නිරූපණ ක්ෂේත්‍රය ගැන නම් කතා කරලා වැඩක් නැහැ දැන්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2019-01-28-ent-04

වසර කිහිපයකට පෙර නිරූපණ ක්ෂේත්‍රයට අවතිර්ණ වූ උදාරි නදිශානි මේ වනවිට වෘත්තිය මට්ටමේ නිරූපිකාවක් බවට පත්ව සිටියි. දැනට ගීත රූප රචනා කිහිපයකටද සිය දායකත්වය සපයා ඇති ඇය පසුගිය වසරේ පැවති %මිස් ශ්‍රී ලංකා ෆෝ USA^ රූපරාජිණි තරගයටද ඉදිරිපත් වී එහි ජයග්‍රාහිකාවද විය. මේ දිග හැරෙන්නේ ඇය සමග කළ කතා බහයි.

 

ඔබ නිරූපණ ක්ෂේත්‍රයට එන්නේ?2019-01-28-ent-05

මීට වසර පහකට විතර කලින්. නිරූපිකාවක් වෙන්න නම් කැමැත්ත තිබුණේ අද ඊයේ නෙමෙයි. තෙරේන කාලේ ඉඳලා මේ ක්ෂේත්‍රයට යොමු වෙන්න ලොකු ආසාවක් තිබුණා. කොටින්ම කිව්වොත් මේක මගේ හිනයක්.

 

දැනට මොනවගේ කලා නිර්මාණවලටද දායක වෙලා තියෙන්නේ?

ගොඩක් වෙලාවට ෆැෂන් ෂෝ වලට තමයි. ඊට අමතරව මියුසික් විඩියෝ කිහිපයකටත් දායක වෙලා තියෙනවා.

 

රූපරාජිණි තරගයකටත් සහභාගි වුණා නේද?

ඔව්, ගිය වසරේ තිබුණ %මිස් ශ්‍රී ලංකා ෆෝ USA^ කියන රූපරාජිණි තරගයට ඉදිරිපත් වෙලා ජයග්‍රහණය කළා. ඉදිරියේදි ජාත්‍යන්තර මට්ටමේ රූපරාජිණි තරගයක් සඳහා ඉදිරිපත් වෙන්න අවස්ථාවත් ලැබිලා තියෙනවා මට.

 

නිරූපණ ක්ෂේත්‍රය ගැන මොකද හිතෙන්නේ?

දැන් නම් කතා කරලා වැඩක් නැහැ ෆිල්ඩ් එක ගැන. ඒ තරමට මේ ෆිල්ඩ් එක විනාශ වෙලා තියෙන්නේ. ඇත්තටම ඉස්සර තිබුණ ආසාවත් දැන් නැහැ මේ ෆිල්ඩ් එකට මගෙත් නැහැ.

 

ඉදිරි ඉලක්ක මොනවද?

ව්‍යාපාරයක් කරන්න හිතාගෙන ඉන්නවා. දැනට ඒක සැලසුම් කරගෙන යනවා. ව්‍යාපාරික කාන්තාවක් විදිහට ඉදිරියට යන්න තමයි හිතාගෙන ඉන්නේ.

 

රංගනය පැත්තට යොමු වෙන්න අදහසක් නැද්ද?

නැහැ. දැනට මගේ එකම ඉලක්කය ව්‍යාපාරයක් ආරම්භ කරන එක. බොහෝවිට මම ඒ පැත්තෙන් ඉදිරියට යයි. රඟපාන්න ආසාවක් නැහැ. තිබුණේ නිරූපිකාවක් වෙන හීනයෙ විතරයි.

 

උදව් කළ පිරිසක් ඉන්නවද?

නැහැ. මේ ගමන ආවේ මගේ හැකියාවෙන්. මට කවුරුත් උදව් කළේ නැහැ. මගේ දක්ෂතාවයට වසර පහක් වැනි කෙටි කාලයකදී මේ ක්ෂේත්‍රය තුළ ඉහළටම එන්න මට පුළුවන් වුණා. ඒ ගැන ගොඩක් සතුටු වෙනවා මම.

 

බුද්ධික සේනාධීර

 

2019-01-28-ent-01 2019-01-28-ent-02 2019-01-28-ent-03