නිනෝගේ නුනූ යුරේනි නොෂිකා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2017-06-28-ent-103

මේ දිනවල තිරගත වන තිසර ඉඹුලානගේ ‘‘නිනෝ ලයිව්’’ නිසා එහි ප‍්‍රචාරක කටයුතුවලට සහභාගී වෙන්න අපි කණ්ඩායම රට වටේ යනවා. ‘නිනෝ ලයිව්’ චිත‍්‍රපටය මගේ සිනමා ජීවිතයේ පළමු අත්දැකීමයි.

මෙහෙම කියන්නෙ යුරේනි නොෂිකායි. විටෙක සමාජ ජාලා වෙබ් අඩවිවලට පුවත් මවන්නියක වූ යුරේනි ගැන මේ දිනවල බොහෝ දෙනා කතාවන්නේ ‘‘නිනෝ ලයිව්’’ චිත‍්‍රපටය නිසයි. එහි ‘‘නුනූ’’ යන චරිතය සමග හමුවන යුරේනි සඳැල්ල සමග කතාබහකට එක්වුණේ මේ විදියටයි.

 

‘‘නිනෝ ලයිව්’’ චිත‍්‍රපටය ගැන හිතෙන්නේ මොන විදියටද?

2017-06-28-ent-105මෙහි රඟපෑමට එක්වුණේ මීට අවුරුදු අටකට විතර පෙරදීයි. ඉතින් ඒ කාලයේදී මගේ මුල්ම චිත‍්‍රපට රඟපෑම නිසා මට ඒක ලොකු අත්දැකීමක් වුණා. ඒ වගේම මේ චිත‍්‍රපටය අලූත් වැඩක්. බයිස්කෝප් චිත‍්‍රපට සිනමාවෙන් ඔබ්බට ගිහින් කළ ලොකු දෙයක්. එදා අවුරුදු අටකට පෙරදී ආසාවෙන් කළ ඒ චිත‍්‍රපටය අද අවුරුදු අටක් පහුවෙලත් මට ගෙනදෙන්නේ ලොකු සතුටක්.

 

මේ චිත‍්‍රපටයෙ රඟපෑමට පෙර එදා වෙනත් ඒවායේ රඟපාලා තිබුණේ නැද්ද?

ටෙලිනාටය ක්‍ෂේත‍්‍රයේ කිඳුරංගනා නාට්‍යයේ තමයි එදා මුලින්ම රඟපෑවේ. එම නාට්‍යයටත් මගේ චරිතයටත් විශාල ප‍්‍රතිචාර ලැබුණා. වැඩි දෙනෙක් එදා මාව හඳුන ගත්තෙ ඒ නාට්‍යයෙන්. ඉන්පසු තවත් නාට්‍ය කීපයකටම රඟපෑමෙන් එක්වුණා. ඒත් පළමු වතාවට රඟපෑ චිත‍්‍රපටය තිරගත වන්නේ මේ දිනවලයි. ඒකත් හරි අපුරු අත්දැකීමක්.

 

‘‘ නිනෝ ලයිව්’’ ඔබ රඟපාන චරිතය ගැන කිව්වොත්?

මම රඟපාන්නේ නිනෝ නමැති තරුණයාගේ පෙම්වතිය ලෙසයි. මගේ චරිතයේ නම ‘‘නුනූ’’. එයා හරිම සරල චරිතයක්. දඟකාර යොවුන් වියේ ආදරයක්. නුනූ ජීවිතයේ ප‍්‍රථම වතාවට ආදරය අත්විඳින යුවතියක්. හැබැයි එතන ඉන්නේ සැබෑ යුරේනි නොෂිකා නෙවෙයි ඇය ‘‘නුනූ’’ විතරමයි.

 

‘‘නුනූ’’ වෙච්ච යුරේනි ආදරය අපේක්‍ෂා කරන්නේ මොන විදියටද?

ආදරය සොයා සොයා ගියොත් තමයි අපට වරදින්නෙ. ඒ නිසා දෛවයට අනුව ආදරයට ළඟට එන්න දීලා බලා සිටීම තමයි හොඳම දේ. කොහොම වුණත් ආදරය කියන්නෙ හරි පවිත‍්‍ර සුන්දර දෙයක්. ජීවිතියට අත්‍යාවශ්‍ය දෙයක්. ආදරය නැතිව ජීවිතයක් නැති තරම්.

 

කාලයක් සමාජ ජාලා වෙබ් අඩවිවලට පුවත් මවන්නියක වුණා නේද?

මෙහෙමයි. සමහර අයට මාව දිරවනවා. නොදිරවන අයත් ඉන්නවා. ඉතින් මාව දිරවන්නෙ නැති අය මට මඩ ගහනවා. සෑහෙන කාලයක් ඒ විදියට මට මඩගැහුවා. හැබැයි කාටවත් තව කෙනෙකුගේ චරිතය නිරපරාදෙ ඝාතනය කරන්න බැහැ. මඩගහන තරමට ඒවා මට වැදුණෙ නැත්තෙ ඒවා මට අදාළ නොවුණු නිසයි. අන්තිමට ඒ නිසාම මට මගේ නිවැරදි බව ඔප්පු කරන්න පුළුවන් වුණා. නමුත් හොඳ නම්? කාටවත් චරිත ඝාතනය කරලා මඩගහන්න බැහැ.

