නිරූපණය කටයුතු කිරීමටත් අධ්‍යාපනය අවශ්‍යයි
වෘත්තීය වශයෙන් වෙනත් ක්ෂේත්‍ර පිළිබඳව අදහසක් ඇතිවුවද, විනෝදාංශයක් ලෙස නිරූපණ ක්ෂේත්රයට ඇතුළු වූ ඇය නේත්‍රා වීරසිංහ නම් වේ.වෙළෙඳ දැන්වීම් ඔස්සේ ජනප්‍රියත්වයක් හිමිකරගත් ඇය මෙවර තරු කතාබහට අප එක්කරගනු ලැබුවෙමු.
ඔබගේ අලුත් තොරතුරු මොනවාද?
ඇත්තටම මේ දවස්වල නම් ලොකු විශේෂ වැඩකටයුත්තක් නැහැ. මගේ නිරූපණ වැඩකටයුතු කරගෙන ඉන්නවා.
ඔබ නිරූපණ ක්ෂේත්රයට ඇවිත් කොච්චර කාලයක් වෙනවාද?
මම විශ්වවිද්‍යාල කාලයේදී තමයි නිරූපණයට ආවේ. 2015 දී එහි තිබ්බ ෆැෂන් ශෝ එකකින්. මම උපාධිය හදාරලා අවසන් වුණායින් පස්සේ තමයි මේ වැඩකටයුතු කරන්න ගත්තේ. ඒ ඉඳන් දැන් වෙනකම් මෙම වැඩකටයුතු කරගෙන යනවා.
ඔබ මියුසික් විඩියෝවලට දායක වුණේ කොයි කාලයේදීද?
2016 අවුරුද්දේ ඉඳන්. හැබැයි ගොඩාක් වීඩියෝ සඳහා නම් දායක වෙලා නැහැ. මම ටිකක් නිර්මාණ තෝරලා බේරලා තමයි කටයුතු කරන්නේ. හොඳ වැඩක් නම් කරනවා.
ඒවායින් වැඩියෙන්ම ජනප්‍රිය වුණේ මොන ගීතයද?
ගීත කිහිපයක්ම ජනප්‍රිය වුණා. ඒ අතරින් රුවන් හෙට්ටිආරච්චි අයියාගේ %ඇමතුමක්^ ගීතය. සජීව දිසානායක ගායනා කරන %දවසක් ඒවිද^ කියන ගීතය විශේෂයි. මාව ගොඩක් අය දැන ගත්තේ සජීව අයියාගේ %දවසක් ඒවිද^ කියන ගීතය නිසයි. එය අධ්‍යක්ෂණය කළේ සංදේශ් අයියයි. ඒ ගීත දෙක තමයි ගොඩක් දුරට ජනප්‍රිය වුණේ.
රංගනයට එන්න ඔබගේ වැඩිපුර කැමැත්තක් නැද්ද?
මම දැනට ටෙලි නාට්‍යය මාලාවක් කරලා තියෙනවා. නමුත් රංගනයට පැත්තට එන්න කියලා එහෙම විශේෂ අදහසක් නැහැ.
වර්තමානයේ ගොඩක් අය නිරූපණයට එන්නේ රංගනයට පැමිණීමට බලාපොරොත්තුවෙන්. නමුත් අවස්ථාවන් ලැබිලත් ඇයි ඔබ රංගනයට එන්නේ නැත්තේ?
රංගනයට එන්න මම ලොකුවට එන්න හිතලත් නැහැ. ඇත්තටම මට දැන් ඕනකම තියෙන්නේ මම ඉගෙන ගත්ත දෙයින් ඉදිරියට යන්නයි. ඒක නිසා රංගනයට ගැන ලොකුවට හිතන්නේ නැහැ. රංගනයට එන්නත් ඉගෙන ගන්න එපැයි. දෙයක් ඉගෙන ගන්නේ නැතුව ඇවිල්ලා වැඩක් නැහැනේ. මම උපාධිය ගත්තේ ගිණුම්කරණය පැත්තෙන්. ඒ නිසා ඒ වෘත්තීය පැත්තෙන් ඉස්සරහට යන්න තමයි දැන් බලාපොරොත්තු වෙන්නේ.
අධ්‍යාපන කටයුතුත් එක්ක නිරූපණ ක්ෂේත්‍රෙය් කටයුතුකිරීම බාධාවක් වුණේ නැද්ද?
මම ගොඩක්ම වැඩ බාර ගත්තේ මට Lectures නැති දවස්වලයි. මම ගොඩක් වැඩ කටයුතු කළේ විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන කටයුතු අවසන් වුණාමයි. ඉගෙන ගත්ත කාලෙත් වෙළෙඳ දැන්වීම දෙක තුනක් සඳහා දායක වුණා.
මෑතකදී ඔබ මියුසික් වීඩියෝ සඳහා දායක වුණේ නැද්ද?
මෑතකදී කළේ නැහැ. අන්තීමට කළේ රන්දීර්ගේ %සියුමැලියේ^ මියුසික් වීඩියෝවයි.
ඔබට අද ලැබෙන රසික ආදරය ගැන මොකද හිතෙන්නේ?
ඇත්තටම හරි සතුටුයි. මොකද එහෙම දෙයක් බලාපොරොත්තු වුණේ නැති නිසා. මම දෙයක් කරලා ඒක අගය කිරීමක් වශයෙන්නේ මේ ආදරය ලබන්නේ. මොන නිර්මාණයක් කළත් කණ්ඩායමක් වශයෙන් තමයි කරන්නේ. ඉතිං හැමෝටම ඒ සතුට ලැබෙනවා.
ඒ කියන්නේ ඔබ වාසනාවන්තයි කියලද?
මම ඇත්තටම ක්ෂේත්රයට ආවේ අහම්බෙන්. අපි ක්ෂේත්රය තුළ රැඳෙන විදිහට තමයි වාසනාව අපිට ලැබෙන්නේ. සමහර කට්ටිය එනවා, යනවා. ගොඩක් වෙලාවට හෙමින් ගමනක් යන කෙනෙකුට තමයි ක්ෂේත්රය තුළ ලොකු ගමනක් යන්න පුළුවන්. තෝරා බේරා ගෙන කරන දේ තමයි හොඳ. මොකද හැම දේටම ඔළුව දාන්න ගියොත් අගයක් නැහැනේ. දෙයක් කරන්න ගියත් මම සෑහෙන්න තේරීමක් කරනවා. වාසනාවත් තියෙන්න ඕනේ. ඒවගේම දක්ෂතාවයත් එක්ක මොළේ කල්පනා කරලා වැඩ කරන්නත් ඕනේ.
අධ්‍යාපනය නිරූපණයට වැදගත්ද?
නිරූපණය කටයුතු කිරීමටත් අධ්‍යාපනය අවශ්‍යයි. ඒ කියන්නේ නිරූපණ සම්බන්ධයෙන් ලබන අධ්‍යාපනය. ඒ වගේම තමයි තැනකට ගිහින් හැසිරෙන්න ඕනෑආකාරය, වැඩකටයුතු කළ යුතු විදිහ පිළිබඳව දැනගැනීමක් තියෙන්න ඕනේ. මොකද මුලින් වැඩ දෙකක් තුනක් කළාට පසුව වැඩ එන්නේ නැති වෙන්න පුළුවන්. දිගටම ක්ෂේත්රය තුළ ඉන්න ඕනේ නම් මේ පිළිබඳව දැනුමක් ලැබීම සුදුසුයි කියලා මම හිතනවා.
Dilan Chryshantha / Pix - Kaveeth Milindha