නිරූපණය කියන්නේ සුන්දර කලාවක්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2017-02-22-ent-117

දිගු කාලයක් තිස්සේ නිරූපණ ක්ෂේත්‍රය තුළ කටයුතු කරන ධනුකි බණ්ඩාර සමගින් අද ‘සාරවිට’ තරු කතා බහ අරඹන්නට අපි බලාපොරොත්තු වුණේමු. මේ වනවිට කලා නිර්මාණ බොහොමයකට සිය දායකත්වය සපයා ඇති ධනුකි නිරූපිකාවක් ලෙස දිගු ගමනක් යන්නට වෙර දරන මෝස්තර නිරූපිකාවක් ලෙසද හැදින්විය හැකිය.

 

නිරූපණ ක්ෂේත්‍රයට ආවේ කොහොමද? කොයි කාලේද?

2017-02-22-ent-120ක්ෂේත්‍රයට ආවේ නම් 2012 අවුරුද්දේ. දැන් අවුරුදු 5ක් වෙනවා මේ ක්ෂේත්‍රයට ඇවිල්ලා. නදීකා පෙරේරා නිරූපණ පාසලෙන් තමයි මූලික හැදෑරීම් කළේ. මුලින්ම නිරූපිකාවක් විදිහට හැඩ වුණේ රූපලාවණ්‍ය ශිල්පිණි ශිරෝමි ලංකා අතින්. ඇය මාව ජාතික රූපවාහිනියේ විකාශය වන ‘නුගසෙවණ’ වැඩසටහනට මාව මනාලියක් ලෙස ඉදිරිපත් කළා. ඒ එක්කම වගේ මට අවස්ථාවක් ලැබුණා සඟරාවක පළවුණ ඡායාරූප කිහිපයකටත් පෙනි සිටින්න. ඔය විදිහට තමයි නිරූපණ ක්ෂේත්‍රයට ආවේ.

 

නිරූපිකාවක් විදිහට දායක වුණ කලා කටයුතු මොනවද?

ක්ෂේත්‍රයට ඇවිල්ලා මා ගෙවපු මේ අවුරුදු 5ක කාලය තුළ මම ගොඩක්ම කළෙ මනාලියක් විදිහට හැඬවලා එක එක වැඩසටහන්වලට ඉදිරිපත් වුණ එක. ඊට අමතරව පුවත්පත්, සඟරා හා රූපවාහිනි වැඩසටහන්වලට මම නිරූපිකාවක් විදිහට ඡායාරූප හා වීඩියෝවලට පෙනී ඉඳලා තියෙනවා. ගීත රූප රචනා, වෙළෙඳ දැන්වීම් වගේ දේවල්වලට දායක වෙන්න ආරාධනා නම් ගොඩක් ලැබුණා. එත්, අධ්‍යාපන කටයුතුවලට මුල්වෙලා හිටිය නිසා ඒ ආරාධනා ප්‍රතික්ෂේප කරන්න මට සිදුවුණා.

 

නිරූපිකාවක් වෙන්න හිතුණේ ඇයි?

තෙරේන කාලේ ඉඳලා මට ලොකු ආසාවක් තිබුණා නිරූපිකාවක් විදිහට කටයුතු කරන්න. නිරූපණය කියන්නේ හරිම ආකාර්ෂණීය ඒකාකාරී නොවන ක්ෂේත්‍රයක්. මට ඒකට දක්ෂතාවක් තිබුණා. ඒ වගේම මගේ ස්වරූපයත් නිරූපණයට ගැළපුණා. ඒ හින්දා ගොඩ දෙනෙක් කිව්වා ක්ෂේත්‍රයට සම්බන්ධ වෙලා වැඩ කරන්න කියලා. නිරූපණය කියන්නේ සුන්දර කලාවක්. ඒ හින්දා මම ගොඩක් ආස වුණ නිරූපණ ක්ෂේත්‍රයට යොමු වෙන්න.

 

මේ ගෙවුණු කාලය තුළ නිරූපිකාවක් විදිහට ඔබ ආපු ගමන් මග ගැන කතා කළොත්?

මේ කාලය තුළ නිරූපිකාවක් විදිහට යම් තැනකට මට එන්න හැකි වුණා. ඒ ගැන ගොඩක් සතුටුයි. හැබැයි මේක බාධක මැද ආපු ගමනක්. තව යන්න ලොකු දුරක් මේ ක්ෂේත්‍රය තුළ තියෙනවා. මගේ හිතේ තියනවා මේ ක්ෂේත්‍රය තුළින් ඉහළටම යන්න. මම හිතන විදිහට දක්ෂතාවය, රූපය වගේම වාසනාවත් තියෙන්නේ ඕනා මේ ක්ෂේත්‍රය තුළ ඉදිරියට යන්න.

 

ක්ෂේත්‍රය තුළ ඉලක්ක මොනවද?

මගේ තියෙන එකම ඉලක්කය තමයි නිරූපිකාවක් විදිහට නමක් හදාගන්න. ඒ වගේම සුපර් මොඩල් කෙනෙක් වෙන්නත් ලොකු ආසාවක් තියෙනවා. ඒ වගේම මනාලියක් විදිහට පමණක් නොවෙයි අනෙකුත් විලාසිතා සඳහාත් යොමු වෙන්න මගේ අදහසක් තියෙනවා. ඒ වගේම නිරූපණ ක්ෂේත්‍රය තුළ මටම ආවේණික වු අනන්‍යතාවක් ගොඩ නගා ගන්නත් මම උත්සාහ කරනවා.

 

උදවු කළ පිරිස?

ලොකුම සහයෝගය ලැබුණේ මගේ පවුලේ කට්ටියගෙන්. ගෙදරින් තමයි මට මුලින්ම නිරූපණ ක්ෂේත්‍රයට යොමු වෙන්න අවසර දුන්නේ. ඒ වගේම හැම වැඩකටම යොමු වෙන්න මට නිදහසත් දුන්නා. නිරූපණ පාසලට මාව බලෙන්ම එක්කගෙන ගියේ කසුන් තරිඳු මල්ලි. ඒයා තමයි මට මුලින්ම මේ ක්ෂේත්‍රයට එන්න උදවු කළේ. ශිරෝමි ලංකා අක්කා, මංජුල පුෂ්පකුමාර, මංජු ශාන්ත අයියා, ප්‍රසන්න හෙට්ටිආරච්චි අයියා මේ වෙලාවේදි මතක් කරන්න ඕනා. මේ දවස්වල හැමෝම කතා වෙන මගේ අලුත්ම පොටෝ ෂුට් එක කළ අශාන්ති අක්කා, ඡායාරූප ශිල්පි රනුක විජේවර්ධන අයියා දෙන්නාවත් විශේෂයෙන්ම මතක් කරන්න අවශ්‍යයි.

 

බුද්ධික සේනාධීර

 

 2017-02-22-ent-118
2017-02-22-ent-119