නිරූපණය හා රංගනය නොදන්න පිරිසක් නිසා රංගන ක්ෂේත්රය අද කඩා වැටිලා
රංගනය තුළින් කලා ක්ෂේත්රයට පිවිසෙන ශෙලන් නිරූපිකාවක ලෙසද කටයුත් කරන්නීය. ක්ෂේත්‍ර පිළිබඳ හැදෑරීමක් සිදුකරමින් රංගන කටයුතු සිදුකරන ඇය සිනමාවට සම්බන්ධවීමට බලාපොරොත්තුවකින් පසුවේ. ඒ සම්බන්ධයෙන් ඇය ‘සාරවිට‘ මෙලෙසින් අදහස් දැක්වුවාය
ඔබ ගැන හැඳින්වීමක් කරන්න?
මම ශෙලන් මුණසිංහ. මම රංගන කටයුතු කරමින් ඉන්නේ.
දැනට මොනවද දායක වෙලා තියන වැඩකටයුතු?
ටෙලිනාට්‍ය 4ක් කරලා තියනවා. ඒවායෙහි ප්‍රධාන චරිත කළේ මම. ටෙලිනාට්‍ය 2ක් සිරස නාළිකාවේ විකාශනය කටයුතු සිදුවුණා. ‘අරුමවන්තී‘, ‘රතු පිච්ච‘, ‘අන්ත දඩයම‘, ‘අවික කඳුළු‘, මේ ළඟදී අලුතින් ‘බටහිර අහස‘ කියලා අලුත් ටෙලිනාට්‍යයක් පටන් ගත්තා.
ඔබ වෘත්තීය වශයෙන්ම රංගන ශිල්පිනියක්ද?
වෘත්තීය වශයෙන්ම තමයි කරන්න බලාපොරෙත්තුවෙන්නේ. මම දැනට ජොබ් එකක් කරන්නේ නෑ. ඉස්සරහට කරන්න බලාපොරොත්තුවකුත් නැහැ.
ඔබ කොයිකාලයේද මේ ක්ෂේත්රයට ආවේ?
මම මුලින්ම ක්ෂේත්රයට ආවේ 2011 දී. මම සාමාන්‍ය පෙළ ඉවරවෙලා උසස් පෙළට පංති යන කාලේ අපේ ඉස්කෝලේ කුමාරි කියලා අක්කා කෙනෙක් හම්බවෙලා රඟපාන්න ආසයි කිවුවාම එයාලා ගිරිකුළ කියලා නාට්‍යයක් කළා. සුදත් රෝහණගේ. ඒකට මාව සම්බන්ධ කරගත්තා ඒ හරහා තමයි මම මේ ක්ෂේත්රයට එන්නේ.
ඔබ නිරූපිකාවක් විදියටත් වැඩ කළාද?
නිරූපිකාවක් විදියටත් වැඩ කළා. ෆැෂන් බග් එකේ ෂූට් වගේකට සම්බන්ධ වුණා. දැනටත් කරගෙන යනවා. නමුත් රංගනයට තමයි මුල්තැන දෙන්නේ.
ඔබ දැකපු හීනයක්ද මේ ඉෂ්ටවෙලා තියෙන්නේ?
මම පොඩි කාලේ ඉඳන් ආසාවෙන් හිටියේ ලෝයර් කෙනෙක් වෙන්න. පාසලෙන්ම තමයි මාව රංගනයට යොමු කළේ.
රංගනයට යොමු වෙද්දී ගෙවල්වලින් ප්‍රශ්න වුණාද?
ප්‍රශ්නයක් වුණේ නෑ ගෙදරින්. මුල ඉඳලම කැමති වුණා.
ඔබ රංගනය ගැන හැදෑරීමක් කළාද?
පාසලේදී මම පොඩිකාලේ ඉඳන්ම රංගනය හැදෑරුවා. මේ මෑතකදී මම මහේන්ද්‍ර පෙරේරා ගුරුතුමාගේ ඇකඩමි එකට සම්බන්ධ වුණා.
ඔබට මේ රංගන ක්ෂේත්රය ගැන මොකද හිතෙන්නේ?
බොහෝ දුරට රංගනය කිවුවාම ඒ දේට තියන පිළිගැනීමත් අද අඩුවෙලා තියෙන්නේ. මම ගොඩක් දුරට සතුටු වෙනවා අඩුයි.
ඒ නිසා ක්ෂේත්රය ගැන කලකිරීමක් නැද්ද?
තෝරාබේරාගෙන කරනවානම් එහෙම කලකිරීමක් ඇතිවෙන්නේ නැහැ. තමන් දක්ෂනම් ඉදිරියට යන්න පුළුවන්.
අලුතින් එන අය නිසා මෙහි ප්‍රමිතිය නැතිවෙලා කියලා ප්‍රවීණයෝ චෝදනා කරනවා. ඒක හරිද?
හරියටම හරි. නිරූපණ ශිල්පිනියක් හා රංගන ශිල්පිනියක් කියන දෙක පටලගන්න ගියාම තමයි මේ දේ වෙන්නේ.
නිරූපණ ශිල්පිනියෝ තමයි අද මියුසික් වීඩියෝවල දකින්න ලැබෙන්නේ. රංගනය නෙවෙයිද ඒ?
නෑ. ඩයලොග්ස් කියන්න නැහැ ඒක සම්පූර්ණයෙන්ම නිර්මාණයක් විතරයි. ඒක රංගනයට අදාළ වෙන්නේ නැහැ.
ලංකාවේ ටෙලිනාට්‍ය ගැන පෞද්ගලික තෘප්තියක් තියනවාද?
තාම තෘප්තිමත් නැහැ මම. මට ඉදිරියට කතා කළොත් වෙනස් දෙයක් කරන්න තමයි බලාපොරොත්තුවෙන්නේ.
සිනමාව ගැන අදහසක් තියනවාද?
මට යන්න ඕනේ අවසාන තැන තමයි සිනමාව. මට ආරාධනා ලැබිලා තියනවා. මම ඉදිරියේදී ඒවට සම්බන්ධවෙන්න බලාපොරොත්තු වෙනවා.
ඔබේ ඉදිරි බලාපොරොත්තු මොනවාද?
හැමදාටම මම වෘත්තීය වශයෙන් රංගන ශිල්පිනියක්. ප්‍රේක්ෂක හදවතේ රැඳෙන්න පුළුවන්
රංගන ශිල්පිනියක් වෙන්න තමයි මම බලාපොරොත්තුවෙන්නේ.
මතක් කළයුතු පිරිසක් ඉන්නවාද?
මම මුලින්ම ස්තූති වෙනවා මාව මේ ක්ෂේත්රයට ගෙනාපු කුමාරි අක්කාට සහ චන්දන අයියා ඇතුළු සියලු දෙනාටම චමුශ්‍රී අයියා, වගේම වචනයෙන් හරි උදව් කරපු මගේ යාළුවෝ හැමෝටමත් ස්තූතිවන්ත වෙනවා.
Dilan Chryshantha / Pix - Kaveeth Milindha