නිරූපණය ලේසි දෙයක් කියලා හිතුවට එහෙම නැහැ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2017-09-13-ent-120

නිරූපණ ක්‍ෂේත්‍රය තුළ දිනෙන් දින නවක මුහුණු දැක ගැනීමට හැකියාව ලැබෙනවා. ඒ අතරින් තමන්ගේ යම්කිසි අරමුණක් හරියාකාරව ඉෂ්ට කරගැනීමට වෙර දරණ තරුණියක් ගැන කතා කිරීමට අපි යොමු වෙනවා. ඇය නමින් චමෝදි හංසමාලි. පෞද්ගලික අංශයක රැකියාවේ නියුතු ඇය පාසල් කාලේ තිබුණු ආසාවක් හේතුවෙන් නිරූපණ ක්‍ෂේත්‍රයට පැමිණ තිබේ. ‘සාරවිට’ කතා බහ ඇය සමගයි.

 

මුලින්ම මට ඔයා ගැන කියන්න, නම? මොනවද කරන්නේ?

2017-09-13-ent-121මම චමෝදි හංසමාලි. වයස අවුරුදු 21 යි. මං පෞද්ගලික අංශයේ රැකියාවක් කරනවා. ඒ අතර නිරූපණ ක්‍ෂේත්‍රයේ වැඩ කරනවා.

 

ඇයි නිරූපණට ආවේ?

ඒක මගේ පාසල් කාලයේ ඉඳන් තිබ්බ ආසාවක්.

 

ගෙදරින් කැමති වුණාද?

ඔව්, එයාලා මගේ කැමැත්තට ඉඩ දුන්නා. ඒවගේම මං කරන හැම වැඩකදීම මගේ පිටිපස්සෙන් එයාලා ඉන්නවා.

 

නිරූපිකාවක් විමේ මූලික අරමුණ මොකක්ද?

මං කිව්වේ පොඩි කාලේ ඉඳන් තිබ්බ හීනයක්. නිරූපණය පැත්තෙන් ජාත්‍යන්තරය දක්වා යන්න බලාපොරොත්තු වෙනවා.

 

නිරූපණය ගැන හදාරනවාද?

ඔව්, ලේසි දෙයක් කියලා හිතුවේ. ඒත් එහෙම නැහැ. ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා. මං ඒ ගැන හදාරමින් තමා ඉදිරියට යන්න බලාපොරොත්තු වෙන්නේ.

 

නිරූපණය ගැන මොකද හිතෙන්නේ?

නිරූපණය ගැන මං හිතන්නේ, හැම විටම තමන්ට ගැළපෙන දේ පමණක් තෝරගෙන වගකීමෙන් එය ඉෂ්ට කිරීම නිරූපණයේදී වැදගත් වෙනවා. කිසිම විටකදී දකින කෙනාගේ අවධානය වැරදි පැත්තට යොමු නොවීමට අපි වග බලා ගන්න ඕනා. ඒකට අපි කරන්නේ මොකක්ද? අපි අඳින්නේ මොකක්ද? කියන එකට වඩා අපි කොයිතරම් දුරට එය හදාරලා තියෙනවාද? ඒ ඔස්සේ අපි කෙතරම් අත්දැකීම් ලබලා තියෙනවාද යන්න බලපානවා.

 

අද ගොඩක් නිරූපිකාවන් බිහිවෙන්නේ FB එකෙන්. ඔබත් එහෙම කෙනෙක්ද?

දැනට ගොඩක් දෙනෙක් අන්තර්ජාල හා සමාජ වෙබ් අඩවි පාවිච්චියට වැඩි කැමැත්තක් දකිනවා. ඒ හරහා අපේ නිරූපණ හැකියාව ප්‍රචලිත කිරීම කිසිසේත් වැරැද්දක් දකින්නේ නැහැ. අපි හැම වෙලේම හරි දේ කරනවා නම් අපි පාවිච්චි කරන්නේ කුමන මාධ්‍යක්ද යන්න වැදගත් නැහැ.

 

අද ගොඩක් අය ජනප්‍රිය වෙන්නේ අඩනිරුවත් Photo shoot කරලා. නවකයෙක් විදිහට ඔබ කියන්න ඒ දේ හරිද වැරදිද කියලා?

ඒ දේට මුල් වෙන්නේ තමන්ගේ අරමුණ. ප්‍රසිද්ධය සඳහා එවැනි දේ කිරීම කිසිසේත් අනුමත කරන්නේ නැහැ.

 

ඉදිරි බලාපොරොත්තු?

නිරූපණ ක්‍ෂේත්‍රයෙන් ජාත්‍යන්තරය දක්වා යන්න.

 

උදවු කරපු පිරිස් ඉන්නවාද මතක් කරන්න?

ඔව්, මගේ දෙමවුපියන්, මගේ පවුලේ අය. මගේ යාළුවෝ, මට වචනයකින් හරි උදවු කරපු හැම කෙනෙක්ම මතක් කරන්න අවස්ථාවක් කරගන්නවා.

 

2017-09-13-ent-119