නිරූපණය කියන දේට දැනුමක් ඕනේ
නිරූපණ කියන දේ දිනෙන් දින ව්‍යාප්ත වන ක්ෂේත්රයක් වී තිබෙනවා. ඒ සඳහා දිනෙන් දින බොහෝ දෙනෙක් එකතු වෙනවා. මේ එකතු වෙන අය අතරින් තම රටට ගෞරවයක් ලබා දීමට උත්සහ ගනිමින් සිටින කෙනෙක් ලෙස මැයව හැඳින්වීමට පුළුවන්. ඇය නමින් හිරුණි වන්නිආරච්චි. Miss Sri lanka for USA කිරුළ හිමි ඇය මෙවර ‘සාරවිට’ කතාබහට මෙලෙස එක්විය.
මම හිරුණි වන්නිආරච්චි. නිරූපණ ශිල්පිනියක් විදිහට කටයුතු කරනවා. නර්ථන ශිල්පිනියක් විදිහට කටයුතු කරා.
මේ දවස් නිරූපණය පැත්තෙන් දැවැන්ත වැඩක් සඳහා දායක වෙලා තියෙනවා නේද?
නිරූපණය පැත්තෙන් මම පැජන්ට් එකක් සඳහා අයදුම් කලා. ඒක මගේ පළවෙනි පැජන්ට් එක. මම Miss & Mrs Sri Lanka for USA – 2018 පැජන්ට් එකේ Miss ටයිටල් එක ජයග්‍රහනය කලා. ඒක තමයි මගේ මේ වෙද්දි දායක වෙන්න තියෙන ජාත්‍යන්තර තරගය වෙන්නේ. එකේ තරගය තියෙනවා 2019 දී. 2018 තරගයට දායක වෙන්න ලැබෙන්නේ නැහැ යම් යම් හේතු කිහිපයක් නිසා. ඒක මඟ හැරුණා. ඒ නිසා 2019 තරගය තමයි මම මුහුණ දෙන්න ඉන්නේ. ඒකට සූදානම් වෙමින් ඒ සඳහා අවශ්‍ය වැඩ කටයුතු මේ දවස්වල කරගෙන යනවා.
නිරූපණය ඇවිත් කොච්චර කල් වෙනවාද?
නිරූපණයට ඇවිත් අවුරුදු එකහමාරක් විතර වගේ වෙනවා. නිරූපණය මම එන්නේ ‘කැට් වෝල්ක් ඇකඩමිය’ හරහා. එතනට සම්බන්ධ වෙලා දිල්හානි දේදුනු මිස් යටතේ සහ රෝෂිත රයන් යටතේ නිරූපණ කලාව මම ඉගෙන ගන්නවා. එහි උපාධි අවස්ථාවෙත් මම තමයි කිරුළ පළදින්නේ. ඊට පස්සේ තමයි Miss & Mrs Sri Lanka for USA – 2018 තරගයට අයදුම් කරලා ඒකෙන් ජයග්‍රහනය ලබන්නේ.
නිරූපණයට එන්නේ ඇයි?
ඇත්තටම මම කලේ නර්තනය. නර්තන ශිල්පිනියක් විදිහට තමයි මගේ හැම දෙයක්ම තිබුණේ. මම ෆැෂන් මොඩල් වලට තමයි වැඩිය කැමති. එහෙම ඉද්දී පාඨමාලාවක් තිබිලා ඒ සඳහා අයදුම් කරලා තමයි නිරූපණය කියන ක්ෂේත්රයට මම එන්නේ.
එතකොට නර්තනයට මොකද වෙන්නේ?
නර්තනය කියන දේ අත හැරලා නැහැ. නමුත් ලැබුණු කිරුළත් එක්ක සමහර දේවල් මැනේජ් කරන්න වෙනවානේ. ඉතිං ඒ නිසා නර්තනය කියන දේ පොඩ්ඩක් පස්සට තියලා තියෙනවා.
නිරූපණයට අද ලැබෙන තැන ගැන මොකද හිතෙන්නේ?
මොඩලින් කියන්නේ ඇත්තටම ලොකු විෂයපතයක්. මේ විශය තුළ ආගම දහම සංස්කෘතිය කියන දේ මූලිකව තියෙනවා. අපිට මේ තුළදී යම් කිසි සීමාවන් ඇතුව තමයි කටයුතු කරන්න වෙන්නේ. අපි යම් කිසි ඇඳුමක් ඉදිරිපත් කරනවා නම් අපේ රටේ තියෙන සංස්කෘතිය සහ ඒ කාරණාවන් සමග ගැලපෙනවාද කියන දේ ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. අපේ ප්‍රවීණ අයත් එක්ක කතා කරාම මේ නිරූපණය කියන දේ උපරිම විනයක් සහ සන්යමයකින් තමයි යන්නේ. නමුත් මම දකිනවා අද FB මොඩල් කියලා පිරිසක් ඉන්නවා. තව ෂූට් එකක් කරනවා. ඊට පස්සේ එයා මොඩල් කියලා කියනවා. ඉතිං සමාජයේ බහුතරයක් මිනිස්සු සම්බන්ධ වෙන්නේ ඒ නිරූපිකාවන් එක්ක. මම දකින දෙයක් තමයි ලංකාවේ ප්‍රසිද්ධ වෙළෙඳ නාමයක් යටතේ නිරූපණය කරන කෙනෙක් සහ ගහක් යට තමන්ගේ නිරූපණය පෙන්වන නිරූපිකාවක් අතරේ ලොකු පරතරයක් සහ වෙනසක් තියෙනවා. ඉතිං ඒ වුණාම සමාජය දකින්නේ නිරූපණය කියන දේ පහත් විදිහටයි. හැබැයි නිරූපණයට වටිනාකමක් සහ සමාජයේ යම් කිසි පිළිගැනීමක් ලබා දෙන්නේ අපේ ප්‍රවීණ නිරූපණ ශිල්පී ගොඩක් මහන්සි වෙලා තියෙනවා කියලා අපි දැනගන්න ඕනේ. නිරූපණ කලාව කියන්නේ වැරදි දෙයක් නෙමෙයි.
