නිරූපණයට පුංචි කැමැත්තක් ඒ කාලේ ඉඳලා තිබුණා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2018-01-17-ent-68

දුලනි රත්නායක කියන්නේ සබරගමුව විශ්ව විද්‍යාලයේ ක්‍රිඩා විද්‍යාව හා කලමණාකරණය හදාරන ශිෂ්‍යාවක්. ඇය පසුගිය දා නිමා වුණු වර්ල්ඩ් මිස් යුනිවර්සිටි පැජන්ට් එක සඳහා ලංකාව නියෝජනය කරා. ඒ පිළිබඳව දුලනි සාරවිටට කිව්වේ මේ විදියටයි.

 

දුලනි අපිට ඔයාගේ විස්තර ටිකක් කියන්නකෝ?2018-01-17-ent-74

මම දුලනි රත්නායක. මගේ පදිංචිය රාජගිරියේ. මම පාසල් ගියේ පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලයට. දැන් සබරගමුව විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යාවක්. ක්‍රිඩා විද්‍යාව හා කලමණාකරණය තමයි කරන්නේ. දැනට මම ෆැෂන් ඩිසයිනර් කෙනෙක් විදියට ඉගෙනගන්න ගමන් වැඩ කරනවා. මගේ පවුලේ අම්මයි තාත්තායි මමයි මල්ලී. ‍කෙටියෙන් කිව්වොත් මම හරිම සරල ගැහැණු ළමයෙක්.

 

පහුගිය කාලේ පැජන්ට් එකකට සහභාගි වුණා නේද?. ඒ ගැන විස්තර ටිකක් කියමු?

ඔව්. ඒක වර්ල්ඩ් මිස් යුනිවර්සිටි පැජන්ට් එක. ඒකේ ලංකාවේ පැජන්ට් එකක් තිබුනේ නැහැ. ඔඩිෂන් එකක් විතරයි තිබුනේ. මම ඒකට ඇප්ලයි කරා. ඊටපස්සේ ඔඩිෂන් එකෙන් තමයි මාව සිලෙක්ට් වුණේ. ඒක බියුටි පැජන්ට් එකක්ම නෙවෙයි. ඒකේ අරමුණ තමයි ලෝක සාමය පැතිරවීම. ඒක ආරම්භ කරලා තියෙන්නේ 1988දී. මේ 28 වැනි වතාවටයි ඒක පැවැත්වූයේ. මේ පැජන්ට් එකට ගිය අවුරුද්දේ නියෝජනය කරේ ප්‍රමෝදී කෞෂල්‍යයා. මේ අවුරුද්දේ ලංකාව නියෝජනය කරේ මම. දෙසැම්බර් 20 තමයි අවසාන තරඟය තිබුණේ.

 

අපි කියමු මේ පැජන්ට් එකේ අරමුණ මොකක්ද කියලා?

මේකේ ප්‍රධාන අරමුණ වෙන්නේ ලෝක සාමය පැතිරවීම. ඒකේදි ප්‍රධාන වෙන්නේ රටකින් ඉදිරිපත් වෙන කෙනා සාම දූතිකාවක් වීම. මගේ අරමුණ වුණේ උදව් අවශ්‍ය ළමයි වෙනුවෙන් ඉදිරිපත් වෙන එක. එහෙම දේවල් කරලා තමයි ලංකාවට දිනන්න පුළුවන් වුණේ. එහෙදි අපිට එපොයිමන්ට් එකක් ලැබුණා. සෙටිෆිකේට් සහිතව. එතනදි එයාලා බලාපොරොත්තු වෙනවා තමන්ගේ රට ඇතුලේ සිටින අසරණ ළමයි / උදව් අවශ්‍ය ළමයි වෙනුවෙන් මම පෙනී සිටීවි කියන එක. ඉතින් මම පුළුවන් උපරිමයෙන් ඒ දේවල් සඳහා යොමුවෙනවා.

 

මේ පැජන්ට් එක වෙනුවෙන් සහභාගි වෙන්න ඔයාට තිබෙන සුදුසුකම මොකක්ද?

එයාලාගේ කමිටුවෙන් එවනවා යම් කිසි නිර්නායකයන් ටිකක්. ඒකට අනුව තමයි එයාලා අපිව විනිශ්චය කරන්නේ. ගොඩක් අය අසරණ ළමයින්ට උදව් කරනවා කිව්වාම හිතන්නේ එයාලට ඇඳුම් අරන් දීලා, කන්න බොන්න දීලා, සින්දු කියලා නටනවා වගේ දේවල්. මම එතනින ඔබ්බට ගිහිල්ලා එයාලගේ අනාගතය සාර්ථක කරගන්න පොඩි පොඩි දේවල් ටිකක් කරනවා. අපි කරන්න ඕනේ එයාලට තනියම නැගිටින්න පුළුවන් විදියට එයාලගේ මනස හදන එක. ඉතින් මම මගේ කණ්ඩායමත් එක්ක එයාලාගේ ක්‍රීඩා උත්සව, විවිධ ප්‍රසංග වගේ දේවල් සංවිධානය කරනවා. උදව් අවශ්‍යම ළමයි ඉන්න තැන්වලට ගිහිල්ලා එයාලගේ මනස හදන්න පුළුවන් විදිහේ මෙඩිටේෂන් වැඩසටහන් කිහිපයක් කරා. ඒවායෙන් තමයි මම හිතන්නේ මාව තේරුණේ.

