නිරූපණය තුළ විවිධත්වයක් තියෙන්න ඕනෙ
තම හැකියාවන් හඳුනා ගෙන නිරූපණයට පිවිසි මනූජා විනෝදාංශයක් ලෙස නිරූපණයට පිවිස තිබේ. ඇගේ නිරූපණයට යොමුවීම පිළිබඳව ‘සාරවිට’ සමග දැක්වූ අදහසයි මේ
ඔබ ගැන පුංචි හැඳින්වීමක් කරන්න.
මගේ සම්පූර්ණ නම මනූජා ප්‍රියදර්ශනී බොතේජු. මම දැනටනම් රැකියාවක් කරන්නෙ නෑ ගෙදර ඉන්නෙ. මම විවාහකයි.
ඔයා කොයි කාලෙද මේ ෆීල්ඩ් එකට එන්නෙ?
මම 2012 ඉඳන් Modeling කළා. මම ගොඩක් කළේ bridal shoot. මම මුලින්ම bridal shoot පටන් ගත්තෙ මගෙ යාළුවෙක්ගෙ මාර්ගයෙන්. හර්ෂණී සිරිවර්ධනගෙ සැලූන් අංගාරි එකෙන් තමයි මම මුලින්ම bridal shoot පටන් ගත්තෙ. මම මැරි කළාට පස්සෙ නතර කරලා තිබිලා ආයෙ දැන් හර්ෂණී සිරිවර්ධන එක්කම තමයි ආයෙත් වැඩ පටන් ගත්තෙ.
ඔබ මෙය වෘත්තියක් වශයෙන්ද? විනෝදාංශයක් වශයෙන්ද මෙය කරන්නෙ?
මම මුලින්ම කළේ විනෝදාංශයක් විදියට. දැන් ඒක විනෝදාංශයයි. රැකියාවක්මත් නෙවෙයි මම ගෙදර ඉන්න ගමන් අදටත් විනෝදාංශයක් විදියට තමයි ඒ දේ කරන්නෙ.
පවුලේ අය ඉඩකඩ දුන්නද මේ ක්ෂේත්‍රයට එන්න?
මම මැරි කරන්න කලින් නම් එහෙම ප්‍රශ්නයක් තිබුණෙ නැහැ. දැනටත් නැහැ. ඔහු මාව තේරුම් අරගෙන ඉන්නවා. මම වැඩ වුනත් භාරගන්නෙ සීමාවක් ඇතිව. ඉතින් ඒ ගොල්ලන්ගෙන් මට ප්‍රශ්නයක් නැහැ.
ලංකාවෙ තරුණියන්ට නිරූපණය ගැළපෙනවද?
මෙහෙමයි ඉතින් ගැළපෙනවා කියන්නෙ තමන්ට ගැළපෙන විදියට තෝරගන්න ඕනෙ. මොකද මම විවාහකයි මම කරන්න ඕනෙ මට ගැළපෙන දේ. නමුත් සමාජය අද යන විදියට නිරූපණය තුළ හැම දෙයක්ම හැම පැත්තෙන්ම තියෙන්නත් ඕනෙ. නැත්නම් ඉතින් ඒකෙ විවිධත්වයක් නැති වෙනවානෙ. මම තෝරලා කරන දේ මම කරගෙන යනවා. නමුත් වෙන කෙනෙක් ඒ දේ කරපුවාම ඒකෙ විවිධත්වයක් තියනවානෙ. ඒක නිසා හැමෝම එකම රාමුවකට කොටු වෙන්න අවශ්‍ය නැහැ. තමන් කැමති දේ තමන්ට ගැළපෙන විදියට කළාම හරි.
විවාහක කාන්තාවක් විදියට ඔබ රාමුවකට කොටු වෙනවා ඒ නිසා ඔබට යම් දේවල් මග ඇරෙන්න පුළුවන් ඒ ගැන මොකද හිතෙන්නෙ?
නෑ ඒක ගැන කිසිම දුකක් නැහැ. මම මගෙ හැකියාවට අනුව මට ගැළපෙන දේ තමයි කරන්නෙ.
මේ ක්ෂේත්‍රය තුළ දිගටම රැඳී ඉන්න මොන මොන දේවල්ද අවශ්‍ය වෙන්නෙ?
මම හිතන්නෙ හැමදේම ඕනෙ. වාසනාව කියන දේ තියෙන්න ඕනෙ ලස්සන තියෙන්න ඕනෙ හැකියාව තියෙන්න ඕනෙ. ඒ වගේම මේකෙ අත්දැකීම් තියෙන්න ඕනෙ. මේ හැමදේම එකතු වුණොත් හොඳ ගමනක් යන්න පුළුවන්.
