නව වසරට ගහක් හිටවන්න සොබා දහමේ ආශිර්වාදයක් තියෙනවා
2011 දී ශ්‍රී ලංකා රූ රැජින ලෙස කිරුළ පැළැඳියේ ඇයයි. ඉනික්බිතිව ඇය එම වසරේදීම ලෝක රූ රැජින තරගය වෙනුවෙන් ශ්‍රී ලංකාව නියෝජනය කළාය. එහිදී රටවල් 92ක් අතරින් හොඳම දේශීය ඇඳුම සඳහා වූ අංශයේ ජය හිමි කර ගත්තේ ඇයයි. ලන්ඩනයේදී පැවැත්වූ එම ලෝක රූ රැුජින තරගයේදී අවසන් පූර්ව වටය දක්වා සුදුසුකම් ලැබීමට ද සමත් වූ පුෂ්පිකා සඳමාලි ද සිල්වා 2013 දී ඊජිප්තුවේදී පැවැති හොඳම නිරූපන ශිල්පිනිය ලෝක තරගය වෙනුවෙන්ද ශ්‍රී ලංකාව නියෝජනය කළාය. ඉන්පසුව සුපුරුදු පරිදි නිරූපන ක්ෂේත්රයේ රැුඳෙමින් වෘත්තීය නිරූපන ශිල්පිනියක ලෙස කටයුතු කරන අතරේ රූපවාහිනි නිවේදිකාවක ලෙස හිරු ටී.වී. මංගලම් වැඩසටහන මෙහෙයවූවාය. අද ඇය මවකි. පුතාගේ නම ටැවෝන් සැල්වටෝර්ය. සුරූපී පුෂ්පිකා අද මේ පුංචි පුතු සමග රුක් රෝපණය කිරීමේ කටයුත්තකට මුලපුරා සිටින්නීය. ‘නව වසරේ පැළයක් රෝපණය කරන්න’ යන තේමාව එක් කරමින් පුෂ්පිකා සඳැල්ල සමග කතාබහකට එක්වූයේ මෙලෙසිනි.
පුෂ්පිකා ඇයි මේ එක පාරටම ගස් රෝපණය කරන්න හිතුවෙ?
මම කොහොමටත් ස්වභාවධර්මයට බොහෝම ආදරය කරන කෙනෙක්. එහි ආශිර්වාදය මට තියෙන කෙනෙක්. සොබාදහම වගේම ස්වභාවධර්මයේ අවශ්‍ය වන්නේ මිනිසුන් වන අපට මිසක්, අපෙන් ඊට වැඩක් නැහැ. ඒ නිසා අප ආරක්ෂා කරන ස්වභාවධර්මයට නතුව අපි කටයුතු කරන්න ඕනෑ. ස්වභාවයට අනුව කටයුතු කරනවා නම්, එය රටටම ආදර්ශයක්. පුතා එක්ක එකතුවෙලා මේ වගේ වැඩක් කරන්න හිතුවෙ ඒ නිසයි.
එයත් එක්ක එකතු වෙලා මේ විදියට ගස් වවන වැඬේ දිගටම කරනවද?
එහෙම තමයි අදහස. ඉස්සර අපේ මුතුන් මිත්තන් ගස් ගල්වලට පවා වැඳුම් පිදුම් කළා. ඒ තරමටම සොබාදහමේ දායාදයන්ට ගරු කළා. පරිසරයට මම මහා පුදුම විදියට ආදරය කරන කෙනෙක්. ඒ වගේම සමාජ සත්කාරකවලටත් බොහෝම ආසා කෙනෙක්. ඉදිරියේදී පරිසරයට සම්බන්ධ වගේම, සමාජ සත්කාරයන්ට සමීපව මීටත් වඩා බොහෝ දේ කරන්නයි අදහස. කොහොමටත් සමාජ සත්කාරක වැඩසටහන්වලට මම එක් වුණේ මෑතකදී නෙවෙයි. 2011 දී ශ්‍රී ලංකා රූ රැුජින වීමට පෙරත් ඉන් පසුව වඩා සක්‍රීය වූ කෙනෙක්.
