නිරූපණ ක්ෂේත්‍රයේ හොඳ නරක දෙකම තියෙනවා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2018-02-19-ent-02

දෙවසරක් තිස්සේ නිරූපිකාවක ලෙස කටයුතු කරන ඉෂානි දිල්හාරා රංගනයට ද ඉතා ප්‍රියකරන යෞවනියකි. මේ වනවිට කලා නිර්මාණ බොහොමයකටම දායක වී ඇති ඉෂානි අද "සාරවිට" තරු කතා බහ සමගින් මෙසේ එක් වුණෙමු.

 

ඔබ නිරූපිකාවක් වුණේ?2018-02-19-ent-07

මම නිරූපණ ක්ෂේත්‍රයට ඇවිල්ලා මේ වන විට වසර දෙකක් විතර වෙනවා. යාළුවෙකුගේ මාර්ගයෙන් රඟපාන්න අවස්ථාවක් ලැබුණා. ඊට පස්සේ තමයි මම නිරූපණය පැත්තට යොමු වුණේ.

 

ටෙලි නාට්‍ය කිහිපයකටත් ඔබ රංගනයෙන් දායක වී තියෙනවා?

ඔව්, සුළු චරිත කිහිපයක් කරලා තියෙනවා. ඒ වගේම ගීත රූප රචනා කිහිපයකටත් දායක වෙලා තියෙනවා. ඉදිරියේදී විකාශය වෙන්න නියමිත ටෙලි නාට්‍ය කිහිපයකම වගේම ගීත රූප රචනා කිහිපයකටත් සම්බන්ධ වෙන්න මේ වන විට අවස්ථාව ලැබී තියෙනවා.

 

නිරූපණ ක්ෂේත්‍රය හොඳද?

හොඳයි කියලත් නැහැ. නරකයි කියලත් නැහැ. දක්ෂතාව අනුව ඉදිරියට යන්න පුළුවන් කියලා හිතෙන රැකියාවක්.

 

මේ වන විට හතු පිපෙනවා වගේ නිරූපිකාවෝ ක්ෂේත්‍රයට එනවා?

අලුත් අය ගොඩක් එන හින්දා යම් තරගකාරීත්වයක් ක්ෂේත්‍රය තුළ තියෙනවා කියලා හිතෙනවා. ඒත්, මම දකින විදිහට නම් දක්ෂතාව තියෙනවා නම් ඕනෑම කෙනෙකුට මේ ක්ෂේත්‍රය තුළින් ඉදිරියට යන්න පුළුවන්.

 

නිරූපිකාවෝ දිහා අද ගොඩදෙනෙක් බලන්නේ වැරදි කෝණයකින්?

ඔව්, එක ඉතින් නිරූපණය පිළිබඳව දැනුමක් නොමැතිව මේ රැකියාවට ඇවිත් ඒ අය කරන දේවල්වලින් මිනිස්සු වැරදි කෝණයකින් බලනවා. ඒක අපිට වළක්වන්න බැහැ. නිරූපණය කියන්නේ තවත් එක රැකියාවක්. ඒකට ගරු කරලා ඒ විදිහට වැඩ කළා නම් මම හිතන්නේ මිනිස්සු නිරූපිකාවන් දිහා එහෙම වැරදි ඇසකින් බලයි කියලා.

 

මොනවද ඉලක්ක?

ඉලක්කයක් කියලා එහෙම ලොකු දෙයක් මට නැහැ. නිරූපණයෙන් වගේම කලාවෙන් ඉදිරියට යන්න තමයි මගේ ලොකුම බලාපොරොත්තුව.

 

රඟපාන්න ආරාධනා ලැබුණොත්?

හොඳ නිර්මාණයක් නම් අනිවාර්යයෙන්ම භාරගන්නවා.

 

උදව් කරපු අය?

ගොඩක් අය උදව් කරලා තියෙනවා. විශේෂයෙන්ම මතක් කරන්න අවශ්‍යයි මගේ දෙමව්පියන්ව. ඊට අමතරව යාළුවන්, %ෆේස්බුක්^ මිතුරන්. මේ හැම දෙනාවත් මතක් කරනවා.

 

2018-02-19-ent-01  2018-02-19-ent-03 2018-02-19-ent-04 2018-02-19-ent-05 2018-02-19-ent-06