නිරුවත කියන්නේ කලාවක්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2018-07-23-ent-41

දම්මි හතුරුසිංහ අවුරුදු 10ක පමණ කාලයක් නිරූපණ ශිල්පිනියක් ලෙස වැඩ කටයුතු කරනවා. මේ වනවිට ඇය ජයග්‍රහණ රැසක් ලබාගෙන තිබෙනවා. ඇය නිරූපණයෙන් දායක වුණු වෙළඳ දැන්වීම් රැසක් තිබෙනවා. ඇගේ වැඩකටයුතු සහ ඉදිරි බලාපොරොත්තු පිළිබඳව ඇය සාරවිට කතාබහට එකතු වුණේ මේ විදිහට.

 

ඔබ ගැන හඳුන්වා දුන්නොත්?2018-07-23-ent-44

මගේ නම දම්මි හතුරුසිංහ. මගේ ගම මීගමුව. මම රූපලාවන්‍ය ශිල්පිනියක්. ඊට අමතරව මම නිරූපණ ශිල්පිනියක් විදිහට වැඩ කරනවා. මම නිරූපණ ක්ෂේත්‍රයේ අවුරුදු 10ක පමණ කාලයක ඉඳලා වැඩ කරනවා. මම වෙළඳ දැන්වීම්වලට තමයි වැඩියෙන් මුල් තැන දෙන්නේ. මම මේ අගෝස්තුවලදී ජාත්‍යයන්තර පැජන්ට් එකකට සහභාගී වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.

 

දම්මි දායක වෙලා තියෙන වෙළඳ දැන්වීම් ගැන කිව්වොත්?

මේ වෙද්දි වෙළඳ දැන්වීම් විශාල ප්‍රමාණයකට දායක වෙලා තිබෙනවා. ඩයලොග්, එටිසලාට්, ලයිෆ්බෝයි, ආර්පිකෝ ෆියෙස්ට්‍රා ඒ අතර වෙනවා.

 

දම්මි දැන් අවුරුදු 10ක කාලයක ඉඳලා ක්ෂේත්‍රයේ වැඩ කරන්නේ. ඉතින් කාලෙන් කාලේට නවකයෝ එකතු වෙනවා. කොහොමද එයාලත් සමග තිබෙන තරඟකාරීත්වය?

ඇත්තටම එහෙම තරඟකාරීත්වයක් නැහැ. මේ ක්ෂේත්‍රයට රැල්ලක් වගේ එන පිරිසක් ඉන්නවා. කවුරුහරි ෆොටෝග්‍රැෆර් කෙනෙක්ට කියලා තමන්ගේ නිරුවත හරි පෙන්නලා ෆොටෝ එකක් අරගෙන ඒවා සමාජ මාධ්‍යයට දාලා තමන් මොඩ්ලර් කෙනෙක් කියලා හිතාගෙන ඉන්න පිරිසක් ඉන්නවා. එයාලා නිසා ක්ෂේත්‍රයේ නම කැත වෙනවා. ඒක වෘත්තීමය වශයෙන් වැඩ කරන ශිල්පීන්ට හරි කරදරයක්. ඒ ඇරෙන්න නවකයෝ සමග සහයෝගයෙන් වැඩ කරනවා.

 

නිරුවත හෝ අඩනිරුවත නිර්මාණවලට යොදා ගත්තාම ක්ෂේත්‍රයට හානියක් සිදු වෙනවාද?

