නිරූපණ ක්ෂේත්රය ගැන තියෙන්නේ ලොකු කළකිරිමක්
නිරූපිකාවක් හා රංගන ශිල්පිනියක් ලෙස වර්තමානයේ කටයුතු කරන ඩිෂානි නදිනිකා සමගින් අපි අද කතා බහ කළේමු. ක්ෂෞත්රයට නවකයෙක් වුවද ඩිෂානි මේ වනවිට දායක වී ඇති කලා නිර්මාණ ප්‍රමාණය බොහෝය. මේ ඒ පිළිබඳව ඇය අපිට දැක්වූ අදහස්.
ක්ෂේත්රයට ආවේ කොහොමද? කොයි කාලේද?
මම ක්ෂේත්රයට සම්බන්ධ වුණෞ 2010 වසරේදී. මම වර්ක් ෂොප් එකකට ගියා %බියුට් කල්චර්^. එකේ කොහෙම හරි බේස්ට් මොඩල් කෙනෙක් තේරුවා. නිරූපිකාවක් විදිහට වේදිකාවට ගොඩ වුණ පළමු වතාව මේක මගේ. එම තරගයේදී මම පළමුවැනියා වුණා. ඒක දැකලා ෂේහානා පෙරේරා මගේ මුල් කවරයක් කළා. ඊට පස්සේ තමයි මම නිරූපණයට සම්බන්ධ වුණේ.
නිරූපිකාවක් වෙන්න ආසාවක් තිබුණාද? නැත්නම් අවස්ථාව ලැබුණේ අහම්බෙන්ද?
ඇත්තටම, නිරූපිකාවක් වෙනවාට වඩා මම උත්සාහ කළේ රූපලාවන්‍ය ශිල්පිනියක් වෙන්න. රූපලාවන්‍ය ශිල්පිණියක් වෙන අතරතුර තමයි අහම්බෙන් මට නිරූපණයට සම්බන්ධ වෙන්න ලැබුණේ.
ක්ෂේත්රය ගැන මොකද හිතෙන්නේ?
නිරූපණය ගැන නම් තියෙන්නේ කළකිරිමක්. මොකද, අද ගොඩක් නිරූපණ ක්ෂේත්රයට ඇවිල්ලා තියෙනවා. සමාජජාල හරහා තමයි ගොඩ දෙනෙක් නිරූපිකාවන් විදිහට කරළියට එන්නේ. හැමෝටම නිරූපිකවන් වෙන්න බැහැ. ඒකට හැදැරීමක් අවබෝදයක් තියෙන්නේ. ඕනා.
දායක වුණ නිර්මාණ මොනවද?
ගීත රූප රචනා අටකට විතර මම දැනට දායක වෙලා තියෙනවා. ඊට අමතරව %ඔලිෆන්ට් හවුස්^ හා %මහජන බැකුංවේ^ වෙළෙඳ දැන්වීම් කිහිපයකට පෙනී ඉඳලා තියෙනවා. %ප්‍රාර්ථනා^ කියලා ටෙලි නාට්‍යයකට දායක වුණා. ඒත්, තවමත් ඒක විකාශය වුණේ නැහැ.
නිරූපිකාවක්ට අද තියෙන පිළිගැනීම කොහොමද?
ඇත්තටම, නිරූපිකාවක් විදිහට මාව හඳුන්වනවාට මම අකමැතියි. මොකද, අද නිරූපිකාවන්ට තියෙන පිළිගැනීම බොහෝම අඩු නිසා. ඒක කරගෙන තියෙන්නේම අපේම සහෝදර නිරූපිකාවෝ. අද අපිට කොතැනවත් ගිහින් කියන්න බැහැ නිරූපිකාවෝ කියලා. මොකද, එහෙම කිව්වාම සියයට 75ක් විතර මිනිස්සු බලන් ඉන්නේ අපිට හිනා වෙන්න. අපි හරියට මේ ක්ෂේත්රය තුළ වැඩ කරනවා අපිට හොඳ පිළිගැනීමක් තියෙනවා. ඒ වගේම හොඳ අනාගතයකුත් තියෙනවා.
මේක වෘත්තියද? නැත්නම් වෙනත් වෘත්තිය වැඩ කරනවාද?
ඇත්තටම නිරූපණ කටයුතුවලට මම දායක වෙන්නේ. ඒකට මම ගොඩක් කැමැ නිසාත කොටින්ම කිව්වොත් මගේ %හොබී^ එකක් නිසා. මගේ වෘත්තිය විදිහට මම කරන්නේ රූපලාවන්‍ය ශිල්පිය. මගේම කියලා දැනට කුරූණැගල රූපලාවන්‍යාගාරයකුත් තියෙනවා.
ක්ෂේත්රය තුළ දිගටම රැඳෙන්නද අදහස?
ඔව්, ක්ෂේත්රය තුළ දිගටම රැඳිලා කලා කටයුතුවලට දායක වෙන්න ආසාවක් තියෙනවා. නමුත්, ලැබෙන හැමවැඩක්ම භාරගන්නේ නැහැ. මොකද, මම කැමතියි හොඳට තෝරා බේරාගෙන හොඳ නිර්මාණවලට පමණක් දායක වෙන්න. අනික මගේ රූපලාවන්‍ය වැඩ කටයුතුවලටත් බාධාවක් නොවී තමයි මම මේ වැඩ භාරගන්නෙත්.
උදව් කරපු අය?
නිරූපිකාවක් විදිහට ක්ෂේත්රයට එන්න මාවත විවර කරලා දුන්න ෂේහානා පෙරේරා හා නලිම් කමල්ඩින් දෙදෙනා. ඒ දෙදෙනාට තමයි මට ගොඩක් උදව් කළේ.
බුද්ධික සේනාධීර