නවකයන්ට උදව් කරන අය ඉන්නවා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

20190503Malsha-(3)

මියුසික් වීඩියෝ, වෙළඳ දැන්වීම් හරහා ජනප්‍රියට පත් මල්ෂා ජයවර්ධනට අද සාරවිට ඉඩක් වෙන් කිරීමට අපි සිතුවා. මේ දිනවල නිරූපණයෙන් මදක් ඈත් වෙලා ඉන්න මල්ෂා ඉදිරියේදී අළුත් වැඩ කිහිපයක් සමගම ආයෙත් දැකගන්නට හැකි වෙනවා. ඉතින් මල්ෂා සාරවිටට කතා කළේ මේ විදිහටයි.

ඔබේ පෞද්ගලික විස්තර කිව්වොත්?

මගේ නම මල්ෂා ෂලනි ජයවර්ධන. දැනට  මම රැකියාවක් කරනවා. ඊට අමතරව මම නිරූපණ ශිල්පිනියක් විදිහට වැඩ කටයුතු කරනවා.

 

නිරූපණයට සම්බන්ධ වෙන්නේ කොහොමද?

නිරූපණයට සම්බන්ධ වෙන්නේ 2014 වසරේදි. ඒ කාලේ ඉඳලා නිර්මාණ රැසකට දායක වෙලා තියෙනවා. දැන් රැකියාව නිසා ගොඩාක් වැඩ බාර ගන්නේ නැහැ.

 

ඒ කියන්නේ දැන් නිරූපණයෙන් ඈත් වෙලාද ඉන්නේ?

නැහැ. ලොකුවට වැඩවලට දායක වෙන්නේ නැහැ. බ්‍රයිඩ්ල් ෆොටෝෂූට් වගේ දේවල් කිහිපයක් දැනට කරනවා. රැකියාව නිසා නිදහස පොඩ්ඩක් නැති වෙලා තියෙන්නේ. ඉදිරියේදී රැකියාවෙන් ඉවත්වෙන්නත් බලාපොරොත්තුවක් තියෙනවා. එහෙම වුණොත් ඒ ලැබෙන නිදහසත් සමග කලා නිර්මාණවලට දායක වෙයි.

 

20190503Malsha-(1)ඉස්සරට වැඩිය අද නිරූපණ ක්ෂේත්‍රය තියෙන්නේ මොන වගේ තැනකද?

අද පොඩි කොටසක් ක්ෂේත්‍රයේ නම කැත වෙන විදිහහේ වැඩ කරනවා. ඒ නිසා මුළු ක්ෂේත්‍රය ගැනම මිනිස්සු හිතන්නේ ඒ විදිහටමයි. සමහර අය අඩු මුදලට ෂූට් වලට යනවා. ඒක වෘත්තීමය ශිල්පිනියන්ට හානියක්. අළුත් අය ගොඩක්ම ඒ විදිහේ අය.

 

නවක ශිල්පිනියන් කියනවා ප්‍රවීණ අයගෙන් කැපිලි තියෙනවා කියලා. ඒ කතාව ඇත්තද?

ඒ කතාවේ යම් ඇත්තක් තිබෙනවා. නමුත් සමහර අය හොඳයි. නවකයන්ට උදව් කරන අය ඉන්නවා. උපදෙස් දෙනවා. වැරදි කියලා දෙනවා.

 

නිරූපණ ශිල්පිනියක් වුණාම පැජන්ට්වලට සහභාගී වෙන්න ඕනේමද?

සහභාගී වෙන්න ඕනේම කියලා එකක් නැහැ. නමුත් පැජන්ට් එකකින් නිරූපණ ශිල්පිනියකට ලොකු අත්දැකීමක් ලැබෙනවා. දැන් නම් හැම තැනම පැජන්ට් තියෙනවා. ඒ පැජන්ට් පවත්වන ක්‍රමයේ ගැටළුවක් තිබෙනවා. නමුත් පැජන්ට් එකකට සහභාගී වීම ශිල්පිනියකට වැදගත් වෙනවා.

 

අද හැම තැනම පැජන්ට් පැවැත්වෙනවා. මේක කොහොමද ක්ෂේත්‍රයට බලපාන්නේ?

සමහර අය ගැහැණු ළමයි ටිකක් අරගෙන එයාලාගේ නම හදාගන්න එක එක පැජන්ට් පවත්වනවා. ඇත්තටම ඒක නිරූපණ ක්ෂේත්‍රය පැත්තෙන් බැලුවොත් කිසිම තේරුමක් නැති වැඩක්. පැජන්ට් කරන අයගේ නම හදාගන්නයි ඒ වගේ වැඩ කරන්නේ.

 

පැජන්ට් පැවැත්වීම තුළින් නවකයන්ට අවස්ථාව ලැබෙන්නේ නැද්ද?

අවස්ථාවන් ලැබෙනවා. නමුත් ඒක හරි විදිහට ලැබෙනවාද කියලා කියන්න දන්නේ නැහැ. හොඳ දක්ෂ අධ්‍යක්ෂකවරු කරන පැජන්ට් තියෙනවා. ඒ තුළින් නම් කෙනෙක්ට ඉදිරියට යන්න හොඳ අවස්ථාවන් ලැබෙනවා.

 

ඉදිරි වැඩකටයුතු ගැන කිව්වොත්?

ජීවිතේ සාමාන්‍ය විදිහට ගෙනියනවා. තව නිර්මාණ කිහිපයකට ආරාධනා ලැබිලා තියෙනවා. ඒ දේවල්වලට සම්බන්ධ වෙන්න බලාපොරොත්තුවක් තිබෙනවා.

කැළුම් දේවින්ද

20190503Malsha-(4) 20190503Malsha-(5) 20190503Malsha-(8)