නිරූපණය හා රංගනය යන දෙකම හදාරා හොඳ ක්‍ෂේත්‍රයකට පිවිසෙනවා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2016-12-21-ent-80

අධ්‍යාපන කටයුතු හදාරමින් නිරූපණ ක්‍ෂේත්‍රයට පිවිසෙන ළාබාල රුවැත්තිය නිරූපණය මෙන්ම රංගනයද ඉගෙන ගනිමින් සිටින්නීය. නමින් මධුෂානි තෙන්නකෝන් වන ඇය ඇගේ නිරූපණ ක්‍ෂේත්‍රයට ආගමනය පිළිබඳව ‘සාරවිට’ සමගින් මෙලෙස පැවසුවාය.

 

නම් කිව්වොත්?

2016-12-21-ent-81මගේ නම මධුෂානි තෙන්නකෝන්

 

රැකියාවක් කරනවාද? ඉගෙන ගන්නවාද?

රැකියාවක් කරන්නේ නැහැ. තාම ඉගෙන ගන්නවා

 

ගෙදරින් කැමැත්ත දුන්නද නිරූපණයට එන්න?

එයාලනම් පොඩ්ඩක් අකමැති වුණා. ඒත් මං හුඟක් ආදරෙයි කලාවට.

 

ගෙදරින් කැමැත්ත නැතුව කරගෙන යන්න පුළුවන්ද?

මුලින් මුලින් අකමැති වුණාට දැන් එයාලා කැමති. මං ආස නිසා එයාලා මට හුඟක් උදවු කරනවා. මගේ පස්සෙන්ම ඉන්නවා. හැමතිස්සෙම එයලා ලොකු හයියක් වෙනවා.

 

නිරූපණය ක්ෂේත්‍රය ගැන අදහස?

ඇත්තම හොඳ කලාවක්

 

ඉදිරි කටයුතු මොනවාද?

නිරූපණ ක්ෂේත්‍රයෙන් වගේම රංගන ක්ෂේත්‍රයෙන් ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා.

 

එතකොට වෘත්තීය විදිහට බලාපොරොත්තු වෙන්නේ?

මං තවම කලාවට ආධුනිකයි. තාමත් මං කලාව ඉගෙන ගන්නවා. රංගනය වගේම නිරූපණය ඉගෙන ගන්නවා. ඒ නිසා ඉගෙන තමයි තීරණයක් ගන්න වෙන්නේ වෘත්තීයක් වශයෙන් කරනවාද නැද්ද කියලා.

 

බලාපොරොත්තු මොනවාද තියෙන්නේ?

දැනට නම් තියෙන ලොකුම බලාපොරොත්තුව තමයි රංගනයෙන් හා නිරූපණය ගැන හොඳට ඉගෙන ගන්න එක.

 

කවුරු හරි මතක් කරන්න පිරිසක් ඉන්නවාද?

විශේෂයෙන්ම මගේ ආච්චි අම්මා, නැන්දලා, මැනික් අක්කි, මුතු අක්කි, සුරේෂ් බණ්ඩාර අයියා මතක් කරන්න ඕනේ. ඒ වගේම නික් සර්, ඒ වගේම රාජ් රණසිංහ සර්, පරාක්‍රම ජයසිංහ සර් මට හුඟක් උදවු කළා. ඒ වගේම සන්රත් සර් තව මං රංගනය ඉගෙන ගන්නවා. සුගත් සමරකෝන් සර් යටතේ. ඒ සර්වත් විශේෂයෙන් මතක් කරන්න ඕනේ.

 

ඩිලාන්

 

2016-12-21-ent-83
2016-12-21-ent-76
2016-12-21-ent-82
2016-12-21-ent-79
2016-12-21-ent-78
2016-12-21-ent-77