නිරූපණ ක්ෂේත්රයෙන් අපේ සංස්කෘතිය හා සභ්‍යත්වය ඉහළට එසවිය හැකියි
ඇය නමින් අමායා විජේසූරියයි. ඇය අධ්‍යාපනය ලැබුවේ පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයෙනි. නිරූපණ ශිල්පිනියක ලෙස කලඑළි බසින ඇය සමගිනුයි මේ කතාබහ.
නිරූපණ ක්ෂේත්රයට කොහොමද එන්නෙ?
ක්ෂේත්රයට එන්න මුල සිටම ආසාවක් තිබුණා. මම මීට පෙර සඟරාවක සේවය කරද්දී ආසාවක් තිබුණා නිරූපණ ක්ෂේත්රයට එන්න. මෝස්තර නිරූපිකාවක් විදියට ඉදිරියට එනවා
හැදෑරීම
ඕනෑම ක්ෂේත්රයට ඉදිරියට එන්න කාලයක් ගතවෙනවා. එනිසා හොඳ දැනුමක් සහ අවබෝධයක් තිබිය යුතුයි. දැනට මම ක්ෂේත්රය පිළිබඳ හැදෑරීමක් කරගෙන යනවා. විශේෂයෙන්ම මනාලියන් ඇන්දවීම දෙසට අවධානය යොමු කළ යුතුයි. අපේ සංස්කෘතියත් සමග බැඳුණු නිරූපණ ක්ෂේත්රය පිළිබඳව මම අවධානය යොමු කළ හැකියි. මේ ක්ෂේත්රයට මම තවම ආධුනිකයෙක්. ඒ කාලය තුළ දැනුම ලබාගෙන ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා.
නිරූපණ ක්ෂේත්රය
අද වනවිට නිරූපණ ක්ෂේත්රය වාණිජකරණයට ලක්වෙලා. වාණිජකරණය හොඳ වුණාට එහි යම් යම් අඩුපාඩු තිබෙනවා. බෞද්ධ පරිසරයක් තුළ වාණිජකරණය වෙච්ච සමාජයක් තුළ කාන්තාවට විශාල තැනක් ලැබිලා තිබෙනවා. නමුත් අද වනවිට ක්ෂේත්රය තුළ සිදුවන යම් දේවල් නිසා ක්ෂේත්රය විනාශයට ලක්වෙලා.
නිරූපණය මිනිසුන් පිනවන්න යොදාගන්නෝන දෙයක්. නිරූපණ ශිල්පිනියක් ලෙස ක්ෂේත්රයට සුදුසුද කියා තීරණය කරන්නෙ අපිව දකින පිරිසයි. එනිසා එය උපතින්ම ලැබෙන්න ඕන ලස්සනක් සහ හැදෑරීමක් අවශ්‍යයි. අපිව දකින අය තමයි අපිව මේ කෂේත්රය තුළ ඉහළට ඔසවන්නෙ. නිරූපණ ක්ෂේත්රයෙන් අපේ සංස්කෘතිය හා සභ්‍යත්වය ඉහළට එසවිය හැකියි.