නිරුවත පෙන්වලා Model කෙනෙක් වෙන එක මම හරි කියලා හිතන්නේ නෑ
වෘත්තීය නිරූපණ ශිල්පිනියක ලෙස වසර ගණනාවක් ක්ෂේත්රයේ දිගු ගමනක් පැමිණ සිටින ඇය නමින් ඉමාෂා දිල්ෂානිය. ඇය වසර 09 ක අත්දැකීම් හා විවිධ නිරූපණ තරගයන්වලට සහභාගිවෙමින් ලැබූ පන්නරය පිළිබඳ ‘සාරවිට’ සමගින් මෙලෙස පැවසුවාය.
ඔබ ගැන හැඳින්වීමක් කළොත්?
මම ඉමාෂා දිල්ෂානි. මගේ වෘත්තීය නිරූපණය. ඊට අමතරව රිචඩ් මානමුදලි සර්ගෙ ඇකඩමියෙ Stage Drama කරනවා. ඒ වගේම Modeling Photo Shoot, Fashion Shows කරනවා.
වෘත්තීමය නිරූපිකාවක් ලෙස ක්ෂේත්රයට එන්නේ මොන කාලයේදීද?
2008දී.
මුලින්ම දායක වුණු නිර්මාණ?
2008 දී රමණි ෆර්නෑන්ඩු ඇකඩමියෙන් මාව .......... Show එකට. සේනක ද සිල්වා තමයි Photography කළේ. Modeling Fashion Show එකෙන් පස්සෙ ඒ ගොල්ලන්ගේ Fashion Shows වලට සහභාගීවුණා. Photo shoot කළා. 2011 දී ..... pageant එකට Apply කළා. ඒකෙන් Top 10 ආවා. ඉන්පසු 2012 දී Miss selinco Apply කරලා ඒකෙන් Top 5 ආවා. ඒ වගේ Pageant කීපයකට ගියා. 2014 Global International කියලා Pageant එකකින් Top 5 ආවා. ඒකෙන් UKවලට යන්න අවස්ථාවක් ලැබුණා. ඒ වර්ෂයේම MS LANKA තරගයක් ජයග්‍රහණය කළා.
නිරූපිකාවක් ලෙස වෙළෙඳ දැන්වීම් හෝ අනිකුත් නිර්මාණ සඳහා දායක වෙලා තියෙනවාද?
ඔව්. ගොඩක්ම නෙවෙයි. සාමාන්‍යයෙන් මට කරන්න පුළුවන් ලිමිට් එකේ දේවල්වලට මම සහභාගීවෙලා තියෙනවා.
ඒ මොනවද කියලා මතක් කළොත්?
ලක්ස් කමර්ෂල් එකක් කළා. සිංහගිරි ටීවී, දම්රෝ වැනි වෙළෙඳ දැන්වීම්වලටත් සහභාගිවුණා.
වෘත්තීය ලෙස ඔබ මේ තෝරාගත්තේ ඔබේ හීනයක්ව තිබූ දෙයක්ද?
ඔව්, පොඩි කාලෙ ඉඳන්ම තිබුණ හීනයක් තමයි නිරූපිකාවක් වීම. ඉස්කෝලෙ යන කාලේ Dancing කළා. ඉන්පස්සේ සේනක ද සිල්වා හරහා තමයි Modelingවලට එන්න අවස්ථාව ලැබුණෙ. ඒ හරහා මම මගේ හැකියාවන් දියුණු කරගත්තා.
මේ දේවල්වලට ඔබට පවුලේ අයගෙන් ලැබුණ ප්‍රතිචාරය මොනවගේද?
මුල් කාලෙයේදීනම් ටිකක් විරුද්ධ වුණා. අලුත් කෙනෙක් වුණාම Photographerලා Directorsලා බලන්නෙ අමුතු විදියකට. වැඩකටයුතුවලට Direct කතා කරනවා අඩුයි. වෙන බාහිර බලපෑම් ආවා. ඉතිං ඒ දේවල් එක්ක මම ඒ දේවල්වලට යනවට ගෙදරින් අකමැති වුණා. පස්සේ හරිදේවල් හරි ආකාරයට ලැබෙනකොට ප්‍රශ්නයක් නැතිව ගියා. අම්මාගෙන් තමයි ලොකු Support එකක් ලැබෙන්නේ.
අලුතෙන් බිහිවන නිරූපිකාවන් මාර්කට් කරන්නේ තමන්ගේ අඩනිරුවත. ක්ෂේත්රයේ කාලයක සිට ඉන්න කෙනෙක් විදියට ඔබ මේ ගැන දකින්නේ කොහොමද?
