නාගරික පරිසරයේ ජීවත් වෙන සමාජයට පෙන්වන්න හදපු සුන්දර නාට්‍යයක් තමයි ‘මැටි කඬුලු’ කියන්නේ
මේ දිනවල ජනප්‍රියත්වයට පත් ටෙලා නාට්‍යයක් ලෙස ‘මැටි කඬුලු’ ටෙලි නාට්‍යය හැදින්විය හැකිය. එහි ‘කිසා’ චරිතය තුළින් හමුවෙන මිෂෙල් දිල්හාරා වර්තමානයේ සිටින දක්ෂ යොවුන් රංගන ශිල්පිනියකි. මෑත කාලයේ එකිනෙකට වෙනස් විවිධ චරිතාංග තුළින් ප්‍රේක්ෂකයා හමුවු ඇය මේ දිනවලද ටෙලි නාට්‍යය කිහිපයකම වැඩකටයුතු වලට දායක වෙමින් සිටියි. මෙවර කතාබහ දිග හැරෙන්නද මිෂෙල් සමගය.
කොහොමද මේ දවස්වල තොරතුරු?
මේ දවස්වල මැටි කඬුලු ටෙලි නාට්‍යයයේ රූගත කිරීම් කරගෙන යනවා. නිමල් රත්නායක සර් තමයි ඒක අධ්‍යක්ෂණය කරන්නේ. ඊට අමතරව ටෙලි නාට්‍ය්‍ය කිහිපයකත් රූගත කිරීම් කෙරෙනවා. එකක් තමයි ශාලින්ද රත්නායකගේ අධ්‍යක්ෂණය කරන පෝර්ක් වීදය, තවත් ටෙලි නාට්‍යයක රූගත කිරීම් කරනවා. ඒ ටික තමයි වැඩ කටයුතු කරන්නේ. අලුතෙන්ම විකාශයන වෙන්න පටන් ගත්තේ මැටි කඬුලු.
‘මැටි කඬුලු’ ටෙලි නාට්‍ය තුළ ඔබේ චරිතය සහ අන්තර්ගතය ගැන කිව්වොත්?
මගේ චරිතය ගත්තොත් ‘කිසා’ කියන චරිතය තමයි මගේ චරිතය. කිසා කියන්නේ අම්මා නැතුව තාත්තා එක්ක හැදිච්ච දරුවෙකුගේ කතාවක්. අම්මා පවුලේ ආර්ථිකය ගැනයි අපි ගැනයි හිතලා රට ගිහිල්ලා එදිහී අම්මා බෝම්බයකට අහුවෙලා මැරිලා කියලා තමයි අපිට ආරංචි වෙන්නේ. ඒ පීඩනයත් එක්ක තමයි ජීවත් වෙන්නේ. තාත්තා දක්ෂ කිමිදුම් කරුවෙක්. ලොකු ආර්ථික ප්‍රශ්න එක්ක ජීවත් වෙන, මානසික පීඩාවලින් පෙලෙන නමුත් කිසා වත් හොඳට බලාගෙන ජීවත් වෙනවා. ඒ ප්‍රශ්න හැම එකටම මැදි වෙලා ජීවිතේ ඇඳගෙන යන තරුණියක් තමයි ‘කිසා’ කියන්නේ. නාට්‍යය ගැන කිව්වොත් ජාතික රූපවාහිනියේ සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 9.00 ට තමයි විකාශ වෙන්නේ. විශේෂයෙන්ම කියන්න ඕනේ නිමල් රත්නායක සර් කියන්නේ ලංකාවේ විකාශය වෙච්ච ප්‍රසිද්ධ නාට්‍යය වල, ‘මලී’, ‘සරා’, ‘ඉඳි කඩුල්ල’ වගේ නාට්‍යය අධ්‍යක්ෂණය කරපු අධ්‍යක්ෂකවරයෙක්. අපි ජීවත් වෙන්නේ නාගරික පරිසරයකනේ. ගොඩක් මුදල් පස්සේ හබා යනවා. රැකියාවේ උසස් වීම් වලට උදේ ඉඳන් රෑවෙනකම් වෙහෙසෙනවා. ඒ නිසා පවුල් සංස්ථාවේ එකිනෙකා හඳුන ගන්න බැරි තත්ත්වයකට පත් වෙලා ඉන්නවා. මිල මුදල් යානවාහන තියෙනවා. හැබැයි හිස් රොබෝවරු වගේ තමයි නාගරික පරිසරය තුළ ජීවත් වෙන්නේ. නමුත් ශ්‍රී ලංකාවේ තවත් පැත්තක කිසිම පීඩාවක් නැතුව උදේම නැගිටිලා වැවේ නානා, තියෙන දෙයක් තම්බගෙන කාලා , අඩුගානේ රටේ වෙනස් වෙන කිසිම දෙයක් ගැනවත් කිසිම දැනුමක් නැතුව හොයන්නේ නැතුව මහා සමාජය එක්ක කිසිම බැඳීමක් නැතුව ජීවත් වෙන පිරිසක් ලංකාවේ ඉන්නවා. ඒ ජීවිත වල තියෙන සරල බව නාගරික පරිසරයෙන් බැහැරව ගම්බද ප්‍රදේශ වල තියෙන සමාජය ගැන නාගරික පරිසරයේ ජීවත් වෙන සමාජයට පෙන්වන්න හදපු සුන්දර නාට්‍යයක් තමයි ‘මැටි කඬුලු’ කියන්නේ.
