නිරුවත කියනදේත් කලාවක් තියෙනවා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2017-12-29-ent-02

නිශී සමරවීර කියන්නේ අද ලංකාවම හඳුනන දක්ෂ නිරූපණ ශිල්පිණියක්. අද නිර්මාණය වන බොහෝ මියුසික් වීඩියෝවන් හිදී ඇයට නිතරම දකින්න ලැබෙන චරිතයක් වී හමාරයි. නිරූපණ කටයුතු සහ ඇගේ කලා කටයුතු පිළිබඳව කතාබහ කිරීමට ‘සාරවිට’ට අපි ඇයව මෙසේ සම්බන්ධ කර ගනු ලැබුවා.

 

ඔබව මුලින්ම හඳුන්වා දුන්නොත්?

2017-12-29-ent-08මම නිශී සමරවීර. මම නිරූපණ ශිල්පිනියක්. මම මූලිකව නිරූපණය තමයි කරන්නේ. ඊට අමතරව රංගන කටයුතු සඳහාත් දායකවෙනවා. නිරූපණය පැත්තෙන් වෙළෙඳ දැන්වීම සහ මියුසික් වීඩියෝ වැඩකටයුතු වලට දායක වෙනවා. මම ප්‍රධාන රංගනයෙන් දායක වන ටෙලි නාට්‍යයක් එන්න තියෙනවා. ඊට අමතරව කරපු නාට්‍යය කිහිපයක් තියෙනවා.

 

ඔබ නිරූපණ ක්ෂේත්‍රයට එන්නේ කොයි කාලේද?

මම නිරූපණයට ඇවිත් අවුරුදු දෙකක පොඩි කාලයක් වගේ වෙනවා.

නිශී ක්ෂේත්‍රයට ඇවිත් පොඩි කාලයක් කිව්වානේ. මේ පොඩි කාලේදි ගොඩක් නිර්මාණවල දකින්න ලැබෙනවා. මේ ගැන මොකද හිතෙන්නේ? ඇත්තටම ඒක ගැන මට සතුටුයි. මම හිතන්නේ මගේ දක්ෂතාවයයි වාසනාවයි නිසා තමයි මේ තරම් පොඩි කාලේකදි ගොඩක් නිර්මාණවලට දායක වෙන්න ලැබුනේ.

 

දැනට මියුසික් වීඩියෝ කීයකට විතර රංගනයෙන් දායක වෙලා තියෙනවාද?

මියුසික් වීඩියෝ 25ක් 30ක් විතර ප්‍රමාණයකට දායක වෙලා තියෙනවා.

 

දායක වුණු වෙළඳ දැන්වීම් පැත්ත ගැන කතා කරොත්?

මම දැනට දායක වෙලා තියෙනවා ‘ග්‍රීන් ටී’, ‘විජය පපඩම්’, ‘තිලකවර්ධන ටෙක්ස්ටයිල්’, ‘මංචි පීසා බිස්කට්’, ‘ඩී. එස්. අයි. ටයර්’, ‘ක්ලීයර් ෂැම්පූ’ වගේ ඒවා. තව තියෙනවා මතකත් නැහැ.

 

රංගනයෙන් දායක වුණු නිර්මාණ ගැන කියමු ටිකක්?

ටෙලි නාට්‍ය දෙකකට රංගනයෙන් දායක වුණා. තව මම ප්‍රධාන චරිතය කරන ටෙලි නාට්‍යයක් එන්නත් තියෙනවා. එතකොට අළුත් අධ්‍යක්ෂවරයෙක් කරපු චිත්‍රපටයකටත් දායක වුණා. ඒකේ ප්‍රධාන චරිතයත් මම. ඒකේ රූගත කිරීම් ඉවර වුණා. නමුත් අනිත් දේවල් ඉවර නැහැ. ඒකත් ඉදිරියේදී දැක ගන්න පුළුවන් වෙයි.

 

අද ලංකාවේ නිරූපණ කලාව ගැන ඔබගේ අදහස?

