නිරූපණ කටයුතුවලදී මගේ අම්මා මාව දිරිමත් කරනවා
නිරූපණයට පිවිස කෙටි කලකින් ජනප්‍රියත්වයක් ලබා ඇති සොඳුරු නව යොවුන් වියේ පසුවන චොන්ග්, රංගනයටද අත්පොත් තබා තිබේ. ඒ පිළිබඳව හා ඇගේ ඉදිරි කලා කටයුතු පැවසීමට අප සමගින් මෙලෙසින් දොඩමළුවූවාය.
ඔබ ගැන හැඳින්වීමක් කළොත්?
මම චොන්ග් අනූපමා. මගේ පදිංචිය බොරැල්ලෙ. මම නිරූපණ සහ රංගන කටයුතු සඳහා දායක වෙනවා.
ඔබ ක්ෂේත්රයට පිවිසි වැඩි කාලයක් නෑ නේද?
ඔව්. මාස 10ක් විතර වෙනවා.
ඒ කාලය තුළ ඔබ දායක වූ නිර්මාණ ගැනත් කියමු.
Elephants House, Pizza hut වගේ වෙළෙඳ දැන්වීම්, "අඟර ඉඟර" වැඩසටහන සහ මියුසික් වීඩියෝ කීපයක් සඳහා දායක වුණා. ඒවා ඉදිරියේදී ප්‍රචාරය වීමට නියමිතව තිබෙනවා. ඊට අමතරව FITT එකත් එක්ක "සැන්ටා ලංකාවේ හිටියනම්" වීඩියෝ එක කළා.
Ceylon Majestic Pageant එකට තේරුණා. ඉදිරියේදී එයටත් සහභාගී වෙනවා.
ඔබ නිරූපණය හා රංගනය පිළිබඳව හැදෑරීමක් කරලා තියෙනවාද?
නිරූපණය පිළිබඳව හැදෑරීමක් කළා Catwalk Model Academy එකෙන්. මිස් ශාෂා තමයි මගේ ගුරුවරිය. රංගනය පිළිබඳව නම් දැනට හදාරලා නැහැ. නමුත් ඉදිරියේදී ඒ පිළිබඳ හැදෑරීමට බලාපොරොත්තු වෙනවා.
ඔබ රැකියාවක් කරනවාද?
නෑ දැනට JOB එකක් කරන්නේ නැහැ. නමුත් ඉදිරියේදී ව්‍යාපාරයක් කරන්න බලාපොරොත්තුවක් තියෙනවා.
ඔබ මෙම ක්ෂේත්රයට පිවිසෙද්දී පවුලේ අයගේ කැමැත්තක් තිබුනද?
ඔව්. අම්මලාගේ කැමැත්ත සහ ආශීර්වාදය සමග තමයි මම මේ ගමන යන්නේ. විශේෂයෙන් මගේ අම්මා මට ලොකු සහයෝගයක් ලබාදෙනවා.මගේ පස්සෙන්ම තමයි. Field එකේ අය කියන්නේ ඉඳිකට්ටයි නූලයි කියලා. මාව උනන්දු කරවලා හොඳ දේවල්වලටම තමයි යොමු කරවන්නේ. මගේ අම්මාගෙන් මට කියාගන්න බැරි තරම් හොඳ සහයෝගයක් ලැබෙනවා.
ඔබගේ ඉදිරි බලාපොරොත්තු මොනවාද?
රංගනය හා නිරූපණ ක්ෂේත්‍ර‘යේ ඉදිරියටම යාම තමයි මගේ බලාපොරොත්තුව.
ඔබට උදවුකළ මතක් කළ යුතු පිරිසක් ඉන්නවාද?
විශේෂයෙන් මට ලොකු ශක්තියක් වන මගේ අම්මාව ආදරයෙන් මතක් කළ යුතුයි. හිමේෂ් ජයරත්න අයියා මට Field එකට එන්න ගොඩක් උදවු කළා. ඉතාලියේ ඉන්න හිමේෂ් දිල්ෂාන් මගෙ හොඳම යාළුවා මට ලොකු සහයෝගයක් දෙනවා. Catwalk Model Academy එකේ ශේෂා මිස්, අදීෂ අයියා ඇතුළු FITT එකේ පිරිස මතක් කළ යුතුයි.
දිනිත් කණිෂ්ක