නිරූපණ ක්ෂේත්රය මිනිස්සුන්ට එපා වෙන තත්ත්වයට පත්වෙලා තියෙන්නේ
ශ්‍රීමාලි ෆොන්සේකා යනු ලංකාවේ දක්ෂ මෙන්ම ප්‍රවීණ නිරූපණ ශිල්පිනියකි. ලංකාවේ නාමය ජාත්‍යන්තරය දක්වා ගෙන ගිය කෙනෙකු ලෙස ඇයව හඳුන්වාදිය හැකිය. එදා මෙන්ම අදත් සුරූපිනියක් වන ඇය මෙවර "අද" තරු කතාබහට එක්විය. අද පවතින නිරූපණ ක්ෂේත්රය තුළ ධනාත්මක අදහසක් නම් ඇය තුළ නොපවතී. ඒ ඇයි? ඒ කාරණාව අපි ඇයගෙන්ම ඇසුවෙමු.
මේ දිනවල කලා කටයුතුවලින් ඈත්වෙලාද?
නෑ. මේ දිනවල ජාතික රූපවාහිනියෙන් රාත්‍රී 8.30ට "විමංසා" ටෙලිනාට්‍ය තිරගත වෙනවා. මම එහි ප්‍රධාන චරිතයකට දායක වෙනවා. ඒත් සමග මේ දිනවල කාර්යබහුල වෙලා තියෙනවා. ඒ වගේම මගේ ව්‍යාපාර කටයුතුත් සිදුවෙනවා. මම ගොඩක් වෙළෙඳ දැන්වීම් සඳහාත් සහභාගී වෙනවා.
සිනමාවේ හා ටෙලිනාට්‍යවලට වඩා ඔබව දකින්න ලැබෙන්නේ වෙළෙඳ දැන්වීම් තුළින්, ඒකට හේතුවක් තිබෙනවාද?
හේතුවක් කියන්නේ, මට ගොඩක් ආරාධනා ලැබෙනවා. ඒ ඇරෙන්න මම වෙළෙඳ දැන්වීම්වලට පෙනී සිටින්න ආසයි. මම හිතන්නේ ගොඩක් වෙලාවට වෙළෙඳ දැන්වීම්වලින් මිනිස්සු අතරට යන්න පුළුවන්. හැම නාළිකාවකම හැමතිස්සෙම වෙළෙඳ දැන්වීම් යන නිසා ඒක ගොඩාක් මිනිස්සුන්ට මතක හිටිනවා. මේ වන විට මම මිනිස්සුන්ට මතක හිටින වෙළෙඳ දැන්වීම් ගොඩක් කරල තියෙනවා.
ඔබ දායක වූ මේ දිනවල විකාශය වන නිර්මාණ හා ඉදිරියේදී විකාශය වීමට ඇති නිර්මාණ මොනවාද?
මම ටෙලිනාට්‍ය ගොඩක් කරන්නෙ නැහැ. ටෙලි නාට්‍ය කිහිපයකට ආරාධනා ලැබිලා තියෙනවා. මට ලැබෙන වෙලාව කළමනාකරණය කරගෙන වැඩකටයුතුවලට දායක වෙනවා. ඒ වගේම %අභිශේක^ කියලා චිත්‍රපටයකට සම්බන්ධ වුණා. ඒකෙත් වැඩකටයුතු ගොඩක්දුරට ඉවරයි.
ජීවිතේ හැරවුම් ලක්ෂයක් වුණ කාලයක් තිබුණා. ඒ කාලය ගැන ටිකක් මතක් කළොත්?
ඒ 2012දී. මිසිස් ශ්‍රී ලංකා ලෙස කිරුළ ලබාගන්න මට අවස්ථාවක් ලැබුණා. ඒ වර්ෂයේදීම මිසිස් ඒෂියා කිරුළ දිනාගන්නත් අවස්ථාවක් ලැබුණා. ඒ හරහා තමයි ගොඩක් මාධ්‍යයට එන්න අවස්ථාව ලැබුණේ. ඊට කලින් ඉඳන්ම මගේ ව්‍යාපාර කටයුතු එක්ක මම හිටියා.
ප්‍රවීණ නිරූපණ ශිල්පිනියෙක් විදිහට Pageant ඉහේ කෙස් ගාණට කියන දේ ගැන ඔබ දකින්නේ කොහොමද?