නිරුවත කියන්නේ කලාවක්. හැබැයි ඒක කිසි පිළිවෙලක් නැතුව යොදා ගත්තාම ඒක ක්ෂේත්‍රයේ නමට හානියක්. නිරුවත පෙන්නුවාම ක්ෂේත්‍රයට එන්න පුළුවන් කියලා හිතාගෙන ඉන්න සුළු පිරිසක් නිසා තමයි මේ ගැටළු මතුවෙන්නේ. නිරූපණ ක්ෂේත්‍රය කියලා කිව්වාම මීට කාලෙකට කලින් ඇත්තටම හොඳ පිළිගැනීමක් තිබුණු, හොඳ නමක් තිබුණු තැනක්. අපි ආදරය කරා හිටපු පරණ නිරූපණ ශිල්පිනියන්ට. ඉතින් අද වෙද්දි ඔය ප්‍රශ්නේ නිසා මොඩ්ලින් කියන්නේ විකාරයක්, ජරාවක් කියලා තමයි මිනිස්සුන්ගේ ඔළුවේ තියෙන්නේ. මිනිස්සුන්ගේ ඔළුවට ගිහිල්ලා තියෙන්නේ මොඩ්ලර් කෙනෙක් වෙන්න නම් නිරුවත පෙන්නුවාම හරි කියලා. කිසිම හැදෑරීමක් අවශ්‍ය නැහැ කියලා සමහරු හිතාගෙන ඉන්නවා. ඉතින් ඒක තමයි අද වෙද්දි තිබෙන ලොකුම ප්‍රශ්නය.

 

අද වෙද්දි නිරූපණ ක්ෂේත්‍රය තුළ වෘත්තීමය වශයෙන් වැඩ කරන්න පුළුවන්ද?

ඇත්තටම වෘත්තීයක් විදිහට නිරූපනය කරන්න පුළුවන්. නමුත් අද තියෙන ප්‍රශ්නය එදා වගේ නෙවෙයි. නිරූපණ ක්ෂේත්‍රයට නීති පද්ධතියක් නැහැ. නිරූපණ ශිල්පිනියකට වැඩක් කරද්දි හරි මුදලක් තීරණය කරන්න බැරි තත්වයක් උදා වෙලා තියෙනවා. ප්‍රසිද්ධ වෙන්න තිබෙන ආසාවට නිරූපණ ක්ෂේත්‍රයට එන අය ඉන්නවා. එයාලා ඇවිත් හැමදේටම පෙනී ඉන්නවා. එහෙම වුණාම වෘත්තීයක් විදිහට නිරූපණය කරන අයට හරි මුදලක් කතා කරගන්න බැහැ. ඒක නිසා මම හිතනවා අද වෙද්දි නිරූපණය වෘත්තීයක් කරන්න බැහැ කියලා.

 

මේ දේවල්වලට ගෙදරින් ලැබෙන සහය කොහොමද?

ඇත්තටම ගෙදරින් ලොකු සහයක් ලැබෙනවා. මම කරන්නේ වෙළඳ දැන්වීම් පැත්ත නිසා එයාලාගෙන් තහනමක් නැහැ.

 

ඉදිරි බලාපොරොත්තු ගැන කිව්වොත්?

මම අගෝස්තු මාසයේදී නිව්යෝර්ක් යන්න තියෙනවා පැජන්ට් එකකට. ඒකට මම මේ දවස්වල සූදානම් වෙනවා. මගේ අදහසක් තිබෙනවා කවදාහරි මොඩ්ලින් ස්කූල් එකක් ආරම්භ කරන්න. ඒකට ගොඩක් මහන්සි වෙලා වැඩ කරන්න සිද්ධ වෙනවා.

 

අවසන් වශයෙන් කිව්වොත් මේ ගමනට උදව් කරපු පිරිස ගැන?

මම මුලින්ම කැමරාවකට පෙනී සිටියේ සිරස ටී.වී එකේ තරු මංසල වැඩසටහනේ. ඒකේ අධ්‍යක්ෂ චතුර ජයතිලක මට ගොඩක් උදව් කරා. එතකොට නදීකා පෙරේරාව මතක් කරන්න ඕනේ. තව ටී. වී. වන් නාලිකාවේ ෂර්ලී පී. දොලංකාවල මහත්මාව මතක් කරන්න ඕනේ. ගොඩක් අය ඉන්නවා නම් නොකිව්වාට එයාලාටත් මේ වෙලාවේදි ස්තූතියි කරනවා.

 

සටහන - කැළුම් දේවින්ද / ඡායාරූප - කවීත් මිලින්ද

 

  2018-07-23-ent-43  2018-07-23-ent-45