නිරූපණය කියන්නේ ලේසි දෙයක් නෙවෙයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2018-01-05-ent-59

කෝෂි පෙරේරා කියන්නේ නවක නිරූපණ ශිල්පිනියක්. ඇය දැනට ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයේ අංශයේ උපාධියක් හදාරමින් සිටින අතර නිරූපණ ක්ෂේත්‍රයේ නිරත වෙනවා. කෝෂි සාරවිටට එකතු වුණේ මේ විදියට.

 

මුලින්ම ඔයා ගැන කිව්වොත්?2018-01-05-ent-60

මම කෝෂී පෙරේරා. මගේ පදිංචිය ජා-ඇල. මගේ පාසල ගම්පහ සිරි කුරුස විද්‍යාලය. දැනට මම ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයේ ගිණුම්කරණ අංශයේ උපාධියක් හදාරනවා. ඒ අතර නිරූපණ වැඩත් කරගෙන යනවා.

 

ඇයි නිරූපණය කියන දේට එකතු වෙන්නේ?

මගේ ලොකු ආසාවක් තිබුනා නිරූපණ ක්ෂේත්‍රයට එන්න. ඒක නිසා ටිකක් ඒ පැත්තට යොමුවෙන්න තීරණය කරා.

 

කොයි කාලේද නිරූපණයට එකතු වුණේ?

දැනට ලොකු කාලයක් නැහැ. අවුරුද්දක් විතර ඇති.

 

අද බොහෝ දෙනා නිරූපණයට එකතු වෙනවා නේද?

ඔව් ඇත්තටම. ඒත් ඒ අතරින් බොහෝ දෙනා මේ ගැන කිසි අවබෝධයකින් තොරව වැඩ කරන්නේ. ඉතින් මට හිතෙන්නේ නිරූපණය කියන දේ ගැන හොඳ දැනුමක් ලබාගෙන මේ ක්ෂේත්‍රයේ වැඩ කරන්න ඕනේ. නැතුව.

 

මේ ක්ෂේත්‍රය ලේසිද?

සමහරු නම් කියනවා මේ ක්ෂේත්‍රය ලේසී කියලා. ඒත් මගේ මතය නම් මේ නිරූපණය කියන්නේ ලේසි දෙයක් නෙවෙයි. මොකද අපි මේ ක්ෂේත්‍ර යේ ඉදිරියට යන්න ඕනේ නම් පියවරෙන් පියවර යන්න ඕනේ.

 

මේ පිළිබඳව හදාරන්නම ඕනේද?

මේ ගැන දැනුමක් අවශ්‍යයි කියලා මමත් හිතනවා. අනිවාර්යෙන්ම අපි ප්‍රවීණ අයගෙන් ඉගෙන ගන්න ඕනේ. එහෙම වුනොත් ඉදිරියට යන්න ඉන්න නවකයන්ට ඒක වටිනවා.

 

වෘත්තීමය වශයෙන් නිරූපණය කියන ක්ෂේත්‍රය තෝරගන්නද බලාපොරොත්තු වෙන්නේ?

නැහැ. මම නිරූපණ වැඩ කරන්නේ මගේ විනෝදාස්වාදයක් විදියට. මගේ වෙනත් බලාපොරොත්තුවක් තියෙනවා.

 

කෝෂිගේ ඉදිරි බලාපොරොත්තු ගැන කිව්වොත්?

මගේ උපාධි කටයුතු සම්පූර්ණ කරන එක තමයි මේ වෙලාවේ තියෙන ලොකුම බලාපොරොත්තුව. ඊට අමතරව නිරූපණ වැඩත් කරගෙන ඉස්සරහට යන්න බලාපොරොත්තු වෙනවා.

 

අවසාන වශයෙන් කිව්වොත් මේ ගමනට අත දුන්න අය ගැන?

අම්මා, තාත්තා, අක්කලා දෙන්නා. ඒ වගේම රිෂාන්, විශ්ව, මට මුලින්ම නිරූපණය ගැන කියලා දුන්න නිලූ සේනානායක සහ අර්ජුන සේනානායක, මට විවිධ අයුරින් සහයෝගය දුන් සියලු දෙනාටම මම මේ අවස්ථාවේ ස්තූති වෙනවා.

 

Dilan Chryshantha

 

2018-01-05-ent-57 2018-01-05-ent-62 2018-01-05-ent-61