නිරූපණය කියන දේ වෘත්තීය වශයෙන් කරන්න බැහැ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2019-12-18-ent-1133

සමාජ මාධ්‍ය තුළ නිරන්තරයෙන් කතාබහට ලක්වන නිරූපිකාවක් විදිහට යාරා ඇලන්ව හඳුන්වන්න පුළුවන්. යාරාව බොහෝ දෙනෙක් නිරූපණ ශිල්පිනියක් ලෙසින් හඳුනාගත්තත් ඇය වෘත්තීයෙන් රූපලාවන්‍ය ශිල්පිනියක්. ඉතින් යාරාව අප සාරවිට කතාබහට එකතු කරගන්නට හිතුවේ මෙහෙමයි.

 

මේ දවස්වල වැඩ කටයුතු ගැන කිව්වොත්?

ෆොටෝෂූට්, ෆැෂන් ෂෝවලට සම්බන්ධ වෙනවා. සාමාන්‍ය විදිහට ජීවිතය ගෙනියනවා.2019-12-18-ent-1137

 

නිරූපණයට එකතු වුණු අතීතය ගැන කියමු?

නිරූපණ ශිල්පිනියක් විදිහට වැඩ කරන්න කලින් මම මේකප් ආර්ටිස්ට් කෙනෙක් විදිහට වැඩ කරා. මම නිදහස් කොණ්ඩා සැකසුම් සහ රූපලාවන්‍ය ශිල්පිනියක්. ඒ නිසා මම නිරූපණ ශිල්පිනියන්, ඡායාරූප ශිල්පීන් හඳුනනවා. එයාලාගේ වැඩවලට කතා කරා. එහෙම තමයි නිරූපිකාවක් විදිහට ක්ෂේත්‍රයට සම්බන්ධ වුණේ.

 

නිරූපණ ශිල්පිනියක් විදිහට ක්ෂේත්‍රය දකින්නේ කොහොමද?

ගොඩක් අය ආසයි අද නිරූපණයට එකතු වෙන්න. ක්ෂේත්‍රය හොඳයි. තමන් දන්නවා නම් යන තැන, වැඩ කරන්න ඕන විදිහ ඇත්තටම ලොකු ගමනක් යන්න පුළුවන්.

 

දැන් මේකප් ආර්ටිස්ට් කෙනෙක් නෙවෙයිද?

මම මේකප් අත් හැරියේ නැහැ. නිරූපණය කියන දේ ඇත්තටම වෘත්තීය වශයෙන් කරන්න බැහැ. ඒක විනෝදාංශයක් විදිහට කරන්න පුළුවන් දෙයක්. ඒ නිසා මගේ වෘත්තීය මම අත් හැරියේ නැහැ. අදටත් මම මේකප් ආර්ටිස් කෙනෙක් විදිහට වැඩ කරනවා.

 

නිරූපණය වෘත්තීයක් විදිහට කරන්න බැරි ඇයි?

සාමාන්‍යයෙන් නිරූපණ ශිල්පිනයකගේ පීක් ටයිම් එක කෙටියි. අවුරුදු තුනක් පහක් විතර. ඊට පස්සෙ අළුත් මුහුණු එනවා. ඒ අයට තැන දෙන්න වෙනවා. එතකොට වෘත්තීයක් විදිහට නිරූපණය කරන්න අමාරුයි. එතකොට අපේ පෞද්ගලික දේවල් කරගන්න අපට රැකියාවක් අවශ්‍ය වනවා. ඒක සාමාන්‍යයි.

 

අළුත් ශිල්පිනියන් එකතු වෙන එක හොඳයි කියලා හිතනවාද?

ඔව්. අළුත් මුහුණු එන එක ප්‍රශ්නයක් නැහැ. අවුරුදු විස්සෙදි මොඩ්ලින් පටන් ගත්තා නම් අවුරුදු තිහ විතර වෙද්දි එයාගේ ලස්සන යනවා. රූපය හැමදාම එකම විදිහට තියෙන්නේ නැහැනේ. එතකොට අළුත් අය එන එක සාමාන්‍ය දෙයක්. අපිට කියන්න බැහැ අවුරුදු පණහක් ගියාමත් මට වැඩ දෙන්න කියලා. අළුත් මුහුණු හැමෝම දකින්න කැමතියි. වෙනස් හැඩ දකින්න කැමතියි.

 

ඉදිරි වැඩකටයුතු ගැන කිව්වොත්?

එහෙම ලොකු බලාපොරොත්තු නැහැ. මගේ වැඩ ටික කරගෙන, මගේ පාඩුවේ ජීවත් වෙන එක තමයි තියෙන්නේ.

 

nude art ගැන බොහෝ දෙනා අද කතා වෙනවා?

මෙහෙමයි. මොඩ්ලින්වල nude art කියලා කොටසක් තිබෙනවා. ඒක කලාවක්. ඒ වුණාට හරි විදිහට කරන කෙනෙක්, හරි තැනදි පාවිච්චි කරන්න පුළුවන් කෙනෙක් කරනවා නම් කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒක ආර්ට් එකක් විදිහට පෙන්වනවා නම් ෆොටෝග්‍රැෆර් හෝ මොඩ්ලර් හෝ කිසි ප්‍රශ්නයක් නැහැ. නමුත් nude එක භාවිතා කරලා ජනප්‍රිය වෙන්න උත්සාහ කරනවා නම් ඒක හොඳ දෙයක් විදිහට මම දකින්නේ නැහැ.

 

නිරූපණ ශිල්පිනියන් අතරේ තරඟයක් තියෙනවා කියන්නේ ඇත්තද?

නැහැ. තරඟයක් නැහැ. අපි සහයෝගයෙන් වැඩ කරගෙන යනවා.

 

මේ ආපු ගමනේ උදව් කරපු පිරිස ගැන කිව්වොත්?

මුලින්ම මතක් කරන්න ඕනේ මගේ අම්මා ඇතුළු ගෙදර කට්ටියව. සාමාන්‍යයෙන් බොහෝ ගෙවල්වලින් කැමති වෙන්නේ නැහැ නිරූපණය කරනවාට. අපේ ගෙදරින් එහෙම ප්‍රශ්නයක් නැහැ. ඒ වගේම මගේ පෙම්වතා මට ගොඩක් උදව් කරනවා. ඒ වගේම මගේ යාළුවන්වත් මම මතක් කරනවා.

 

කැළුම් දේවින්ද / ඡායාරූප - පසන් ශේනුක සෙනෙවිරත්න

 

 2019-12-18-ent-1134 2019-12-18-ent-1135 2019-12-18-ent-1136