නිරූපණ ක්ෂේත්‍රය මම දකින්නේ හොඳ රැකියාවක් විදිහටයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2018-04-17-ent-02

නිරූපණ ක්ෂේත්‍රය තුළ නිතර දකින නිරූපිකාවන් අතර ක්ෂේත්‍රයට අලුත් ශානිද සිටියි. මේ වනවිට ගීත රූප රචනා බොහෝමයක දැක ඇති ඇය වැඩිපුර දායකත්වයක් සපයා ඇත්තේ මනාලියන් දැක්මවල් සඳහාය. නිරූපණයට මෙන්ම රංගනයටද කැමැත්තක් දක්වන ශානි ඉදිරියේදී රංගන කටයුතුවලටද එක්වීමට බලාපොරොත්තුවෙන් සිටින්නීය. මෙවර ‘සාරවිට’ තරු කතා බහට එක්වූ ශානි සිය තොරතුරු මෙසේ අපි සමගින් හදා බෙදාහදා ගත්තේමු.

 

මේ දිනවල අපි ඔබව නිතර දකිනවා?2018-04-17-ent-03

ඔව්. මා දායක වුණ ගීත රූප රනා බොහෝමයක් මේ දිනවල විකාශය වෙනවා. ඒ වගේම ප්‍රේක්ෂකයෝ අතර එම ගීතත් ජනප්‍රිය වෙලා තියෙනවා. මේ දිනවලත් ගීත රූප රචනා කිහිපයක රූපගත කිරීම් වලට මම දායක වුණා. ඉදිරියේදී ඒවා ප්‍රේක්ෂකයන්ට නරඹන්න හැකි වේවි. ඊට අමතරව මනාලියන් දැක්මවල් මෙන්ම ඡායාරූප ගත කිරීම් කිහිපයකටත් මේ දිනවල දායක වුණා.

 

ක්ෂේත්‍රයට ඇවිල්ලා දැන් කාලයක් වෙනවා ඔබ?

ඔව්, වසර දෙකක් විතර වෙනවා ක්ෂේත්‍රයට ඇවිල්ලා.

 

ඔබ වෘත්තීය මට්ටමේ නිරූපිකාවක්ද?

නැහැ මම නිරූපිකාවක් නෙවෙයි. නිරූපණය කරන්නේ පාර්ට් ටයිම් ජොබ් එකක් විදිහට. මම දැනට ජොබ් එකක් කරන කෙනෙක්. දැනට කරන ජොබ් එකට තමයි මම මුල්තැන දෙන්නේ. රැකියාව කරන අතරතුර ලැබෙන නිවාඩු දිනවල තමයි නිරූපණ කටයුතුවලට යොමු වෙන්නේ.

 

නිරූපණ ක්ෂේත්‍රය තෝර ගත්තේ ඔබ?

නිරූපණයට ගොඩක් කැමතියි. ඒකයි ‘පාර්ට් ටයිම්’ ජොබ් එකක් විදිහට ඒ පැත්තට යොමු වෙන්න හිතුවේ.

 

නිරූපණයටද? රංගනයටද ඔබ වඩාත් කැමති?

රඟපාන්න. දැනට මම ගීත රූප රචනාවල රඟපානවා. ඉදිරියේදී රංගනය පැත්තට යොමු වෙන්න අවස්ථාවක් ලැබෙයි කියලා හිතනවා.

 

ශානිත් අද රැල්ලට යන නිරූපිකාවක්ද?

තමන්ගේ කැමැත්තට අනුව විවිධ හැකියාවන් සමග නිරූපණ ක්ෂේත්‍රය පැති තෝරගෙන ඉදිරියට යන අය ඉන්නවා. ඒකට කාටවත් චෝදනා කරන්න බැහැ. මම අද රැල්ල යන නිරූපිකාවක් නෙවෙයි. පුළුවන් විදිහට මම මගේ ගමන හෙමින් යනවා. ක්ෂේත්‍රයට තාම මම අලුත් කෙනෙක්. ඒක නිසා හදිස්සියක් නැහැ.

 

නිරූපිකාවක් වුණ එක ගැන මොකද හිතන්නේ?

නිරූපණ ක්ෂේත්‍රය හැම කෙනෙකුටම පිහිටන හැකියාවක් නෙවෙයි. මම හිතන්නේ මේ ක්ෂේත්‍රය හොඳ නැති දෙයක් නොවෙයි. මිනිස්සුන්ගේ සිතුවිලිවල වැරදි වැටහිම් තියෙනවා. හරි දේ හරි විදිහට කරගෙන ඉදිරියට යනවා නම් නිරූපණ ක්ෂේත්‍රය මම දකින්නේ හොඳ රැකියාවක් විදිහටයි.

 

උදව් කරපු අය?

මගේ අම්මා, තාත්තා දෙන්නවා විශේෂයෙන්ම මතක් කරන්න ඕනා. මොකද, ඒ දෙන්නාගේ උදව් මත තමයි අද මම මේ තැන ඉන්නේ. ඊට පස්සේ මා වටා ඉන්න මගේ යාළුවෝ ටික. ඔවුන් තමයි හැම වෙලාවේම මාව දිරිමත් කරන්නේ. ඒ වගේම තමයි මා වටා ඉන්න මගේ රසික පිරිස. හැම වෙලාවකම ඔවුන් මට වචනයකින් හෝ උදව් කරනවා.

 

බුද්ධික සේනාධීර

 

2018-04-17-ent-01