නිරූපණ ක්ෂේත්රයේ මම දකින විදිහට වරදක් ඇත්තේ නැහැ
නිරූපණය ක්ෂේත්රයට නවකයෙකු වූ තාරිකා තිසරණි විතානගේ සමගින් අද %සාරවිට^ තරු කතා බහ අරඹන්නට අපි සූදානම් වුණෙමු. දැනට කලා කටයුතු බොහොමයකට සම්බන්ධ වී ඇති තාරිකා රංගනයට ද දක්වන්නේ ඉමහත් කැමැත්තකි. ඒ නිසාම ඉදිරියේදී රංගන ශිල්පිනියක ලෙසද කටයුතු කරන්නට ඇය බලාපොරොත්තුවෙන් සිටියි.
මුලින්ම මම කළේ පෝටෝ ෂුට්ස් වලට පෙනී ඉන්න එක. ඒ හරහා ආසාවක් ඇතිවුණා නිරූපණය පැත්තට යොමු වෙන්න.
දැනට දායක වෙලා තියෙන කලා කටයුතු?
දැනට රූපවාහිනි වෙළෙඳ දැන්වීම්, ගීත රූප රචනා වගේ දේවල්වලට දායක වෙලා තියෙනවා. ඒ වගේම ටෙලි නාට්‍යයකත් රඟපාලා තියෙනවා. ඉදිරියේදී චිත්‍රපටයක් සඳහාත් රංගනයෙන් දායක වෙන්න නියමිතයි.
ඔබ වඩාත් කැමැත්තක් දක්වන්නේ නිරූපණයට? රංගනයටද?
රංගනයට. ඒ හින්දා තමයි නිරූපිකාවක් විදිහට ක්ෂේත්රයට සම්බන්ධ වෙන්නත් හිතුවේ. මොකද, නිරූපිකාවක් විදිහට වැඩ කරලා මිනිස්සු අතර ජනප්‍රිය වුණොත් රංගන ශිල්පිනියක් වෙන්න අමාරු නැහැ. නමුත්, ඕනෑම දේකට දක්ෂතාවත් වැදගත් වෙනවා. රඟපාන්න මට දක්ෂතාව තියෙනවා.
ඔබ වෘත්තිය මට්ටමේ නිරූපිකාවක්ද?
නැහැ. නමුත්, තාවකාලික රැකියාවක් එකක් විදිහට නිරූපණ වැඩවලට දායක වෙනවා. වෙනත් රැකියාවක් කරන්න තාම සැලැස්මක් නැහැ. ලොකුම හීනේ තමයි රංගන ශිල්පිනියක් වෙන එක. බොහෝ විට රංගනය මගේ රැකියාව වේවි කියලා හිතනවා.
ක්ෂේත්රය ගැන මොකද හිතන්නේ?
මම දකින විදිහට නිරූපණ ක්ෂේත්රය හොඳ එකක්. මට නම් එහි වරදක් පේන්නේ නැහැ.
අලුත් පිරිස් මේ ක්ෂේත්රයට එනවා. දක්ෂයන්ට තැනක් නැති වෙයිද?
ඒක ඇත්ත. ඒත්, කවුරු ආවත් දක්ෂ අයට තැන තියෙනවා. අලුත් අය ඉතින් එනවා යනවා. පැවැත්මක් තියෙන්නේ ඒ අයගෙන් කීයෙන් කී දෙනාටද. හොඳ හැදෑරීමකින් මේ ක්ෂේත්රයට එනවා නම් තැනක් හදා ගන්න පුළුවන්.
උදව් කරපු අය?
අම්මා, තාත්තා දෙන්නා තමයි. මගේ ස්වඋත්සාහයෙන් තමයි අද මේ තැනට මම ආවේ.
බුද්ධික සේනාධීර