලේ නම් මගේ හිතේ තිබුණේ නර්තන ගුරුවරියක් වෙන්න. නමුත්, අධ්‍යාපන කටයුතු නිමාවු පසු මට ඕනා වුනේ ඉක්මණට රැකියාවක් කරන්න. ඒ නිසා මම නිරූපණයටත් රඟපාන්නත් යොමු වුණා.
මේ ක්ෂේත්‍රය තුළ ඔබට ඉලක්ක තියෙනවාද?
ඉලක්ක නම් ගොඩක් තියෙනවා. මුලිකවම තියෙන ඉලක්කය තමයි මට අවශ්‍යයි ලංකාවේ හොඳ නිළියක් වෙන්න.
උදව් කල අය ගැනත් මතක් කරමුද?
මුලින්ම කියන්න ඕනා අනුර ජයසේකර අයියාව. ඒ වගේම වී. ශිවගුරුනාදන් මහත්මයාව. සුරංග අල්විස්, චතුර රත්නායක, ශේනාල් මද්දුමගේ කියන අයියලාව. ඒ වගේම මේ වෙලාවේ විශේෂයෙන්ම මතක් කරන්න ඕනා ධනුෂ්ක විදානගේ අයියාව. මගේ අම්මා, තාත්තා දෙන්නාව. අම්මා දැනට විදේශයක රැකියාවක් කරනවා වසර 8ක් තිස්සේ. එයා ලඟින් නැතිවුණාත් නිතරම මා ගැන හොයලා බලනවා. ඒ වගේම නම් සඳහන් නොකළ බොහෝ පිරිසක් ඉන්නවා ඒ හැම දෙනාටම මේ වෙලාවේදී ස්තුති කරනවා මම.
බුද්ධික සේනාධීර