නිරූපණ ක්ෂේත්‍රයට මම ආවේ අහම්බෙන්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

20200420Hot-(4)2018 වසරේ ‘හිරු අවුරුදු කුමරිය’ තරගය හරහා නිරූපණ ක්ෂේත්‍රයට සම්බන්ධ වූ මධුෂානි විජේරත්න සමගින් ‘සාරවිට’ අපි මෙවර කතා බහා කළේමු. මේ වනවිට විවිධ කල නිර්මාණ හරහා ඔබ දකින ඇය නිරූපණ ක්ෂේත්‍රය තුළ ස්ථාවර වීම අදහසකින් පසුවේ. මේ ඇය අප ඇසු ප්‍රශ්නවල දැක්වූ ප්‍රතිචරයන්.

 

ක්ෂේත්‍රයට ඔබගේ පිවිසිම කොහොමද සිදු වුණේ?

2018 වසරේදී පැවැති ‘හිරු අවුරුදු කුමරිය’ තරගයට ඉදිරිපත් වුණා ඊට පස්සේ තමයි බොහෝ දෙනෙකු මාව අඳුන ගත්තේ. නමුත්, මම ඒ තරගයට ඉදිරිපත් වෙන්න කළින් ඉඳලාම නිරූපණ කටයුතුවලට සම්බන්ධ වෙලා වැඩ කළා. ගොඩක්ම කළේ ‘බ්‍රයිඩල්’ නිරූපණ කටයුතු.

 

නිරූපණයට සම්බන්ධ වෙන්න ආසාවක්, කැමැත්තක් ඔබට තිබුණාද?

ආසාවක් තිබුණා.  ඒත්, පවුලේ අය කියලා  තිබුණේ අධ්‍යාපන කටයුතු වලට මුල් තැන දෙන්න කියලා. ඉතින් වැඩිය හිතුවේ නෑ නිරූපණ ක්ෂේත්‍රය ගැන.  ඔය අතරතුර යාළුවෙක් ‘හිරු අවුරුදු කුමරිය’ තරගයට අයදුම් පත්‍රයක් දාලා මාව ඒකට සම්බන්ධ කළා.

 

ඒ කියන්නේ ක්ෂේත්‍රයට ඔබේ සම්බන්ධ වීම අහම්බෙන් සිදුවුවක්?

ඔව්, එහෙම කිව්වොත් හරි. හිතුවේ නැති වෙලාවක තමයි ක්ෂේත්‍රයට මට සම්බන්ධ වෙන්න ලැබුණේ.

 

නිරූපණ ක්ෂේත්‍රය ගැන මොකද හිතෙන්නේ?

නරකයි කියන්න බැහැ. තමන්ගේ සීමාවන් දැනගෙන තමන්ගේ සහ අන්‍යන්ගේ ගෞරවය රැකෙන විදියට වැඩ කටයුතු කරනවා නම් මේ ක්ෂේත්‍රය තුළ සාර්ථක ගමනක් යන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා.

 

ඔබ දායක වුණ කලා නිර්මාණ මොනවද?

ගොඩක් වෙලාවට මම සම්බන්ධ වුණේ ‘බ්‍රයිඩ්ල්’ මොඩල් ෂූට්වලට. දැනට වෙළෙඳ දැන්වීම් කිහිපයක් කරලා තියෙනවා. ඒ වගේම කලා නිර්මාණ කිහිපයකටම දැනට සම්බන්ධ වෙන්නත් ආරාධනා ලැබිල තියෙනවා. බලමු ඉදිරියට.


20200420Hot-(1)නිරූපිකාවකට අද තියෙන පිළිගැනීම කොහොමද?

හැම වෘත්තියකම පිළිගැනීමක් තියෙනවා. හැබැයි ඒක කෙනෙක්ගෙන් කෙනෙක්ට වෙනස් වෙනවා. මොකද, එක එක්කෙනාගේ අදහස් එකිනෙකාට වෙනස් නිසා. කළින් කිව්වා වගේම තමන්ගේ ගෞරවය රැකෙන විදිහට කටයුතු කරන්න පුළුවන් නම් තමන්ට පිළිගැනීමක් හදාගන්න ඕනැම වෘත්තියක පුළුවන් කියලා මම හිතනවා.

මේක ඔබේ ප්‍රධන වෘත්තියද?

නැහැ .නමුත්, මම ඉදිරියේදී ගුරු වෘත්තියට සම්බන්ධ වෙලා වැඩ කරන්න බලාපොරොත්තු වෙන් ඉන්නවා.


ක්ෂේත්‍රය තුළ දිගටම රැඳෙන්නද අදහස?

ලැබෙන අවස්ථාවන් කළමණාකරනය කරගන්න පුළුවන් වුණොත් දිගටම මේ ක්ෂේත්‍රය තුළ මා රැඳිලා ඉන්නවා.

උදව් කරපු අය?

මම දැන් විවාහකයි. මගේ සැමියා මට ගොඩක් උදව් කරනවා මේ ක්ෂේත්‍රය තුළ කටයුතු කරන්න. ඒ වගේම මගේ පවුලේ අය වගේම මගේ සැමියාගේ පවුලේ අයත් ගොඩක් මට උදව් කරනවා. ඊට අමතරව මගේ යාළුවෝ. නම් කියන්න බැරි තරම් යාළුවෝ පිරිසක් ඉන්නවා මට උදව් කරන.

බුද්ධික සේනාධීර

20200420Hot-(2) 20200420Hot-(3)