මේ ක්ෂේත්‍රයේදී සංස්කෘතියෙන් පිට දේවල් සමහරු කරනවා ඒ ගැන මොකද හිතන්නෙ?
නිරූපණ ක්ෂේත්‍රය කියන්නෙ ගොඩාක් පැතිවලින් තියන දෙයක්. පිටරට ඒකට කිසිම සංස්කෘතියක්, නීති එහෙම නෑ. ඒ ගොල්ලො ඒ දේවල් බොහොම නිදහසේ කරගෙන යනවා. ලංකාවෙ නම් ඒකට සංස්කෘතිය තමයි බලපාලා තියෙන්නෙ. ජාත්‍යන්තරයත් එකක් සම්බන්ධ වෙනකොට ඒක වෙනස් වෙන්න ඕනෙ. සංස්කෘතියත් එකක් කරන පිරිසකුත් ඉන්නවා ඊට එහා ගිය පිරිසකුත් ඉන්නවා මම නම් හිතන්නෙ මේ දෙකම තියෙන්න ඕනෙ කියලා.
නිරූපණය පැත්තෙන් විතරද ඔබ ක්ෂේත්‍රයේ රැඳී ඉන්නෙ, රංගනය පැත්තට යන්න අදහසක් නැද්ද?
කැමතියි හොඳ නිර්මාණයක් ලැබුණොත් කරනවා. කරන්න තියන චරිතත් එකක් සාමාන්‍ය හොඳ චරිතයක් ලැබුණොතින් මියුසික් වීඩියෝත් එකක් ඕනෙ දේකට යනවා.
ඒ කියන්නෙ හොඳ හා නරක විදියට චරිත තියනවද?
මෙහෙමයි මම විවාහකයි. මගෙ වයසටත් එක්ක ගැළපෙන එහෙම චරිතයක් ලැබුණොත් කරන්න ඕනෙ. මට ගොඩාක් පෙම්වතියගෙ චරිතයක් රඟපානවා කියලා මියුසික් වීඩියෝවල දැන් තියන විදියට රඟපාන්න අවශ්‍යතාවක් නැහැ. එහෙම කරන්න බැහැ. එහෙම හොඳ චරිතයක් ලැබුණොත් මම කරනවා.
එතකොට දැන් ඔබ නිරූපණයේ නියැළෙන්නෙ ඇයි?
මම විවාහ වුණාට පස්සෙ නතර කරලා තිබ්බා. මගේ හැකියාවක් තියනවා කියලා හිතුණ නිසා තමයි මම එකතු වුණේ.
නිරූපණය පිළිබඳව ඔබ හැදෑරීමක් කරලා තියෙනවාද?
මම දැනටනම් හදාරලා නෑ ඉදිරියට හදාරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. මම මේ වෙනකම් දැකපු දේවල් අත්දැකීම් එක්ක කරගෙන ආවෙ. ඉස්සරහට හැදෑරීමක් කරන්න බලාපොරොත්තු වෙනවා.
අත්දැකීමට වඩා යම් හැදෑරීමක් කළාම ඊට වඩා දෙයක් කරන්න පුළුවන් කියලා හිතනවාද?
ඔව් අනිවාර්යයෙන්ම ඒක එහෙම හිතනවා.
ඉරිදි බලාපොරොත්තු හා මතක් කළ යුතු පිරිසක් ඇති ඒ ගැනත් කියමු නේද?
ප්‍රධානම කෙනා තමයි හර්ෂණී සිරිවර්ධන. එයා තමයි මාව ඒ ක්ෂේත්‍රයට ගේන්න ගොඩක්ම උදවු වුණේ. ඊට පස්සෙ දිනූෂා සිරිවර්ධන. ඒ දෙන්නයි මගෙ අම්මා තාත්තා විශේෂයෙන්ම මගෙ හස්බන්. මොකද එයා ගොඩක් ලොකු විශ්වාසයකින් පැහැදීමකින් මේ දේවල්වලට මට අවසර දීලා තියනවා. රංගනයට එන්න බලාපොරොත්තු වෙනවා. මේ ක්ෂේත්‍රයෙන්ම ඉස්සරහට යන්න බලාපොරොත්තු වෙනවා.
Dilan Chryshantha / Pix - Ishan Sanjeewa