නිරූපණය ක්ෂේත්රය ගොඩක් හොදයි
නිරූපණයට නවකයෙකු වන ඇය නමින් තරුෂි ආකාශා වේ. නිරූපණ ක්ෂේත්රයට ඇති කැමැත්ත හේතුවෙන් ඇය මේවනවිට නිරූපිකාවක් වශයෙන් කටයුතු කරනු ලබයි. තම ක්ෂේත්රය පිළිබඳව කතාබහ කිරීමට ‘සාරවිට’ සමග මෙලෙස ඇය එක්විය.
මුලින්ම ඔයා ගැන කිව්වොත්?
මම තරුෂි ආකාශා. වයස 23.
නිරූපණය කරන්නේ කොයි කාලේ ඉඳන්ද?
අවුරුද්දක් පමණ
ඇයි නිරූපණය කරන්න හිතුවේ?
කුඩා කාලේ ඉදලාම කැමැත්තක් තිබුනා..
ගෙදරින් අවසර ලැබුණද?
පොඩ්ඩක් අකමැති උනා එත් අවසර ගත්තා.. මුලින් නම් ලොකු කැමැත්තක් තිබුනේ නෑ..
දැනට නිරූපණයෙන් දායක වෙලා තියන දේවල් ගැන කිව්වොත්?
ගොඩක්ම කරලා තියෙන්නේ පොටෝ ෂුට්වලට පෙනි හිටිය එක තමයි.
රංගනයට කැමැත්තක් නැද්ද?
කැමතියි එත් එකට තාම අවස්ථාවක් ලැබුණේ නෑ.
ආරාධනාවක් ලැබුණොත්?
ගැලපෙන, හොද නිර්මාණයක් ලැබුනොත් කරන්න බලාපොරොත්තු වෙනවා..
නිරූපණය ගැන මොකද හිතෙන්නේ?
නිරූපණය ක්ෂේත්රය ගොඩක් හොදයි. හොද වගේම විවිධ පුද්ගලයන්ගේ විවේචනයටත් පත් වෙනවා.. තමන්ට ගැලපෙන හොද නිර්මාණය වලට දායක උනා නම් නිරූපණය ක්ෂේත්රයේ මිට වඩා හොද පිළිගැනීමට ලක් වෙන්න පුලුවන්..
වර්තමානයේ මේ ක්ෂේත්රය තරුණියන්ට ගැලපෙනවා කියලා හිතනවාද?
දක්ෂතා තියෙනවා නම් හොද නරක තෝරා බේරා ගන්න පුලුවන් නම් මේ ක්ෂේත්රයේ නරකක් මම දකින්නේ නෑ.
ඉදිරි බලාපොරොත්තු ගැන කිව්වොත්?
මේ වසරේදී නිවසක් සදා ගන්න එක තමයි ලොකුම බලාපොරොත්තුව.. ඊට අමතරව නිරූපණයට හැකි අයුරින් සම්බන්ධ වෙන්න බලාපොරොත්තු වෙනවා..
කවුරු හරි මතක් කරන්න පිරිසක් ඉන්නවාද ඔයාගේ ගමනට උදව් කරපු?
මගේ ගෙදර අයයි.. විශේෂයෙන් කසුන් අයියා,භාශන මල්ලි,ගිහාන් මල්ලි,හශාන් අයියා මතක් කරන්න ඔනි. ඒ වගේම 'ෆේස්බුක්' එකේ යාලුවෝ හැමෝටමත් ස්තුතිය පිරිනමන්න කැමතියි. නම් වශයෙන් නොකියුවත් මට උදවු කරපු සැම දෙනාටම කෘතවේදීත්වය පිරිනමනවා.