මේ නාට්‍යය තුළ තියෙන්නේ ලංකාවේ තියෙන එක්තරා සමාජයක් පිළිබඳව තියෙන යතාර්ථයද?
නාගරික පරිසර වල ජීවත් වෙන අය ඉන්නවානේ. එයාලට පේන්නේ මේ කාර්යය බහුල ජීවිතය විතරයි. උදේ නැගිට්ට වෙලේ ඉදන් රේස් එකක් වගේ දුවනවා. කිසිම නිදහසක් නැතුව පීඩනයෙන් ඉන්නවා. ඒ අයට අමතක වෙලා තියෙනවා ලංකාවේ තියෙන ගැමි පරිසරය. එහි තියෙන සරල බව. ඒ දේවල් ගිලිහිලා තියෙනවා. ඒක මතක් කරලා දෙන්න සහ ජීවිතය කොහොමද සරලව ගෙනියන්නේ කියන සංකල්පයක් ඉගෙන ගන්න තමයි මේ නාට්‍යය හදලා තියෙන්නේ. ලංකාවෙ මේ වගේ තැන් තියෙනවා සහ මේ වගේ මිනිස්සු ඉන්න ගැමි සමාජයක් තියෙනවා කියන එක මතක් කරන්න තමයි මේ නාට්‍යය නිර්මාණය කරලා තියෙන්නේ.
ලැබෙන ප්‍රතිචාර කොහොමද?
දැනට විශාල හොඳ ප්‍රතිචාරයක් තියෙනවා. මොකද ගැමි පරිසරයක රූගත කිරීම් කරලා තියෙන නිසා සහ ගමේ තියෙන සරල බව පෙන්වන නිසා වෙන්න ඇති කියලා හිතනවා. අපි පීඩනයකින් ඉන්න වෙලාවට ඒ නාට්‍යය බැලුවාම හරිම නිදහසක් දැනෙනවා. පොඩි පොඩි දේවල් වලින් ගැඹුරු අදහසක් දෙන නාට්‍යයක් නිසා වෙන්න ඇති කියලා හිතනවා.
පසුගිය වසර ගැන මොකද හිතෙන්නේ?
ඒක ගැන නම් අමුතුවෙන් කියන්න දෙයකුත් නැහැ. ගිය අවුරුද්දට සාපේක්ෂව මේ අවුරුද්දේ අපිට සිද්ධ වෙලා තියෙනවා නිව් නොර්මල් සංකල්පය යටතේ ජීවත් වෙන්නේ. ඒ කියන්නේ ඒකත් අපේ ජීවිතයට එක් කරගෙන බැඳිලා යන්න සිද්ධ වෙලා තියෙනවා. අපි අපේ ආරක්ෂාව ගැන හිතුවොත් අපි අයව ආරක්ෂා කර ගන්න පුළුවන්. ඉතිං සෞඛ්‍ය උපදෙස් පිළිපැදලා හිටියොත් ගිය අවුරුද්දට සාපේක්ෂව ඉස්සරහට එන අවුරුදු කිහිපය අපිට මේකත් එක්ක සටන් කරන්න පුළුවන් වෙයි කියලා හිතනවා. ගිය අවුරුද්දට සාපේක්ෂව මේ අවුරුද්දේ ඒ පිළිබඳව අවබෝධ කරගෙන ඒ ක්‍රමවේද පිළිපැදලා උත්සහ කරනවා. මේ නිසා අපිට අපේ රැකියාවන් නොකර ඉන්න බෑ. අපේ ආර්ථිකය කඩා වැටෙනවා. ඒ නිසා හැමදේම විමසිලිමත්ව කරන්න වෙනවා.
ඩිලාන් ක්‍රිෂාන්ත