 

ඔයාට නිරූපනයට එතනින් ඉඩක් ලැබෙනවා. මේ පැජන්ට් එකට සහභාගී වුණේ නිරූපණය ගැන දැනගෙනද?

ඔව්. ඒ දේවල්වල දැනුම අත්‍යවශ්‍යයි. දැනුමයි අත්දැකීමයි මෙතනදි වැදගත් වෙනවා. මට අත්දැකීම් අඩුයි. නමුත් මම 2015දී මිස් ටීන් තරඟාවලියේ මිස් ටීන් වුණා. ඒ අත්දැකීම විතරයි මට තිබුනේ. පැජන්ට් එක ඇතුලේ වැඩ කරන්නේ කොහොමද කියලා පොඩි අදහසක් තිබුනා. ඒක නිසා පුළුවන් වුණා.

 

නිරූපණයට කැමැත්තක් තිබුනු නිසාද මේ පැජන්ට් එකට සහභාගී වුනේ.

නිරූපණයට පුංචි කැමැත්තක් ඒ කාලේ ඉඳලා තිබුණා. මේ පැජන්ට් එකට ගියේ නම් මම කිව්වා වගේ අසරණ ළමයින්ට උදව් කරන්න තිබෙන ආසාවටයි සාමය ප්‍රචාරය කිරීම පිළිබඳව දැන ගන්න සහ ලෝකය කොහොමද ඒ දේවල් කරන්නේ කියන කුතුහලය නිසාමයි.

 

අපි කතාකරොත් ඉදිරි බලාපොරොත්තු ගැන?

නිරූපණය පැත්තෙන් නම් හොඳ වැඩක් ආවොත් භාර ගන්නවා. මට වර්ල්ඩ් කමිටි එකෙන් යම් කිසි සහතිකයක් ලැබිලා තියෙනවා ලංකාව ඇතුලේ වැඩ කරන්න. ඒ දේවල් කරන එක තමයි මේ වෙලාවේ තිබෙන ලොකුම බලාපොරොත්තුව. ඒ වගේම පැෂන් ඩිසයිනින් පැත්තෙන් පොඩි වැඩ ටිකක් ප්ලෑන් කරගෙන ඉන්නවා. ඉදිරියේදී ඒ දේවල් කරන්නත් බලාපොරොත්තු වෙනවා.

 

එතකොට දැනට ඔයා නිර්මාණවලට දායක වෙලා තියෙනවාද?

ඔව්. දැනට වැඩ ටිකක් කරගෙන යනවා. ඒ දේවල් තව මාස දෙකකින් විතර එළියට එනවා.

 

මේ පැජන්ට් එකෙන් පස්සේ නිර්මාණවලට දායක වෙන්න ආරාධනා ලැබුණද?

ආරාධනා ලැබුණා. නමුත් මගේ ඉගෙනීමේ කටයුතු නිසා ලැබෙන හැමදේම කරගන්න අමාරුයි. මොකද මම කොළඹ එන්නේ සති අන්තයේ විතරයි. ඉතින් පුළුවන් විදියට වැඩ කරනවා.

 

දුලනිගේ ලොකුම බලාපොරොත්තුව මොකක්ද?

මම උපාධිය කරන්නේ ක්‍රීඩාව පැත්තෙන්. ඒ පැත්තෙන් ලොකු දෙයක් කරන්න බලාපොරොත්තු වෙනවා. ගම්වල ඉන්න ළමයින්ට උදව් කරන්න හිතාගෙන ඉන්නවා. ෆැෂන් ඩිසයිනින් පැත්තෙන් මගේම කියලා බ්‍රෑන්ඩ් එකක් පටන් ගන්න සැලසුම් කරගෙන ඉන්නවා.

 

අවසාන වශයෙන් කිව්වොත් මේ දේවල්වලට උදව් කරපු පිරිස ගැන?

මගේ අම්මා, තාත්තා, මල්ලීයි ලොකු සහයක් දෙනවා. ඇත්තටම දුලනි කියන කෙනා නිර්මාණය වෙන්න ගොඩක් හොඳ මනුශ්‍ය හදවත් තියෙන ලොකු පිරිසක් ඉන්නවා. නම් වශයෙන් කියන්න අමාරුයි. ඒ හැමෝටම මම ස්තූතියි වෙනවා.

 

Dilan Chryshantha / Pix - Kaveeth Milindha

 

2018-01-17-ent-67  2018-01-17-ent-69 2018-01-17-ent-70 2018-01-17-ent-71 2018-01-17-ent-72 2018-01-17-ent-73  2018-01-17-ent-75