මෙහෙමයි, අළුත් අය එන්න ඕනේ. නැත්නම් හැමදාම එකම අයනේ ඉන්නේ. එහෙම එන අය තමන් නිර්මාණ තෝරගෙන කරන්න ඕනේ. එහෙම වුනොත් හොඳ නමක් තියාගෙන ඉස්සරහට යන්න පුළුවන්. මමත් මුලින්ම කරේ බ්‍රයිඩ්ල්. ඊටපස්සේ තමයි දක්ෂතාවය නිසා මෙච්චර වැඩ කරන්න පුළුවන් වුනේ. තමන් දක්ෂ පැත්තෙන් හොඳ දේවල් කරන්න ඕනේ.

 

අද ලංකාවේ නිරූපිකාවන්ට, නිරූපණ ක්ෂේත්‍රයට ප්‍රවීණයොත් වගේ බොහෝ දෙනා චෝදනා කරනවා. ඒ නවකයන්ගේ වැරද්දක් තියෙනවාද?එ නැත්නම් දකින අයගේ වැරැද්දක්ද?

නවකයන්ගෙත් පොඩි වැරැද්දක් තියෙනවා. ෂූට් එකකට කොස්ටියුම් එකක් තෝරාගනිද්දා නිරූපණ ශිල්පිණියයි, ඒ ෂූට් එක කරන අයයි ඒ ගැන ගොඩක් හිතන්න ඕනේ. ඒ දේවල් වැරදි විදියට යොදා ගන්න නිසානේ දකින අය වැරදි විදියට දකින්නේ. නිරුවත කියනදේත් කලාවක් තියෙනවා. ඒකේ කලාව කියන දේ පෙනෙන්නේ නැතුව නිරුවත ආවොත් එතන වැරැද්දක් තියෙනවා. නමුත් අද බැනුම් අහන එකත් දැන් හිට් එකක් වෙලානේ. එතකොට ගොසිප් හැදෙනෙවා වැඩීනේ. ඒක නිසා දැන් බැනුම් අහනන්ම බලාගෙන වැඩ කරනවානේ. ඉක්මන ජනප්‍රිය වෙන්නේ ගොස්පි කියන දේ හොඳට බලපාන වෙලාවලුත් තියෙනවා. වැඩ මුකුත් කරේ නැතත් ඒ පැත්තෙන් ජනප්‍රිය වෙන්න පුළුවන්. තමන් කැත දේවල්වලට දායක වෙන නිසා තමයි මිනිස්සු මේ ක්ෂේත්‍රයට බනින්නේ.

 

සමාජ ජාලය තුළ නිරූපිකාවන්ට තියෙන මාර්කට් එක ඇත්තටම තියෙන දෙයක්ද?

ඇත්තටම ෆේස්බුක් එකේ මාර්කටින් එකක් තියෙනවානේ. මටත් අද වෙද්දි ගොඩක් ෆේස්බුක් එකෙන් වැඩ එනවා. ගොඩක් අය මුලින්ම වැඩකට කතා කරාම අහන්නේ ‘ෆේස්බුක් නේම්’ එක. ඒකේ තියෙන අපේ ප්‍රතිරූපය බලලා තමයි අපිට වැඩ හම්බෙන්නේ. ඇත්තටම ෆේස්බුක් මටනම් මගේ වැඩවලට පහසුවක්.

 

නිරූපණය කියන්නෙත් වෘත්තියක්. නමුත් ඇතැම් අය මේ ක්ෂේත්‍රයට එන්නේ කිසිඳු හැදෑරීමක්වත් නැතිව නේද?

එහෙම අයත් ඉන්නවා. ඕනෑම වෘත්තියක් අපි හදාරන්න ඕනා. අපි මුල් කාලේදි දන්න දේවල් කරත් පස්සේ පස්සේ තේරෙනවා මේක ගැන හදාරන්න ඕනේ කියලා. මේකේ විවිධ කොටස් තියෙනවානේ. මොඩ්ලින් ක්ලාස් එකකින් හෝ තවත් කෙනෙක් දිහා බලලා හරි ඉගෙන ගන්න ඕනේ.

 

මේ ක්ෂේත්‍රයේ වෘත්තියක් විදියට දිගටම රැ‍දෙන්න පුළුවන්ද?

