නවකයෝ මේ ක්ෂේත්‍රයට එන්න ඕනා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2019-12-18-ent-2039

ගීත රූප රචනා තුළ නිතර දකින රංගන ශිල්පිනියන් ලෙස ශෂි ඇන්ජලීනා හැඳින්වීමට පුළුවනය. මෑත කාලයේදී ටෙලි හා සිනමා නිර්මාණ කිහිපයකම දුටු ඇය ඉදිරියේදී තවත් ටෙලිනාට්‍ය කිහිපයකින්ම ප්‍රේක්ෂක ඔබට දකින්නට හැකි වේ. නිතර කතාබහට ලක්වන කලා ශිල්පිනියක් වන ශෂි ඇන්ජලීනා තරුණ පිරිස් අතර නිතරම සිය ජනප්‍රියත්වය රඳවා ගන්නට සමත්ව සිටියි.2019-12-18-ent-2042

 

නිතර ගීත රූප රචනාවල දුටුවත් ටෙලි නාට්‍යය හා සිනමා නිර්මාණවල ඔබ දකින්නේ අඩුවෙන්. ඒ ඇයි?

ඇත්තටම, ඒක මටත් ලොකු ගැටලුවක්. මම හිතන්නේ ගීත රූප රචනාවල මාව නිතර දකින නිසා ඒ අවස්ථාව මට අහිමි වෙනවා කියලා. අන්තිමට මම ටෙලි නාට්‍යයක රඟපෑවේ 2018 වසරේ. ඒ %අවසන් ඉනිම^ කියන ටෙලි නාට්‍යයේ. ඊට පස්සේ මට ටෙලි නාට්‍යයක රඟපාන්න මට අවස්ථාව ලැබුණේ නැහැ. මේ දිනවල ටෙලි නාට්‍යය දෙකක වැඩ කරනවා. බොහෝ විට ප්‍රේක්ෂකයන්ට මාව නැවතත් ඒ ටෙලි නිර්මාණ හරහා දැකගන්න පුළුවන් වේවි. ඒ වගේම %රෂ්^ චිත්‍රපටයෙන් පස්සේ මට තවත් චිත්‍රපටයකට සම්බන්ධ වෙන්න දැනට ආරාධනා ලැබිලා තියෙනවා.

 

වැඩිම ගීත රූප රචනා ප්‍රමාණයකට දායක වුණ රංගන ශිල්පිනිය ඔබද?

මම හිතනවා ලංකාවේ වැඩිම රූප රචනා ප්‍රමාණයකට දායක වුණ රංගන ශිල්පිනිය කියලා. දැනට මම ගීත රූප රචනා 200කට ආසන්න ප්‍රමාණයකට දායක වෙලා තියෙනවා. ඉදිරියේදී මම දායක වුණ තවත් ගීත රූප රචනා තුන හතරක් විකාශය වෙන්නත් තියෙනවා.

 

ගීත රූප රචනාවල පෙනී හිටිය නිසා වෙනත් නිර්මාණ ඔබට නොලැබුණා කියලා හිතෙන්නේ නැද්ද?

එහෙමත්, හිතෙනවා. මම ක්ෂේත්‍රයට ආවේ ගීත රූප රචනාවක් හරහා. ඒ රුවන් හෙට්ටිආරච්චිගේ %නොදැක ඉන්න බැහැ^ කියන ගීත රූප රචනාව හරහා. අදටත් මට ගීත රූප රචනාවලට ලැබෙන ආරාධනා නම් අඩුවක් නැහැ. නමුත්, සාපේක්ෂව බලනකොට ටෙලි හා සිනමා නිර්මාණවලට දායක වෙන්න මට ලැබෙන ආරාධනා ගොඩක් අඩුයි. කොහොම වුණත් මම ඉදිරියට ගීත රූප රචනා සඳහා සම්බන්ධ වෙන්නේ අඩුවෙන්. මොකද, මට අවශ්‍යයි රංගන ශිල්පිනියක් විදිහට ටෙලි හා සිනමා නිර්මාණවලට වැඩිපුර දායක වෙන්න.

 

නිර්මාණවල වැඩිපුර දකින්නට නොලැබුණත් ඔබ ජනප්‍රිය චරිතයක් නේද?

ඇත්තටම, ලැබෙන රසික ප්‍රතිචාරවලින් නම් අඩුවක් නැහැ. ගොඩක් මට ආදරය කරන පාසල් අධ්‍යාපනය ලබන යෞවන, යෞවනියන්ගෙන්. ඊට අමතර තරුණ පිරිසකගෙන්. ඒ අය කොහෙදි මාව දැක්කත් ඇවිල්ලා කතා බහ කරනවා. කලා තොරතුරු විමසනවා. ක්ෂේත්‍රයට ආපු දා ඉඳලා අද දක්වා මා වටා යම් රසික පිරිසක් එකතු වෙලා තියෙනවා කියලා මේ ලැබෙන ප්‍රතිචාරත් එක්ක මට හිතෙනවා.

 

නවකයෝ දිනෙන් දින කලා ක්ෂේත්‍රයට එකතු වෙනවා. මේ අයගේ පැමිණීම යම් අභියෝගයක්ද?

නවකයෝ මේ ක්ෂේත්‍රයට එන්න ඕනා. නමුත්, ඡායාරූපයනකට දෙකකට පෙනී ඉඳලා මේ ක්ෂේත්‍රයට සම්බන්ධ වෙන අපරාධයක්. හැදෑරීමකින් පසුව මේ ක්ෂේත්‍රයට එනවා නම් හොඳයි. නැත්නම් පැවැත්මක් නැහැ කියලයි මට කියලයි මට හිතෙන්නේ. අද ගොඩක් අයට ලේසි ක්‍රම තියෙනවා මේ ක්ෂේත්‍රයට එන්න. "ෆේස්බුක්"  එකේ ඡායාරූපයක් දෙකක් පළ කළත් අද රංගනයට එන්න අවස්ථාව තියෙනවා. ඊට අමතරව ලංකාවේ අද තියෙන "පැජන්ට්" ප්‍රමාණය හිතාගන්න බැහැ. සමහර අය මොන උත්සවයට ආවාත් ඒ කිරුළ ඔළුවේ දාගෙන එනවා. මේවා දකිනකොට කලාව කියන දේ අද බින්දුවට නැතිවෙලා තියෙනවා කියලා හිතෙනවා මට.

 

ඔබත් කලාවට ඇවිල්ලා දැන් කාලයක් වෙනවා. ඒ පිළිබඳව හැදෑරීමක් කරලා තියෙනවාද?

මොන නිර්මාණයට දායක වුණත් අපි ඒ තුළින් කරන්නේ කලාව කියන දේ හදාරන එක. ප්‍රවීණයන් සමග නිතරම වැඩ කරද්දි අපිට රංගනය කියන දේ ඉගෙන ගන්න අවස්ථාව ලැබෙනවා. නමුත්, මම නම් හැම වෙලාවෙම හිතන දෙයක් ඕනෑම ක්ෂේත්‍රයකට සම්බන්ධ වෙනවා නම් ඒ පිළිබඳව හැදෑරීමක් කරන්න ඕනා කියලා.

 

2019-12-18-ent-2037 2019-12-18-ent-2038  2019-12-18-ent-2040 2019-12-18-ent-2041  2019-12-18-ent-2043