ඒ රැල්ල ඇති කළේ මමද කියලත් වෙලාවකට හිතෙනවා. මම 2012 මිසිස් ශ්‍රී ලංකා එකට අයදුම්පත් භාරදෙනකොට එහෙම ප්‍රශ්නයක් තිබුණෙ නැහැ. පොඩි කාලෙ ඉඳන් තිබුණ ආසාවක් නිසා මිසක් කවුරුවත් වගේ වෙන්න අවශ්‍යතාවක් තිබුණේ නැහැ. ඊට පස්සෙ මම කියන චරිතය කවුද කියල ගොඩක් මිනිස්සු හොයන්න ගත්තා. ඊට පසුව මට ගොඩක් මාධ්‍යවලින් ආරාධනා ලැබුණා. නිවේදන කටයුතුවලට, සන්නාම කළමනාකාරිණියක් ලෙස ගොඩක් අවස්ථා ලැබුණා. ඒක මට දැන් හිතෙනවා මිනිස්සු අනවශ්‍ය විදියට ඒ ගොල්ලන්ගේ උවමනා එපාකම්වලට තෝරා පත්කර ගැනීමක් කියලා. ඉතිං මට ගොඩක් වෙලාවට විනිශ්චය මණ්ඩලය සඳහා ආරාධනා ලැබුණත් මම යන්නෙ නැහැ. මොකද Crown එකක් දාන එක දැන් ලංකාවේ විහිළුවක් වෙලා තියෙනවා. Pageant කියන එක රැල්ලට ගිහින් තත්ත්වය බාල වෙලා තියෙනවා.
මේ කාරණාව වෘත්තීය වශයෙන් නිරූපණයේ නියැළෙන්නන්ට හානියක් නේද?
අනිවාර්යෙන්ම හානියක්. මොකද සුදුසු අය නෙවෙයි ක්ෂේත්රයට එන්නේ. මොනව කරලා හරි Pageant එකක් දින්නත් පැවැත්මක් තියෙන්න ඕන. මේ වන විට වෙලා තියෙන දේවල්වල හැටියට ගොඩක් අයට පැවැත්මක් නැහැ. Crown එකක් දාගත්ත කියලා Beauty Queen කෙනෙක් වෙන්න බැහැ. ඒක ගොඩක්දුරට මේ වන විට ඔප්පුවෙලා තියෙනවා. ලංකාවේ සමාජයේ අය ජීවත් වෙන්නේ ගොඩක්ම බොරුවෙන්. ඒ බොරුවත් වැඩිකල් තියෙන්නේ නෑ.
කාලයක් ක්ෂේත්‍ර‘යේ ඉඳලා ඔබට අත්දැකීමක් තියෙනවා. ක්ෂේත්‍ර‘යේ අද තත්ත්වය ගැන ඔබට මොකද හිතෙන්නේ?
අභාවයට නෙවෙයි මේ ක්ෂේත්රය වෙනම පැත්තකට ගිහිල්ලා තියෙන්නේ. ඇත්තටම ඒ අය නිරූපිකාවොත් නෙවෙයි. Bridal එකකට ගිහින් Photo Shoot එකක් කරලා නිරූපිකාවන් බවට පත්වෙලා එන ගමනක් තියෙන්නේ. අද සමාජය තුළ නිරූපිකාවක් කියල කියන්න ලැජ්ජා වෙන තත්ත්වයට පත්වෙලා තියෙනවා. නිරූපණ ක්ෂේත්රය මිනිස්සුන්ට එපා වෙන තත්ත්වයට පත්වෙලා තියෙන්නේ. ඉතිං ඒක නිසා ලොකු කලකිරීමක් තියෙන්නේ.
මෙවැනි දෙයක් වෙන්න ෆේස්බුක් කියන දේ ලොකු බලපෑමක් වෙලා නේද?
ෆේස්බුක් වලින් ජනප්‍රිය වෙච්ච අයනේ ගොඩක් ඉන්නේ. ෆේස්බුක් කියන දේ ලංකාවට පිලලයක් වෙලා තියෙන්නේ. මිනිස්සු මේක අනවශ්‍ය දේවල් සඳහා තමයි භාවිත කරන්නේ. ෆේස්බුක් කියන දේ අවශ්‍යතාවය සඳහා භාවිතකරන අය ගොඩක් අඩුයි. මේකෙන් කරන්න පුළුවන් ගොඩක් හොඳ දේවල් තියෙනවා. මම ෆේස්බුක් හිටියා. දැන් ෆේස්බුක් නැහැ. මොකද මට ෆේස්බුක් අප්‍රිය වුණා. සමහර මිනිස්සු එවන මැසේජ්, දාන කමෙන්ට්ස් මට හිතාගන්න බෑ මිනිස්සු මෙච්චර පහත්ද කියලා. ඒ ඇරෙන්න ගොඩක් ප්‍රශ්න වෙලා තියෙනවා. මේ ෆේස්බුක් කියන දේ ලංකාවට නොගැළපෙන දෙයක්. ෆේස්බුක් පාවිච්චි කරන සමහර අය බුද්ධිමට්ටමෙන් අඩු අය කියලා මට හිතෙනවා. අපේ ගොඩක් අය කරන්නේ සමාජ මාධ්‍ය ජාල හෝ වෙබ්අඩවි සඳහා තමන්ගේ ගොසිප් දීලා ජනප්‍රිය වෙන එක. දැන් ඒක රැල්ලක් වෙලා. එක්කෝ තමන්ගේ නිරුවත් පින්තූරයක් දීලා ජනප්‍රිය වෙනවා. මම කියන්නෙ නෑ හැමෝම කියලා. ඊට පස්සෙ ඒ අය තමා නිරූපිකාවෝ, එහෙමත් නැත්නම් නිළියො වෙන්නේ. මට වෙලාවකට හිතෙනවා ලංකාවේ ජීවත්වෙන එකත් එච්චර හොඳ නැහැයි කියලා. ක්ෂේත්රය ගැන පුදුම කලකිරීමකින් මම ඉන්නේ.
