නිරුවත් විඩියෝවල මම පෙනී ඉඳලා නැහැ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2018-07-12-ent-11

ජාතික රූපවාහිනියේ විකාශය වෙන ‘අවසන් ඉනිම’ ටෙලි නාට්‍යයේ ‘නෙතු’ ලෙස රංගනයෙන් දායක වෙන ශෂි ඇන්ජලීනා කවුරුත් දන්නා චරිතයකි. ක්ෂේත්‍රයට පැමිණි මුල් කාලයේ සිට මෑතක් වනතුරු ගීත රූප රචනා සඳහා වැඩි දායකත්වයක් ලබාදුන් ඇය, මේ වනවිට ටෙලි හා සිනමා නිර්මාණ සඳහාද සිය දායකත්වය ලබාදී තිබේ. අද ‘සාරවිට’ තරු කතා බහ දිග හැරෙන්නේද ඇය සමගිනි.

 

කාලයකට පස්සේ ශෂිව අපි ටෙලි නාට්‍යයක් තුළින් දකිනවා?2018-07-12-ent-13

ඔව්, ක්ෂේත්‍රයට මම ආවේ රංගන ශිල්පිනියක් විදිහට. ‘සුපර් සික්ස්’ චිත්‍රපටයේ සුළු චරිතයකට දායක වෙමින්. ඊට පස්සේ ගීත රූප රචනාවලට දායක වුණා. මෑතක් වනතුරු මම වැඩිපුරම දායක වුණේ ගීත රූප රචනාවලට. නමුත්, ‘අවසන් ඉනිම’ විකාශයත් සමග මට දැන් ටෙලි නාට්‍යය හා සිනමා නිර්මාණවලට දායක වෙන්න අවස්ථාව ලැබිලා තියෙනවා.

 

‘අවසන් ඉනිම’ ටෙලි නාට්‍යයේ විතරද ඔබව අපි දකින්නේ?

නැහැ, ජාතික රූපවාහිනියේම මේ දිනවල විකාශය වෙන ‘අළු’ කියන ටෙලි නාට්‍යයේ මාව දකින්නත් පුළුවන්. එහි මා නිරූපණය කරන්නේ ‘දුල්මි’ කියන චරිතය. ඊට අමතරව පසුගිය දිනවල චිත්‍රපටයක වැඩ කළා ‘රශ්’ කියලා. ඒ චිත්‍රපටයෙ විස්තර පසුව කියන්නම්.

 

ඇයි පසුගිය කාලේ වැඩි දායකත්වයක් රූප රචනාවලට ඔබ ලබා දුන්නේ?

මම ක්ෂේත්‍රයේ නමක් හදාගත්තේ මියුසික් වීඩියෝ හරහා. ඒ නිසා තමයි මම වැඩිපුර දායකත්වයක් ඒ පැත්තට දුන්නේ. මම දන්නේ නැහැ මාව ඇයි ටෙලි හා සිනමා නිර්මාණවලට සම්බන්ධ කරගත්තේ නැත්තේ කියලා.

 

ගීත රූප රචනාවල පරණ මුහුණුවලට තාම තැනක් තියෙනවාද?

ඔව්, අපි දකිනවා අලුත් අය මේ ක්ෂේත්‍රයට එනවා. කාටහරි අපි පරණයි කියලා තාම දැනිලා නැහැ. කාටහරි අපිව ඔවුන්ගේ නිර්මාණයට සුදුසුයි කියලා හිතිලා තාමත් අපිව ඒවට සම්බන්ධ කර ගන්නවා. ඒ අයට තාම මාව එපා වෙලා නැහැ.

 

පසුගිය කාලයේ ‘ගොසිෆ්’ වෙබ් අඩවිවල ශෂිගේ නමට ලොකු තැනක් තිබුණා?

මෙහෙමයි, මම එක්තරා මියුසික් වීඩියෝවකට පෙනී හිටියා ගොඩක්ම වෙබ් සයිට්වල තිබුණේ මම ඇඳුම් නැතිව ඒ රූප රචනාවේ පෙනි හිටියා කියලා. ඇත්තටම එහෙම දෙයක් සිද්ධ වුණේ නැහැ. ඒක කොහොමද කළේ කියන දේ හැමෝම දන්නවා. මම හිතන්නේ මගේ නම ‘ගොසිෆ්’ වෙබ් සයිට්වල මුලට එන්න හේතු වුණේ ඔය කියන කාරණය නිසයි.

 

කලාකරුවන් අලළා පළවෙන ‘ගොසිෆ්’ ගැන මොකද හිතෙන්නේ?

ලංකාවේ අද ගත්තොත් ගොඩක් ‘ගොසිෆ්’ සයිට් තියෙනවා. සමහරක් ඒවා හොඳ ඒවා. ඒවායේ පළවෙන්නේ ඇත්ත. නමුත්, සමහරක් ඒවා තුළ බොරු පළවෙනවා. ගොඩක්ම කරෙන්නේ ඔය දේවල් පළ කරලා සල්ලි හොයන එක. ‘ගොසිප්’ කියන දේවල්වල හොඳකුත් තියෙනවා. ඒත්, ගොඩක් වෙලාවට දකින්න ලැබෙන්නේ යම් පුද්ගලයෙකුගේ නමට හානි වෙන දේවල්.

 

බුද්ධික සේනාධීර

ඡායාරූප - කවීත් මිලින්ද

 

2018-07-12-ent-09 2018-07-12-ent-10  2018-07-12-ent-12