නිරූපණ ක්ෂේත්රය කියන්නෙ කලාවක්
නවකයෙකු ලෙස ක්ෂේත්රය පා තබා ඇති ඇය නෙතූ ගමගේය. නිරූපණය රංගනය යන මේ කාරණා ඇයගේ ජීවිතයේ තවත් එක් පැතිකඩක් බවට පත්ව ඇත. තම ඉදිරි කටයුතු පිළිබඳව කතා බහ කිරීමට ‘සාරවිට’ සමග ඇය මෙසේ එක්විය.
මුලින්ම ඔයාව හඳුන්වාදුන්නොත්?
මම නෙතූ ගමගේ. වයස අවුරුදු 19යි. මගේ ගම ගාල්ල.
දැනට මොනාද කරන්නේ?
මේ වෙනකොට මම නිරූපණ හා රංගන ක්ෂේත්රවල නිරත වෙලා ඉන්නවා. දැනට මම ඉසුරු වීරසිංහ සිනමා අධ්‍යක්ෂණය කළ papa's house සිනමාවට සම්බන්ධ වෙලා ඉන්නනවා. ඉදිරියේදි ඔයාලට එය දැක බලා ගන්න පුලුවන් වේවි.
ඇයි මේ කලාවට එකතු වෙන්නේ?
කලාවට මං පොඩි කාලේ ඉඳන්ම ආදරෙයි ගොඩක්. ගොඩක් අයගෙ ආරාධනා ලැබුණ මට කලාවට සම්බන්ධ වෙන්න.ඒ නිසා මම කලා ක්ෂේත්රයෙන් ඉදිරියට යන්න තීරණය කළා. ඉදිරියටත් මම රංගනයෙන් දායක වෙන්න බලාපොරොත්තුවක් තියෙනවා.
කොයි කාලේද මේ ක්ෂේත්රයට ආවේ?
නිරූපණ ක්ෂේත්රයට ඇවිත් නම් අවුරුද්දක වගේ කාලයක් ගතවෙලා ඉවරයි. රංගන ක්ෂේත්රයට ඇවිත් නම් ලොකු කාලයක් වෙන්නෙ නැහැ.
මේ ක්ෂේත්‍ර දෙකෙන් වැඩිපුරම කැමති මොන දෙයටද?
එහෙම විශේෂයක් නම් නැහැ .ක්ෂේත්‍ර දෙකටම කැමති. මං වැඩියෙන්ම නිරත වෙන්නෙ නිරූපණ ක්ෂෙත්රයේ.ඒ ක්ෂේත්රයෙන් තමා මට ගොඩක්ම ආරාධනා ලැබෙන්නේ.නමුත් රංගන ක්ෂේත්රයෙනුත් ඉදිරියට යන්න අදහසක් තියෙනවා
වර්තමාන ක්ෂේත්රය පිළිබඳව හිතන්නේ කොහොමද?
නිරූපණ ක්ෂේත්රයෙන් බැලුවොත් ටිකක් අසතුටුදායකයි තමා.මොකද නිරූපණ ක්ෂේත්රය කියන්නෙ කලාවක්.අපි එක අධ්‍යයනය කරන්න ඕන නිවැරදි විදියට.අද බොහෝමයක් දෙනා මේ ක්ෂේත්රය විහිළුවක් බවට පත් කරගෙන. ඒ නිසා මිනිස්සු ඕනිම නිරූපණ ශිල්පිනියක් දිහා බලන්නෙ වැරදි ආකල්පයකින්.ම ම නම් කියන්නෙ එසේ නොවිය යුතුයි කියල. අපි හරි දේ මොකද්ද කියල තෝරගෙන වැඩ කරනව නම් ඒක ප්‍රශ්නයක් වෙන්නෙ නැහැ.
මෙය ඔබගේ වෘත්තිය බවට පත් කරගැනීමට අදහසක් තියෙනවද?
ඔව්. දැනට එසේ නොවුණත් ඉදිරියේදී වෘත්තීය වශයෙන් මේ ක්ෂේත්රවල නිරත වෙන්න මම බලාපොරොත්තු වෙනවා.
නවකයෙකුට මේ ක්ෂේත්රය හොඳයි කියලා හිතනවාද?
ප්‍රයෝජනයක් ගන්න කෙනෙක්ටනම් හොද අවස්ථාවක්. හැබැයි ඒ හරි දේ කරල. ක්ෂේත්රය තුළ නමක් හදා ගන්න නම් ගොඩක් කැපකිරීම් කරන්න වෙනව.ගොඩක් මහන්සි වෙන්න වෙනව. එකපාර hit වෙන්න නම් ඕනි තරම් ක්‍රම තියෙනව. නමුත් ඒ දේවල් තාවකාලිකයි කියලයි මම හිතන්නෙ. අපේ කැපවීම,මහන්සිය තමා අපිව ඉස්සරහට ගෙනියන්නෙ කියල තමා මම නම් හිතන්නෙ.
එහෙනම් ඇයි ගොඩක් අය මේ ක්ෂේත්රයට චෝදනා එල්ල කරන්නේ?
යම් යම් වැරදි තියෙන අතර මිනිස්සු මෙම ක්ෂේත්රය පිළිබඳ වැරදි අවබෝධයත් නිසා තමා එහෙම වෙන්නෙ. නමුත් නිරූපණ ක්ෂේත්රය කියන්නෙ කලාවක්.ඒක හරි විදියට අධ්‍යයනය කරන්න අපි දැනගන්න ඕනි.
ඉදිරි කටයුතු ගැන කතා කළොත්?
ටෙලි නාට්‍ය කිහිපයකට ආරාධනා ලැබිල තියෙනව.නව සිනමා අධ්යක්ෂණයකටත් සම්බන්ධ වෙන්න අදහසින් ඉන්න අතර නිරූපණ ක්ෂේත්රයේ වැඩ කටයුතු කරගෙන ඉදිරියට යන්න තමා බලාපොරොත්තුව.
අවසාන වශයෙන් උදවු කරපු පිරිස මතක් කළොත්?
මුලින්ම මතක් කරන්න ඕනි මගේ අම්මා හා තාත්තා. ඒ දෙන්නා නැත්නම් මට මේ ක්ෂේත්රයට එන්න වෙන්නෙ නැහැ. ඒ වගේම මට උදවු කළ නොකළ සියලු දෙනා මං මේ අවස්ථාවෙ මතක් කරනවා.
Dilan Chryshantha