 

අද ඔබ ගායනයටත් එක්ව සිටිනවා. එතකොට රඟපෑමද ? ගායනයද? ඔබගේ වෘත්තිය කියලා ඇහුවොත්?

රඟපෑම තමයි මගේ ආසාව සහ ආත්මයේ බැඳීම. ගායනයට පොදුවේ අපි කවුරුත් කැමතිනෙ. ඒක මගේ අත්හදා බැලීමයි. සාරි පොටේ ගීතය කළෙත් අත්හදා බැලීමකට. දැන් එයින් පසුව මගේ අලූත්ම ගීතය ‘කොල්ලො චුයිංගම් වගේ’ කියන ගීතය නිර්මාණයට සූදානම් වෙනවා.

 

සාරි පොටේ, චුයිංගම්? ඇයි මේ වගේ නම් ඔබ යොදා ගන්නෙ?

සාමන්‍ය ජීවිතය ගත්තොත් මම හරිම සැහැල්ලූ චරිතයක්. ඒ නිසා මම කරන කියන දේ වෙතින් පවා මහා සංකීර්ණ වෙන්න ඕන නැහැ. පොදුවේ ඒ සැහැල්ලූ බව ප‍්‍රකාශ කරන ගීත තමයි මම කරන්නෙත්. මනුරංග සොහොයුරා මගේ ඒ ඇතුළාන්තය ගැන හොඳින්ම දන්නා කෙනෙක්. මේ චුයිංගම් ගීතය ලිව්වෙත් එයා.

 

‘ගීතය’ යනු කුමක්ද? ඔබගෙන් ඇසුවොත්?

මිනිසුන්ට රසාස්වාදයක් ගෙන දෙන, ඒ වගේම මතකයන් අවදි කරවන, ජීවිතයට වඩාත් සමීප ආමන්ත‍්‍රණයක්. මිනිස්සු ප‍්‍රශ්නවලින් මිරිකිලා ඉන්නෙ. ඉතින් තවත් ඔවුන්ට අපහසුතාවයට පත් නොකොට සහනයක් ගෙනදිය යුතුයි. එක් එක් රසාස්වාදයෙන් යුතු ගීත තියෙනවා. නමුත් මා දකින අය ගැන තමයි කිව්වේ.

 

අද වැඩි දෙනා ගීත කරන්නෙ යූ ටියුබ් එකටයි. මේකත් යූ ටියුබ් එකට කළ ගීතයක්ද?

කොහොමටත් මගේ රසික පිරිස සිටින්නෙ ඩිජිටල් මාධ්‍ය හරහායි. ඒ වගේම ෆොස්බුක් ඇතුළු සමාජ අඩවි ඔස්සේයි. ඈත ගම් දනව්වල සිටින ජනතාවට වඩා මාව හඳුනන්නෙ මේ පිරිසයි. ඉතින් අනිවාර්යෙන්ම ඩිජිටල් මාධ්‍ය තමයි මගේ ප‍්‍රකාශනය වන්නේ. මොන විදියකට හෝ මිනිසුන්ට සැහැල්ලූවක් හිනාවක් ගෙනැල්ලා දීලා ඔවුන්ව සතුටු කරනන් පුළුවන් නම්? ඒක අපටත් සතුටටම දෙයක්.

 

ඔබ කලාව කියලා හිතන්නේ ඒකටද මේ ඕනෑම දෙයක් කලාවද?

කලාව කියන දේ තීරණය වන්නේ කෙනෙක් බලන කෝණය අනුවයි. එය මනුස්සයාගෙන් මනුස්සයාට වෙනස්. මම දකින්නේ සමාජයට කරන සේවයක් ලෙසයි. ඉතින් අපිත් පින් කරලා තියෙනවා ජනතාවගේ ආදරය ලබන්න. ගරුත්වය ලබන්න. හැබැයි අලූතින් එන සමහර දෙනා වෙතින් කලාවට විය යුතු ගරුත්වය නොලැබෙන බව කියන්න පුළුවනි.

 

යුරේනිට ජීවිතය දැනෙන්නෙ කොහොමද?

උස්, පහත් තැන්. දුෂ්කරතා අපහසුතා තිබුණා. ජීවිතය කියන්නේ සුන්දර මල් වත්තකට නොවෙයි. කටු පඳුරු පිරි වන ලැහැබක් වගෙයි. එයින් ලබන පන්නරය හරි ඉහළයි. ආ ගමන දිහා බැලූවාම, අත්දැකීම් දිහා බැලූවාම ජීවිතය හරිම සතුටුයි. ඒ අත්දැකීම් මට ශක්තියක් එක් කළා.

 

හෙට දවස යුරේනිට කොහොම වේවිද?

මම නිතර සිහින එක්ක ජීවත්වන චරිතයක්. ඒවා සැබෑ කරගන්න උත්සාහ ගන්න. ඒ සිහින එක්ක ජීවත්වන චරිතයක්.

 

ඒ සිහිනයේ සිහින කුමරෙකුත් ඇති?

ඇති. ඒත් මං දන්නේ නැහැ. මගේ සිහින ලෝකයේ ඒ සෑම දෙයක්ම තියේවි.

 

සටහන සහ ඡායාරූප - සඳුන් ගමගේ

 

2017-06-28-ent-101 2017-06-28-ent-102  2017-06-28-ent-104