නිරූපණ ක්ෂේත්රයට අළුත් මුහුණක් වන සෙනාලි
නිරූපණ ක්ෂේත්රයට අළුත් මුහුණක් වන සෙනාලිට මෙවර සාරවිට කතාබහට අපි ඉඩක් වෙන් කරා. නිරූපණයට මෙන්ම රූපලාවන්‍ය ශිල්පිනියක් වීමටද සෙනාලි තුළ හීනයක් තිබෙනවා. නිරූපණය ඔස්සේ ඉදිරියට යෑමට බලාපොරොත්තු වන සෙනාලි එක්ක කතා කළේ මේ විදිහටයි.
ඔබ ගැන හඳුන්වා දුන්නොත්?
මගේ නම සෙනාලි දිල්හාරා. මගේ පදිංචිය පාදුක්කේ. නිරූපණ ශිල්පිනියක් විදිහට ක්ෂේත්රයේ නිරත වනවා.
කොහොමද ක්ෂේත්රයට එකතු වෙන්නේ?
මම හඳුනන ෆොටෝග්‍රැෆර් කෙනෙක්ගේ ෂූට් එකකට තමයි මුලින්ම සම්බන්ධ වුණේ. ඒ හරහා තමයි ක්ෂේත්රයට එන්නේ. නමුත් මම සම්බන්ධ වෙන්නේ ෆොටෝ ෂූට්වලට විතරයි.
නිරූපණයට අමතරව මොනවා හරි කරනවාද?
නැහැ. රැකියාවක්වත් කරන්නේ නැහැ.
නිරූපණයෙන් ලැබුණු අත්දැකීම් කොහොමද?
හොඳ අත්දැකීම් රැසක් ලැබුණා. සමහර අවස්ථාවලදී නම් විවිධ අපහසුතාත් ඇතිවෙලා තියෙනවා. නමුත් මේ හැමදේකින්ම මම දෙයක් ඉගෙන ගත්තා.
මොන වගේ අපහසුතාවයන්ද වෙලා තියෙන්නේ?
ෆේක් මැසේජ් එහෙම ඇවිත් තියෙනවා. මේ ළඟදි ප්‍රසිද්ධ අධ්‍යක්ෂකවරයෙකුගේ නමක් භාවිතා කරලා මට කෝල් කරපු සිද්ධියකුත් වුණා. ඒ දේවල් මේ ක්ෂේත්රයේ කොහොමත් තිබෙනවානේ. අපි අළුත් අය නිසා සමහර වෙලාවට අපේ ගෙවීම් පවා නොකර ඉඳලා තියෙනවා.
ගෙදරින් ලැබෙන සහයෝගය කොහොමද?
මම හැම වැඩකටම යන්නේ අම්මා සමගයි. ගෙදරින් හොඳ සහයෝගයක් ලැබෙනවා. වරදක් කරන්නේ නැති නිසා ප්‍රශ්නයක් නැහැ.
වෙළඳ දැන්වීම්වලට සම්බන්ධ වෙලා තියෙනවාද?
නැහැ. ෆොටෝෂූට්වලට විතරයි.
ආරාධනාවක් ලැබුණොත් බාරගන්නවාද?
ඔව්. හොඳ නිර්මාණයකට ආරාධනාවක් ලැබුණොත් බාර ගන්නවා. රංගනයටත් ආසාවක් තිබෙනවා. රංගනයට නම් අවස්ථා ලැබුණා. නමුත් හරියට දන්නේ නැති නිසා සම්බන්ධ වුණේ නැහැ.
නිරූපණය දිගටම කරන්න බලාපොරොත්තු වෙනවාද?
ඔව්. ඊට අමතරව මම ආසයි රූපලාවන්‍ය ශිල්පිනියක් වෙන්නත්.
ක්ෂේත්රයේ නවකයින්ගෙන් ලැබෙන සහයෝගය කොහොමද?
හොඳයි. ඇත්තටම අපි සහෝදරයෝ වගේ වැඩ කරනවා.
විශේෂයෙන් මතක් කළ යුතු පිරිසක් සිටිනවාද?
මුලින්ම මතක් කරන්න ඕනේ ඉමේෂ් අයියාව. එයා තමයි මාව ක්ෂේත්රයට ගෙනාවේ. එතකොට මගේ පවුලේ අයවත් මතක් කරනවා.
කැළුම් දේවින්ද