FB හරහා ඇයි ගොඩක් නිරූපිකාවන් බිහි වෙන්නේ?
වැඩිම ප්‍රසිද්ධියක් ලබා ගන්න පුළුවන් මාධ්‍යයක් විදිහට අද ෆේස්බුක් මාධ්‍ය හඳුන් වන්න පුළුවන්. අද වෙද්දී මානසිකව ගොඩක් ඇබ්බැයි වෙලා ඉන්න තැනක් තමයි මේ ෆේස්බුක් කියන්නේ. අද ටීවී එකට වඩා ගොඩක් දෙනෙක් භාවිතා කරන්නේ මේ ෆේස්බුක් මාධ්‍යයි. ඒ නිසා තමයි ගොඩක් අය මේක තුළින් ජනප්‍රියත්වය හොයන්නේ. ඇත්තටම ඒක හොඳ ජනප්‍රිය මාධ්‍යයක්. නමුත් නිරූපිකාවක් කියන්නේ ෆේස්බුක් එකෙන් පමණක් ප්‍රසිද්ධ වෙන කෙනෙක්ට නම් නෙමෙයි.
නිරූපණය අවබෝධයක් නැතුව කරන්න පුළුවන්ද?
නිරූපණය කියන දේට දැනුමක් ඕනේ. අවබෝධයක් නැතුව කිසිම දෙයක් කරන්න බැහැ.
නිරූපණය කියන මේ විෂය ලංකාව තුළ ප්‍රමිතියක් ඇතිව ඉගෙන ගන්න තැන් තියෙනවාද?
ඇත්තටම මට ඒ ගැන උත්තරයක් දෙන්න බැහැ. මොකද මමත් තාම මේ ගැන ඉගෙන ගනිමින් ඉදිරියට යන කෙනෙක් නිසා. මම Crown Holder කෙනෙක් වුණාට ඒ ගැන මමත් ඉගෙන ගන්නවා. ඒ ප්‍රශ්නයට උත්තරයක් මං ගාව නැහැ.
ඉදිරි බලාපොරොත්තු ගැන කිව්වොත්?
ජාත්‍යන්තර මට්ටමේ නිරූපණ ක්ෂේත්රයට යන්න තමයි මගේ බලාපොරොත්තුව. මගේ ඩිප්ලෝමා එක වගේම ඉගෙනීම තමයි.
ගෙදරින් ලැබෙන සහයෝගය?
මගේ අම්මා දිමුතු ප්‍රියංගිකා, තාත්තා සමන්ත වන්නිආරච්චි, මට සහෝදරයන් දෙන්නෙක් ඉන්නවා. නාමල් මධුසංඛ වන්නිආරච්චි සහ යශෝද රශ්මික වන්නිආරච්චි. විශේෂයෙන් තමිඳ තත්සර. මේ අය තමයි මගේ ශක්තිය. මගේ අම්මා තමයි මගේ ලොකුම Help එක. මම මෙතන ඉන්නේ එයාගේ ශක්තිය නිසා. මම 9 වසරේ වගේ ඉඳන් තමයි නර්තනය කරන්නේ. 2017 තමයි නිරූපණයට ආවේ. අම්මා තමයි ලොකු ශක්තියක් වෙලා, “ඔයා මේක කරන්න. අපි තෝරගෙන හරි දේවල් විතරක් කරමු” කියලා කිව්වේ එයයි. 2017 දී මම නිරූපණයට ඇවිත් මම Title දෙකක් Win කරලා තියෙනවා. Miss Cat Walk for 2017 සහ Miss Sri Lanka for USA 2018 කියන දෙකයි. මේ හැමදේටම ශක්තිය අම්මා තමයි.
ආපු ගමන ගැන මොකද හිතෙන්නේ?
මම මේකට අඩිය තිබ්බා විතරයි. ලොකු විෂයපතයක් තුළ වැඩකරන්න ලොකු දැනුමක් අවශ්‍යයි. නිරූපණය කියන්නේ අපිට ආවාට ගියාට කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. බියුටි විතරක් නෙමෙයි මොඩල් කියන්නේ. අපි Photograph එකක් පවා මැනේජ් කරගන්න දැනුමක් තියෙන්න ඕනේ. මට ගොඩක් දේවල් ඉගෙන ගන්න තියෙනවා. මේ තමයි මගේ ආරම්භය.
අවසන් වශයෙන් කිව්වොත් උදව් කරපු අය?
මගේ මුල් ගුරුවරයා දිල්හානි දේදුනු මිස්ටත්, රෝෂිත රයන්ටත්, , මගේ පැජන්ට් එකට උදව් කරපු රොසෙල් ප්ලන්කට් මිස්ටත්, චන්දි අලුවිහාරේ මිස්ටත් මම ගොඩක් ස්තූති වන්ත වෙනවා.
Dilan Chryshantha / Pix - Sajeewa Lakshan