ශ්‍රීමාලි කියන චරිතය ක්ෂේත්‍ර‘යේ තව තවත් අවධානයට යොමුවෙන චරිතයක් වෙලා. මේකට රහසක් තියෙනවාද?
මම බොරුවෙන් නෙවෙයි ජීවත් වෙන්නේ. මට බොරු කරන්න ගොඩක් අමාරුයි. මම ඕනවටත් වඩා අවංකයි. එහෙම වුණාම කලකිරීම් ඇතිවෙනවා ගොඩක් වැඩියි. මම විශ්වාස කරන දෙවියන් අනුව මම වැරැද්දක් කළොත් ඒකෙ ඵලවිපාක මට වගේම මම හොඳක් කළොත් ඒකේ ඵල විපාකත් මට ලැබෙනවා. ඒ වගේම තමයි අනිත් අයටත්. ඒවා අපි ගොඩක්දුරට දැකලා තියෙනවා. අත්විඳලා තියෙනවා. අපිට ඒ වෙනුවෙන් මොකුත් කරන්න බෑ. බලාගෙන ඉන්න තමයි තියෙන්නේ.
ක්ෂේත්රය තුළ ලිංගික අල්ලස් තිබෙන බව නවකයන් බොහෝදෙනෙක් කියනවා. මේ ගැන ඔබේ අදහස මොකක්ද?
ලිංගික අල්ලස් ඉල්ලනවා නම් ඒවා පසුව කියල වැඩක් නැහැ. තමන්ගේ බලාපොරොත්තුව ඉටු නොවුණාම තමයි ලිංගික අල්ලස් ඉල්ලනවා කියල කියන්නේ. පොලීසියට ගිහින් කියන්න ඕන මගෙන් ලිංගික අල්ලස් ඉල්ලනවා මෙන්න මේ දේ සඳහා කියලා. එයා නිළියක් වුණේ නැති වුණාම, එයා Beauty Queen කෙනෙක් වුණේ නැති වුණාම කියලා තේරුමක් නෑනේ. ලිංගික අල්ලස ඉල්ලන්න ඇත්තේ ඊට කලින්නේ. ඒක ලබාදුන්නේ නැති නිසානේ අවස්ථා නොලැබෙන්නේ. මේ ක්ෂේත්රය තනිකරම නාට්‍යයක්. එක එක කතා ගොතනවා. බොරුව තමයි ඉතිං රජ කරන්නේ.
මේ යන විදියට ක්ෂේත්රය යථා තත්ත්වයට ගන්න හැකියාවක් නෑ නේද?
නෑ නෑ. මේ තියෙන තත්ත්වයට අනුව කොහේ හරි රටකට ගිහිල්ලා ඉන්න එක තමයි මට දැනට හිතෙන හොඳම දේ. අපිට මේ බොරුවත් එක්ක හැප්පෙන්න බෑ.
ප්‍රමිතියක් නැති දේවල්වල ප්‍රමිතියක් ඇතිකරන්න බැරිද?
ප්‍රමිතියක් ඇතිකරන්න බෑ. ඉස්සර නිරූපිකාවක් කීවාම ඒක ලොකු දෙයක්. අද නිරූපිකාවක් කීවාම මිනිස්සු හිතන්නේ වෙනම පැත්තක්නේ. ඒක බොරු නෙවේ. ඒක ඇත්ත. නිරූපිකාවක් කියලා හිතන්න හිරිකිත තරමටම ක්ෂේත්රය ඒ තත්ත්වයට පත්වෙලා තියෙනවා.
මේකට වගකිව යුත්තේ නිරූපිකාවන්මද?
