නිරුවත සහ අඩ නිරුවත කලාවේ තියෙන දෙයක්
මිස් ශ්‍රී ලංකා 2019 රූ රැජිනි තරඟාවලියට තරඟ කරන නිරූපිකාවක් තමයි ජෙසිකා කියන්නේ. ඇය මේ වනවිට නිරූපණ ක්ෂේත්රයේ නිර්මාණ රැසකටම දායක වී තිබෙනවා. ඉතින් අප සාරවිට කතාබහට ජෙසිකාව සම්බන්ධ කරගන්න හිතුවා. ඇය ඇගේ විස්තර ගැන අපට කිව්වේ මේ විදිහට.
මගේ නම ජෙසිකා අල්විස්. වයස අවුරුදු 21යි. මගේ පදිංචිය වත්තල. තවම අධ්‍යාපනය හදාරනවා. ඊට අමතරව නිරූපණ ශිල්පිනියක් ලෙසත් වැඩ නිර්මාණවලට දායක වෙනවා.
නිරූපණයට සම්බන්ධ වෙන්නේ?
බ්‍රයිඩල් ෂෝ එකක් හරහා තමයි නිරූපණයට යොමු වෙන්නේ. දැන් අවුරුදු තුනක් පමණ වෙනවා. පාසල් කාලයේ ඉඳලම තමයි නිරූපණයට යොමු වුණේ.
නිරූපණයෙන් සම්බන්ධ වුණු නිර්මාණ මොනවාද?
බැංකු ක්ෂේත්රයේ ටී.වී කමර්ෂල් කිහිපයකට සම්බන්ධ වෙලා තිබෙනවා. ගයන හෙට්ටිආරච්චි අයියගේ මියුසික් වීඩියෝවලටත් දායක වුණා. වැඩියෙන්ම කරන්නේ ෆැෂන් මොඩ්ලින් ෆොටෝෂූට් තමයි.
රංගනය පැත්තෙන් අවස්ථාවක් ලැබිලා නැද්ද?
රංගනයට ආරාධනා ලැබිලා තියෙනවා. නමුත් මට ගැලපෙන චරිතයක් ලැබුණේ නැහැ. ගැලපෙන චරිතයක් ලැබුණොත් රංගනයෙන් දායක වෙනවා.
නවක නිරූපණ ශිල්පීන්ට ප්‍රවීණ අයගෙන් සහයක් ලැබෙනවාද?
ඔව්. ප්‍රවීණ අය අපට ගොඩක් උදව් කරනවා.
ගෙදරින් ලැබෙන සහයෝගය කොහොමද?
පවුලේ අයගෙන් ලොකු සහයක් ලැබෙනවා. අම්මා හැමතිස්සෙම මාත් එක්ක ඉන්නවා.
නිරූපණයට අමතරව වෙනත් ක්ෂේත්රයක නිරත වෙනවාද?
නැහැ. නිරූපණය විතරයි කරන්නේ.
පැජන්ට්වලට සහභාගී වෙලා තියෙනවාද?
ඔව්. මිස් ශ්‍රී ලංකා 2019 පැජන්ට් එකට සහභාගී වුණා. තවම ඒක අවසන් වුණේ නැහැ. ඒ පැජන්ට් එකේ ඩිරෙක්ටර් විදිහට කටයුතු කරන්නේ තරිඳු ලක්ෂාන්.
අද වෙද්දි පැජන්ට් හැමතැනම තියෙනවා. ඒ හරහා අළුත් අය එනවා. ඒකෙන් නිරූපණ ක්ෂේත්රයේ තරඟකාරීත්වය තිබෙනවාද?
ඔව්. අළුත් අය ගොඩාක් ක්ෂේත්රයේ ඉන්නවා. නමුත් පෙනුම සහ දක්ෂතාවය බලපානවා ඕනෑම කෙනෙක්ට ඉස්සරහට යන්න. තරඟකාරීත්වයක් තිබෙනවා. ඒක සාමාන්‍ය දෙයක්.
නිරූපණ ශිල්පිනියෙකුට තිබෙන්න ඕනම දේවල් මොනවාද?
නිරූපණ ශිල්පිනියෙකුට හොඳ අධ්‍යාපනයක්, දැනුමක් තිබිය යුතුයි. ක්ෂේත්රය ගැන අවබෝධයක් තියෙන්න ඕනේ. හොඳ පෞර්ෂයක් තිබෙන්න ඕනේ. එයාගේ ශරීරය ගැන එයා නිතරම සැලකිලිමත් වෙන්න ඕනේ.
අද ගොඩාක් නිරූපණ ශිල්පිනියෝ නිරුවත්, අඩ නිරුවත් නිර්මාණවලට සම්බන්ධ වෙනවා. ඒක ක්ෂේත්රයට හොඳයිද?
නිරුවත සහ අඩ නිරුවත කලාවේ තියෙන දෙයක්. නමුත් ඒක කලාවට සම්බන්ධ කරලා ඉදිරියට ගේන්න ලංකාවේ ගොඩාක් අයට බැහැ. ඒ ගැන කණගාටුවක් තියෙනවා.
ඉදිරි බලාපොරොත්තු ගැන කිව්වොත්?
අධ්‍යාපන කටයුතු ඉවර වුණාට පස්සේ මගේම කියලා ව්‍යාපාරයක් පටන් ගන්න බලාපොරොත්තුවක් තියෙනවා. දිගටම නිරූපණ ක්ෂේත්රයේ රැඳී ඉන්නත් බලාපොරොත්තු වෙනවා.
ඔබට විශේෂයෙන් මතක් කළ යුතු පිරිස ගැන කිව්වොත්?
මගේ අම්මා ඇතුළු පවුලේ අය, නෑදෑයෝ, යාළුවෝ සහ මාව මේ තැනට ගෙනාපු ඡායාරූප ශිල්පියෝ හැමෝවම මතක් කරනවා. මම මේ තැනට ආවේ ගොඩක්ම මගේ මහන්සියෙන්.
කැළුම් දේවින්ද