නිරුවත ඇස් දෙකෙන් බලන විදිහක් තියෙනවා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2019-03-26-ent-01

වසර දහයකට ආසන්න කාලයක් නිරූපණ ශිල්පිනියක් ලෙස කටයුතු කරන කෙනෙක් තමයි රහන්සා කියන්නේ. ඇය මේ වනවිට චිත්‍රපට කිහිපයකටද රංගනයෙන් දායක වී තිබෙනවා. රෑම්පින් මොඩ්ලර් කෙනෙක් වන රහන්සා සාරවිට කතාබහට එකතු වූයේ මේ විදිහට.

 

ඔබේ පෞද්ගලික විස්තර කිව්වොත්?2019-03-26-ent-05

මගේ නම රහන්සා සනුති. මගේ ගම නුවරඑළියේ. දැනට පදිංචි වෙලා ඉන්නේ කොට්ටාවේ. දැනට නිරූපණ ක්ෂේත්‍රයේ වැඩ කරනවා.

 

කොහොමද නිරූපණයට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබෙන්නේ?

නිරූපණයට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබෙන්නේ විශ්ව පෙරේරා අයියා හරහා. එයා තමයි මට මෙතැනට එන්න උදව් කළේ. 2009 විතර ඉඳලා තමයි නිරූපණ ක්ෂේත්‍රයේ වැඩ කරන්නේ. ඒ කියන්නේ දැනට අවුරුදු 10ක් විතර ඇති.

 

මේ අවුරුදු 10ට ලැබුණු අත්දැකීම් කොහොමද?

අත්දැකීම් නම් ගොඩාක් තියෙනවා. විවිධ විවිධ අත්දැකීම් රැසක් ජීවිතයට එකතු වුණා.

 

මේ වෙද්දි දායක වෙලා තියෙන නිර්මාණ ගැන කිව්වොත්?

චිත්‍රපට තුනකට විතර සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා. ඊට අමතරව ෆැෂන් පැත්ත තමයි වැඩියෙන්ම කරන්නේ. මම රෑම්පින්ග් මොඩ්ලර් කෙනෙක්.

 

පැජන්ට්වලට සහභාගී වෙලා තියෙනවාද?

පැජන්ට් ගැන නම් මම වැඩිය හිතන්නේ නැහැ. ඒකට හේතුව පසුගිය කාලේ සමාජ මාධ්‍ය හරහා පැජන්ට් ගැන කියවුණු දේවල් දිහා බැලුවාම තේරුම් ගන්න පුළුවන්නේ.

 

ගෙදරින් ලැබෙන සහයෝගය කොහොමද?

මට ඉන්නේ අම්මයි, මල්ලිලා දෙන්නයි. එයාලා ඉන්නේ නුවරඑළියේ. ඉතින් එයාලා හැමතිස්සෙම කියන්නේ හොඳ දේවල් කරන්න කියලා.

 

අද නිරූපණ ක්ෂේත්‍රය තියෙන්නේ මොන වගේ තැනකද?

ඇත්තටම අද නිරූපණ ශිල්පිනියෝ කරන්නේ එක ෆොටෝග්‍රැෆර් කෙනෙක් අල්ලාගෙන ෂූට් එකක් කරනවා. ඊට පස්සේ එයා හිතන්නේ එයා තරම් මොඩ්ල් කෙනෙක් නැහැ කියලා. ඇත්තටම අද නිරූපණ ක්ෂේත්‍රය පල්ලෙහා තත්වයකටම වැටිලා තියෙන්නේ.

 

සෝෂල් මීඩියා හරහා නිරූපිකාවෝ ක්ෂේත්‍රයට එනවා නේද?

ඇත්තටම සෝෂල් මීඩියා හරහා නිරූපිකාවෝ ගොඩක් ක්ෂේත්‍රයට එනවා. අපි පැයක් ගත්තොත් පැයකට දහයක් පමණ සෝෂල් මීඩියා හරහා නිරූපණ ශිල්පිනියෝ එනවා. ඒ වගේම එයාලා ඉක්මනට යනවා. ඒක එයාලාගේ නොහැකියාව. එයාලා දක්ෂයි නම් අනිවාර්යෙන්ම ක්ෂේත්‍රයේ ඉන්න ඕනේනේ.

 

නිරූපණ ක්ෂේත්‍රයෙන් හොඳ ආර්ථික මට්ටමක් ගොඩනගා ගන්න පුළුවන්ද?

ඔව් පුළුවන්. තමන්ගේ ඇඟ විකුණලා එන්න ඕනේ නැහැ. හරි විදිහට ඉන්නවා නම් හොඳ ආර්ථිකයක් ගොඩ නගාගන්න පුළුවන්. ඒ වගේම එයාලට හොඳ නමක් තියාගෙන ක්ෂේත්‍රයේ ඉන්නත් පුළුවන්.

 

නිරූපණ ශිල්පිනියක් නිරුවත් නිර්මාණයකට දායක වීම වැරැද්දක්ද?

නිරුවත කියන්නේ කලාවක්. ඒක ඇස් දෙකෙන් බලන විදිහක් තියෙනවා. අපි ඒ ආර්ට් එක ඒ විදිහට බලන්න ඕනේ. එතකොට එහි වැරැද්දක් පේන්නේ නැහැ. නිරුවත කලාවට භාවිත කරන එකට මම දොස් කියන්නේ නැහැ.

 

විනෝදාංශයක් විදිහට කරන්නේ මොනවාද?

ගෙදරට වෙලා පොත් කියවන එක තමයි.

 

ඉදිරි බලාපොරොත්තු මොනවාද?

ඉදිරියේදී විදේශගත වීමට බලාපොරොත්තුවක් තිබෙනවා.

 

ඔබට උදව් කළ අය ගැන කිව්වොත්?

මුලින්ම ස්තූතියි කරන්න ඕනේ විශ්ව පෙරේරා අයියාට. එයා නිසයි අද මම මෙතැන ඉන්නේ. එතකොට කැට්වෝක් සහ ඇපෙක්ස් කණ්ඩායම් මට උදව් කළා. මේක වැඩියෙන්ම තනියම ආපු ගමනක්.

 

කැළුම් දේවින්ද

 

  2019-03-26-ent-03  2019-03-26-ent-06