නිරූපිකාවෝ කියන්නේ වෘත්තීමය අය නෙවෙයි. වර්තමානයේ බිහිවෙලා ඉන්න අඩි පහක්වත් උස නැති නිරුපිකාවන් යැයි කියාගන්නා සමහර අය තමයි වගකිව යුත්තේ. කිසිම හැකියාවක් නැහැ. හැබැයි ෆේස්බුක් එකේ ලස්සනට එඩිට් කරලා ෆොටෝ දාලා තියෙනවා. ඒක තමයි අද ඉන්නේ ෆේස්බුක් එකෙන් ජනප්‍රිය වුණ නිරූපිකාවන් කියලා කිව්වේ. %බලු නැට්ටෙ ඇදේ අරින්න බෑ^ කියනවා වගේ ඕවා හදන්න අපිට බෑනේ. අපි නරක නාම ගාගන්න ඕනත් නෑ. ප්‍රශ්න ඇති කරගන්න ඕනත් නෑ. ඒකනේ අද වනවිට වෘත්තීමය නිරූපිකාවන් පැත්තකට වෙලා ඉන්නේ. මේක තමයි තත්ත්වය
ඔබට කලකිරීමෙන් නිසාද මේ නිහැඬියාව?
අනිවාර්යෙන්ම, කලකිරීම 100% තියෙනවා. මොකද නිරූපිකාවෝ කියාගත්තු සමහර ගැහැනු කියන, කතා කරන දේවල්වල හැටියට මම මොඩ්ල් කෙනෙක්, Beauty Queen කෙනෙක් කියලා කියන්නත් ලැජ්ජයි.
ලංකාවේ ඉදිරියට නිරූපණය කියන ක්ෂේත්රය නැතිවීමක්ද තියෙන්නේ?
නැතිවෙන එක නෙවෙයි. ඇති වෙන එක හොඳයි. ඇතිවෙන එකක් නැහැ මම හිතන්නේ. මොකද අද වෙනකොට මේ ක්ෂේත්‍ර‘යේ ඉන්න දැවැන්තයෝ ක්ෂේත්‍ර‘යෙන් අයින් වෙලා ඉන්නවා. ඒ මිනිස්සුන්ට ලැජ්ජයි මේ ක්ෂේ‘ත්ර‘යේ රැඳිලා ඉන්න. මම හිතන්නේ මේ වෙන දේවල්වල හැටියට, සාමාන්‍ය‘යෙන් ලැජ්ජාවක් බයක් තියෙන කෙනෙකුට මේ වගේ දේවල් බලාගෙන ඉන්න බැරි නිසා හැමදෙනාම ක්ෂේත්‍ර‘යෙන් ඉවත් වෙලා ඉන්නේ.
ඔබේ ජීවිතයේ ඉදිරි කටයුතු හා බලාපොරොත්තු මොනවාද?
මම හරි ආසයි රඟපෑමට. මට ෆේමස් වෙන්න දෙයක් නෑ. මිනිස්සු මාව දන්නවා. නමුත් ඒ වගේ දෙයක් කළාම ජීවිතයට අමුතු අත්දැකීමක්. මම කැමතියි වෙනස් වෙනස් ස්ථානවලට ගිහිල්ලා ඒ වගේ දේවල් කරන්න. ගොඩක් වෙලාවට මම නිරූපණයට කැමති ඒ නිසා. අපි ලස්සන ස්ථානවලට යනවා. ලංකාවේ තියෙන ලස්සන ස්ථාන අපි දකිනවා. සල්ලි හම්බකරන්න හෝ ඒ කිසිම දේකට නෙවෙයි මම රඟපෑම කරන්නේ. නමුත් මම රංගනයට ගොඩක් කැමතියි. මම හිතන්නේ ඉදිරියේදී ගොඩක් වෙළෙඳ දැන්වීම් වලින් මාව බලන්න පුළුවන් වෙයි. දැනට මම ගොඩක් වෙළෙඳ දැන්වීම්වලට සම්බන්ධවෙලා ඉන්නවා.
සිනමාව පැත්තෙන් තියෙන බලාපොරොත්තු මොනවාද?
%අභිෂේක^ කියලා චිත්‍රපටයකට සම්බන්ධ වුණා. ඒ වගේම තව කිහිපයකට ආරාධනා ලැබිලා තියෙනවා නමුත් වැඩ පටන්ගත්තෙ නැහැ. හොඳ නිර්මාණවලට සම්බන්ධ වෙන්න බලාපොරොත්තු වෙනවා. මගේ ව්‍යාපාර කටයුතු එක්ක ගොඩක් කාලය වැය කරන්න බැහැ.
ඩිලාන් ක්‍රිෂාන්ත / ඡායාරූප - කවීත් මිලින්ද