නිරූපණයට පිවිසුනු ජානි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

20170117Jani-2නිරූපණය හදාරමින් ක්‍ෂේත්‍රයට පිවිසී සිටින මෙම රුවැත්තිය සරසවි වරම් ලබා අධ්‍යාපන කටයුතු සිදුකරමින් සිටින්නීය. රෙමෝනා ජනනි නම් ඇය, ඇගේ නිරූපණයෙහි ආගමනය පිළිබඳව ‘සාරවිට’ ආලින්දයට මෙලෙසින් අදහස් දැක්වූවාය.

20170117Jani-3ඔබව හඳුන්වා දුන්නොත්?

රෙමෝනා ජනනි. ඒත් ගොඩක් අය මාව දන්නේ ජානි ෆොන්සේකා කියලා

ඉගෙන ගන්නවාද? රැකියාවක් කරනවාද?

දෙකම. මම දැනට බැංකු නිලධාරිනියක් වශයෙන් කටයුතු කරනවා. ඒ වගේම  Aquinas university එකේ ශාස්ත්‍රවේදී පීඨයේ පළමු වර්ෂයේ ශිෂ්‍යාවක් විදිහට ඉගෙනීමේ කටයුතු කරනවා.

එතකොට නිරූපණය කරන්නේ?

පිරිසක් නිරූපණය ජීවිතය කටයුතු කරනවා. තව පිරිසක් වෘත්තීය කරගෙන කටයුතු කරනවා, තවත් පිරිසක් විනෝදාංශය විදිහට කරනවා. මම ඒ තුනෙන්ම සංකලනයක් විදිහට තමයි කටයුතු කරන්නේ.

කොයි කාලේද නිරූපණයට එකතු වුණේ?

ඇත්තටම මෑතකදී, 2016 අවුරුද්දේදී.

නිරූපණයෙන් බලාපොරොත්තු වෙන්නේ මොනවාද?

එය වැඩිදුර හදාරන්න, අත්දැකීම් ලබාගන්න සහ නවීන විලාසිතා තුළින් මාව විවිධ මුහුණුවරවලින් දකින්න.

ගෙදරින් අකමැත්තක් නැද්ද නිරූපණය කරනවට?

අම්මාගෙන අකමැත්තක් නැහැ. ඒත් තාත්තා නම් කැමති නැහැ. තාත්තා කැමති මම ඉගෙන ගන්න එක විතරක් කරනවට.

20170117Jani-1

නිරූපණය හොඳයි කියලා හිතනවාද?

නිරූපණය කියන්නෙත් කලාවක්. ඒක හරි විදිහට කළොත් ඕනෑම කලාවක් හොඳයි.

අද ලංකාවේ නිරූපණයට පිළිගැනීමක් තියෙනවා කියලා හිතනවද?

නිරූපණය ගැන හරියට දන්න අය ඒක පිළිගන්නවා. ඒත් නොදන්න අය ඒකේ පහත් දෙයක් හැටියටයි සලකන්නේ. ඒත් ලංකාවේ විතරයි මේ ප්‍රශ්නය තියෙන්නේ. ලංකාවේ මිනිස්සුන්ගේ නිරූපණය ගැන තියෙන ආකල්ප හොඳ මදියි. සමහරවිට ලංකාව සංස්කෘතික රටක් නිසා වෙන්න ඇති. ඒත් ඊටත් වඩා එකම ආකල්පවල, පටු අදහස්වලින් එකම රාමුවකින් නිරූපණය දිහා බලන එක්තරා කොටසක් මේ සංස්කෘතික රටේ ජීවත් වෙන නිසා වෙන්න ඇති.

ඉදිරි බලාපොරොත්තු?

මේ ක්ෂේත්‍රයෙන් විධිමත් විදිහට යන්න පුළුවන් උපරිමයටම යන්න සහ ගුරුවරියක් වෙන්න.

Dilan Chryshantha 

20170117Jani-4