රැඳෙන්න පුළුවන්. නමුත් වැඩ අඩුවෙයි. කෙනෙක් හදාගත්තු නමක් එක්ක රැඳිලා ඉන්න පුළුවන්. අපිත් මේ කාලේදි වැඩ කරයි. හැබැයි තව අවුරුදු02කින් අපි ගැන කියන්න දන්නේ නැහැ. මොකද හැමදාම එකම මුහුණු දකින්න මිනිස්සු කැමති නැහැනේ. අදටත් බොහෝ ප්‍රවීණයන් ඉන්නවා ක්ෂේත්‍රය තුළ. ඒ අයගේ වටිනාකම ඒ අය එදා හදා ගත්ත නිසා. නමුත් වෘත්තීය වශයෙන් වැඩකටයුතු කරන්න ලැබෙන්නේන නැහැ. මොකද හැමදාම හැමවැඩකටම කවුරුත් ගන්නේ නැහැ. හැමදේම අලුත් වෙන නිසා. අලුත් මුහුණු යොදා ගන්නවා.

 

ඔබ ක්ෂේත්‍ර කිහිපයක නිරත වෙනවා. වැඩියෙන් කැමති මොන ක්ෂේත්‍රයටද?

වැඩියෙන් කැමති මියුසික් වීඩියෝ කරන්න තමයි. දවස ගෙවෙනවා තේරෙන්නෙත් නැහැ. දෙබසුත් නැහැ. හරිම පහසුයි. ඒක නිසා මියුසික් වීඩියෝවලට කැමතියි.

 

අද ප්‍රවීණ අය නවකයන්ට බනිනවා නිරූපණ ක්ෂේත්‍රය විනාස කරනවා කියලා?

බහුතරයකගේ වැඩ නිසා තමයි මෙහෙම දේවල් වෙලා තියෙන්නේ. හරි දේ හරි විදියට කරනවා නම් ඇත්තටම බැනුම් අහන්න වෙන්නේ නැහැ. මම නම් අද වෙනකන් කාගෙන්වත් බැනුමක් අහලා නැහැ.

 

නිරූපිකාවක් වුණාම කොටට අඳින්න ඕනේද?

‍මෙහෙමයි. කොටට අඳින්න ඕනේ. නිරූපිකාවකට ඇඳුම සීමා කරන්න බැහැ. තමන්ට එන වැඩත් එක්ක ඇඳුම සීමා කරන්න බැහැ. මමත් ඉස්සර කොට ඇඳුම් අඳින්නේ නැහැ කියලා හිටියා. නමුත් අපිට ලැබෙන වැඩත් එක්ක එහෙම කරන්න බැහැ. මම නම් බිකිනිය නැතුව අනිත් හැම ඇඳුමක්ම අඳිනවා. ඇඳුමෙන් වැඩක් ලස්සන කරන්න පුළුවන්. ඒකට වැරැද්දක් කියන්න බැහැ.

 

ඉදිරි වැඩ කටයුතු ගැන කිව්වොත්?

මේ ක්ෂේත්‍රයේ හොඳ නමක් හදාගෙන ලොකු ගමනක් යන්න බලාපොරොත්තු වෙනවා. තව ටික කාලේකින් මගේම සැලෝන් එකක් පටන් ගන්නත් හිතාගෙන ඉන්නවා.

 

අවසාන වශයෙන් මෙච්චර දුරක් එන්න උදව් වුණු අය ගැන මතක් කරොත්?

ඔව්, මගේ අම්මා, තාත්තා, එතකොට මගේ පෙම්වතා නිරෝෂන්. එයා මගේ පිටිපස්සෙන් ඉන්නවා හැමවෙලාවෙම. මට මේ සමාජේ ගැන කියලා දුන්නේ එයා. එතකොට ඡායාරූප ශිල්පින් ඇතුලු අයවත්, විශේෂයෙන් දීපාල් ගෝමස් අයියාව මතක් කරන්න ඕනේ.

 

Dilan Chryshantha

 

2017-12-29-ent-01  2017-12-29-ent-03 2017-12-29-ent-04 2017-12-29-ent-05 2017-12-29-ent-06 2017-12-29-ent-07