නිරූපිකාවක් වුණාම එයාට තෝරාගන්න Category එකක් තියෙන්න ඕන. නිරුවත පෙන්වලා Model කෙනෙක් වෙනඑක මම හරි කියලා හිතන්නේ නෑ. තමන් දැනගන්න ඕනේ නිසියාකාරව හරි දේ හරි විදියට අරගෙන, හරිවිදියට තෝරගෙන කරන්න. Model කෙනෙක් වශයෙන් ඕන ඇඳුමක් නිරූපණය කරන්න පුළුවන් හැකියාවක් තියෙන්න ඕන. එහෙමයි කියලා ශ්‍රී ලංකාවේ තියෙන සංස්කෘතියෙන් පිට යන්නත් බෑ.
වැඩකටයුතු සඳහා තෝරා බේරාගැනීමක් තිබෙනවාද?
අනිවාර්යයෙන්ම. Photo Shoot වලදී අනිවාර්යයෙන්ම සැලකිලිමත් වෙනවා. වැඩේ මොකක්ද? කොහෙද? කවදද? කොහොමද වෙන්නේ? වගේ දේවල් ගැන සැලකිලිමත් වෙලා තමයි මම Shoot එකකට යන්නෙ. Filmවලටත් එහෙමයි. Filmවලටනම් මම ළඟදී තමයි එකතු වුණේ. Stage Drama තමයි මුලින්ම කළේ. රිචඩ් මානමුදලි සර්ගෙ ඇකඩමියෙ මම Stage Drama පිළිබඳව හැදෑරුවා. ඒ අතරෙ මට Filmවලට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා. ‘වැහි බිත්තර’ නමින් මේ දිනවල Tele Drama එකකට දායක වෙනවා. එහි හොඳ චරිතයක් ලැබිලා තියෙනවා.
ඔබගේ වැඩි කැමැත්ත තියෙන්නේ රංගනයටද නිරූපණයටද?
නිරූපණයට.
එයට හේතුව?
මම ආසයි වෙනස් ඇඳුම් අඳින්න. වෙනස් විදියකට Photosවලට ඉන්න ආසයි. පොඩි කාලේ ඉඳන්ම මට ඒක ඇඟෙන්ම ඇවිල්ලා තියෙන දෙයක්. ඒ දේවල් එක්ක Makeup ඒම දාගත්තාම මම වෙනම ලෝකයකට යනවා වගේ. පුදුම කැමැත්තක් තියෙන්නේ ඒ දේට. සහ මම පොටෝ ෂූට් එකට ඉඳලා ඉවර වෙලා පොටෝ එක දිහා බලද්දී මට ඒක මටම තෘප්තියක් එනවා ඒකට සාධාරණයක් ඉෂ්ට කළා කියලා.
ඔබ ආව ගමන ගැන තෘප්තිමත්ද?
ඔව් මම තෘප්තිමත් වෙනවා.
යම්කිසි තත්ත්වයක් ගොඩනගාගෙන තියෙනවා කියලා ඔබ විශ්වාස කරනවාද?
ඔව් අනිවාර්යයෙන්ම.
වේදිකාව පැත්තෙන් දායක වූ වැඩකටයුතු මොනවාද?
රිචඩ් මානමුදලි සර්ගෙ ‘ඇත්තටම බොරු’ කියලා වේදිකා නාට්‍යයක් හරහා තමයි මම ක්ෂේත්රයට එන්නේ. ඉන්පසු රන්දික විමලසූරියගේ ‘පටන්ගත්තා විතරයි’ කියලා වේදිකානාට්යයක් කළා, ශමල් ඩිලන්ගේ ‘මට මැරෙන්න හිතුණා’ කියන Drama එකට මට හොඳම නිළිය සම්මානය ලැබුණා. මේ දිනවලත් රිචඩ් මානමුදලි සර්ගෙ ‘මාන්නක්කාරි’ කියලා වේදිකා නාට්‍යයක වැඩකටයුතු කරගෙන යනවා.
ඉදිරි වැඩකටයුතු හා බලාපොරොත්තු මොනවාද?
නිර්මාණවලට දායක වෙන්න කැමතියි. මගේ පෙනුම හා දක්ෂතාවය දිහා බලලා නිර්මාණවලට කතාකරනවා නම් ඒක හොඳ දෙයක්.
Dilan Chryshantha / Pix - Romesh Danushka