නිරූපණය ඉගෙන ගෙන හරි විදිහට කරන්න ඕනි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2017-04-04-ent-65

මාස 02 කට ආසන්න කාලයක සිට නිරූපණයට එක්ව සිටින නිමාෂා, ඇගේ කලා කටයුතු පිළිබඳ පැවසීමට ‘සාරවිට’ ආලින්දයට මෙලෙස ගොඩවැදුණාය.

 

ඔබ පිළිබඳ හැඳින්වීමක් කළොත්?

2017-04-04-ent-71මම නිමාෂා ජයතිලක. දැනට මම වැඩ කරන්නෙ farm beach hotel mount Lavinia.

 

ඔබ වෙනත් රැකියාවක යෙදෙන ගමන්ද නිරූපණය කරන්නෙ නැත්නම් වෘත්තියක් වශයෙන්ද සිදු කරන්නෙ?

මම වෘත්තියක් වශයෙන් modeling කරන්නෙ නැහැ. මේක මගෙ පොඩිකාලෙ ඉඳන් තිබුණ ආසාවක්. මගේ අක්කා photographer කෙනෙක් එයා නිසා තමයි මම මේ field එකට එන්නෙ. මම modeling කරන්නෙ විනෝදාංශයක් විදියට.

 

ඔයා modeling කරන්න පටන් අරගන කොච්චර කාලයක් වෙනවද?

හරියටම මම modeling කරන්න පටන් අරගන මාස දෙකක් පමණ වෙනවා.

 

ඔබ නිරූපණය ගැන හිතන්නෙ?

ඔව් ඇත්තටම නිරූපණය ඉගෙනගෙන හරි විදියට කරනවනම් ගොඩක් හොඳයි. නිරූපණය දිගටම කරන්න ආසා හිතෙන දෙයක්.

 

ඔබට මේ ක්ෂේත්‍රයට එන්න ගෙදරින් ලැබුණු සහයෝගය කොහොමද?

මුලදී නම් තාත්තා අකමැති වුණා පස්සෙ කැමති වුණා. දැන් අම්මා තාත්තා දෙන්නම උදවු කරනවා මට මේ ක්ෂේත්‍රයේ ඉදිරියට යන්න.

 

වෙනත් රැකියාවක් කරන ගමන් ඔබට මෙම නිරූපණය සඳහා වැය කරන්න වේලාවක් තියනවාද?

ඔව් ඇත්තටම මම වැඩ කරන තැනින් මට මේ සඳහා සහයෝගය ලබාදෙනවා. මට අවශ්‍ය වේලාවට නිවාඩු ලබාදෙනවා. දැනට නම් මගේ රැකියාව නිරූපණය සඳහා බාධාවක් වෙලා නැහැ.

 

නිරූපණය වෘත්තිය වශයෙන් මෙය සිදුකිරීමට අදහසක් නැද්ද?

මම තාම මේ field එක පිළිබඳව study කරනවා. ඒක නිසා දැනට මම විනෝදාංශයක් වශයෙන් මෙය සිදු කරනවා. ඉදිරියට මම තව ඉගෙන ගෙන තමයි වෘත්තියක් විදියට කරනවා නම් කරන්නෙ.

 

ඔබ මෙම ක්ෂේත්‍රය පිළිබඳව දැනට දකින්නෙ මොන විදියටද?

සමහර අය කියනවා modeling කියන්නෙ හොඳ දෙයක් නෙවෙයි කියලා. නමුත් මම නම් ඒකෙ වැරද්දක් දකින්නෙ නැහැ.

 

ගෙදර අයගෙන් මේ සඳහා ඔබට ලැබෙන උපදෙස් මොන වගේද?

ගොඩක්ම මට උපදෙස් දෙන්නෙ මගේ අම්මා. මගෙ ඇඳුම් design කරලා දෙන්නෙ මගේ අම්මා. දැනට නම් ඉතින් එයාලගෙන් බාධාවක් නැහැ.

 

ඉදිරියේදී ඔබට ආරාධනා ලැබුණොත් භාර ගන්නවාද?

දැනට ආරාධනා දෙක තුනක් ලැබිලා තියනවා. තාම හරි අවබෝධයක් නැති නිසා තාම මම ඒවා භාරගත්තෙ නැහැ. ඉදිරියේදී ඒ සඳහා සහභාගීවීමට බලාපොරොත්තු වෙනවා.

 

අවසාන වශයෙන් අපට කියන්න ඔබේ ඉදිරි කටයුතු හා බලාපොරොත්තු පිළිබඳවත් කියමු නේද?

ජොබ් එකත් කරගෙන ඒ එක්කම මේකත් කරගෙන යන්න තමයි මම බලාපොරොත්තු වෙන්නෙ.

 

ඔබට මේ ක්ෂේත්‍රයට එන්න උදවු කළ මතක් කළ යුතු පිරිසක් ඉන්නවද?

මගෙ අක්කා ගොඩක් උදවු කළා. ඒ වගේම අම්මා තාත්තා මට ගොඩක් උදවු කළා. මගෙ නෑදෑයො වගේම යාළුවොත් මට උදවු කළා මේ ක්ෂේත්‍රයට එන්න.

 

Dilan Chryshantha / Pix - Kaveeth Milindha

 

 2017-04-04-ent-66 2017-04-04-ent-67 2017-04-04-ent-68 2017-04-04-ent-69 2017-04-04-ent-70