නිරුවතින් නම් මම පොටෝවල ඉන්නේ නැහැ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2019-09-18-ent-599

නිරූපිකාවක් ලෙස නිතර ඡායාරූප හරහා දකින දිල්මිණි ඉඹුලේගම සමගින් "සාරවිට" අපි මෙවර කතා බහා කළේමු. වසර කිහිපයක් තිස්සේ නිරූපණ ක්ෂේත්‍රයට යොමුව සිටින ඇය විවිධ කලා නිර්මාණය බොහෝමයකට දායක වූ අයෙක්ද වෙයි.

 

නිරූපිකාවක් විදිහට අපි නිතරම ඔබව දකිනවා?

ඔව්, පසුගිය දිනවල මම පෙනී සිටි ඡායාරූප බොහෝමයක් නිකුත් වුණා. විශේෂයෙන්ම %කැෂුවල්^ හා "බ්‍රයිඩ්ල්" පොටෝස්.2019-09-18-ent-597

 

නිරූපිකාවක් විදිහට ඇයි ඔබ ඡායාරූපවලට පමණක් පෙනී සිටින්නේ?

ගීත රූප රචනා, වෙළෙඳ දැන්වීම් හා ටෙලි නාට්‍යය වගේ දේවල්වලට මම දායක වෙන්නේ නැහැ. ඒකට හේතුව මම දැනට රැකියාවක් කරන ගමන් අධ්‍යාපන කටයුතුවලටත් යොමු වෙලා ඉන්න නිසා. බලමු ඉදිරියට කාලය එහා මෙහා කරගන්න හැකිවුණොත් අනෙකුත් කලා කටයුතුවලටත් මම දායක වේවි.

 

විනෝදාංශයක් විදිහටද නිරූපණ වැඩ කරන්නේ?

නැහැ එහෙමත් නැහැ. හොඳ වැඩක් ආවෝත් කරනවා. හැම වැඩක්ම බදාගෙන කරන්නේ නැහැ.

 

හොඳ වැඩක් කියන්නේ?

මට ගැළපෙනවා කියලා හිතෙන වැඩක්. මට ගැළපෙන්නේ නැහැ මට කරන්න බැහැ කියන වැඩ මම භාර ගන්නේ නැහැ.

 

නිරූපිකාවට එල්ලවන අනිසි බලපෑම අද වැඩියි. ඔබටත් එවැනි දේවල්වලට මුහුණ දෙන්න සිදුවෙලා තියෙනවාද?

හැම ක්ෂේත්‍රයකම ඔය වගේ දේවල් තියෙනවා. නමුත්, අපි හරියට ඉන්නවා නම් ප්‍රශ්න අඩුයි.

 

නිරුවත් ඡායාරූපවලට පෙනී හිටින්න අවස්ථාවක් ලැබුණොත්?

නැහැ භාර ගන්නේ නැහැ. කොපමණ මුදලක් ඒ වැඩේට ගෙව්වත් මම නම් භාර ගන්නේ නැහැ. මොකද, මුදලට වඩා මට මගේ ආත්ම ගරුත්වය වටිනවා.

 

සීමාවක් තියෙනවාද වැඩවලදී?

ඔව්, මම පණවා ගත්තු සීමාවන් ටිකක් තියෙනවා. ඒ ඇතුළේ කෙරෙන වැඩවිතරයි මම භාර ගන්නේ.

 

දිගට අඳින ඇඳුමකට වඩා කොටට අඳින ඇඳුමකින් "හිට්" වෙන්න පුළුවන් නේ?

මම නම් හිතන්නේ නැහැ. වැඩේට කරන සාධාරණය අනුව තමයි %හිට්^ වෙන්න පුළුවන්. නමුත්, මට %හිට්^ වෙන්න කියලා ලොකු ආසාවක් නැහැ. හොඳ වැඩකට මුලීකත්වය දෙන එක තමයි මගේ ඉලක්කය.

 

පවුලේ අයගෙන් බලපෑමක් නැද්ද මේ වෘත්තියේ කටයුතු කරනවට?

අකැමැත්තකුත් නැහැ. නමුත්, දිගටම මේක විතරක් කරන්න මගේ අදහසක් නැහැ. මම තාමත් අධ්‍යාපනය කරනවා. ඒ පැත්තෙන් ඉදිරියට යන්න තමයි මගේ අදහස තියෙන්නේ.

 

බුද්ධික සේනාධීර

 

 2019-09-18-ent-598