ඇයි මේ විදියට සමාජ සේවයට එන්න හදන්නෙ. විශේෂ හේතුවක් මුල් කර ගෙනද?
විශේෂම හේතුවක් නැහැ. කුඩා කාලයේ ඉඳලාම කාටත් උදව් කරන්න කැමති කෙනෙක් මම. රටේ කොටස්කරුවෝ හැටියට රටට සමාජයට ජනතාවට සේවයක් කරන්න පුළුවන් නම් එක්තරා විදියක පිනක් ඒක.
මට පෙනෙන්නෙ ඔබ හදන්නෙ දේශපාලනයට එන්න වගෙයි?
ඉදිරියේදී කොහොම වේවිද දන්නෙ නැහැ. අපි බලමු.
පුෂ්පිකා මෙච්චර ලස්සන රූපයක් තියාගෙන ඇයි රඟපාන්නෙ නැත්තෙ?
මම හිතන්නෙ මට බැරිම දේ තමයි රඟපෑම. රඟපෑමට මම දක්ෂ නැහැ. දක්ෂ නැති නිසා රඟපාන්න කැමතිත් නැහැ. රඟපෑමට ආරාධනා නම් බොහෝමයි. ඒත් බැරි දේ කළ යුතු නැහැ කියන එක මගේ අදහසයි.
කලාවෙ මොන වගේ වැඩවලටද කැමති?
නිවේදන සහ නිරූපන ක්ෂේත්රයට තමයි වඩා කැමති.
ලංකාවේ නිරූපන ක්ෂේත්රය අද මොන වගේ තැනකද තියෙන්නෙ?
මම මේ ක්ෂේත්රයට ආ දිනවල නිරූපන ක්ෂේත්රයේ බොහෝ ප්‍රවීනයන්ගේ ගුරුහරුකම් ලබන්න පුළුවන් වුණා. දැනුම ගන්න පුළුවන් වුණා. ඒත් මට පෙනෙන විදියට අද නිරූපන ක්ෂේත්රය එදාට වඩා තරමක් දුර්වල තැනකට වැටිලා. ඉස්සර අපට හොඳ පිරිසක් එක්ක වැඩ කරන්න වගේම, හොඳ තරගකාරීත්වයක් ඇති වෘත්තීයමය පිරිසක් එක්ක කටයුතු කරන්න වාසනාව ලැබුණා. අද සමහර අය එන්නෙ නිරූපන ක්ෂේත්රයේ නම විකුණලා එම ක්ෂේත්රයට කැළලක් වන දේ කරන්නයි. මෙන්න මේ වගේ හේතු නිසා මේ ක්ෂේත්රය යම්කිසි ප්‍රමාණයකට බිඳ වැටිලා. ඉස්සර හොඳ වෘත්තීය තත්ත්වයේ කණ්ඩායමක් හිිටියා. මම මිස් ශ්‍රී ලංකා වෙද්දී ඒ ගමන නිකම්ම නෙමෙයි ආවේ. උස, පෙනුම විතරක් නෙවෙයි බලපෑවෙ. බොහෝ ප්‍රවීනයන් යටතේ බොහෝ දේ ප්‍රගුණ කළා. එදා මාත් එක්ක හිටපු බොහෝ දෙනා නිරූපණය ගැන රට රටවලට පවා ගිහින් හැදෑරූ අය. මම ඉන්දියාවට ගිහින් නිරූපණය හදාරා ආ කෙනෙක්. නිරූපණය කියන්නෙ ලොකු වගකීමක්. අපි විලාසිතා කරනවා කියන්නෙ ඒක හරි විදියට කළ යුතු දෙයක්. සමහර විට මිනිස්සු වැරදි විදියට නිරූපණ ක්ෂේත්රය ගැන හිතන්නෙ වෘත්තීය මට්ටමින් එහි කටයුතු නොකරන නිසයි. හොඳ විදියට කළොත්, හොඳ විදියට බැලූවොත්, මෙය ඉතා හොඳ ක්ෂේත්රයක්.
රූ රැජිණක වූ ඔබ දැන් මවක්. ඒ භූමිකාව මොන වගේද?
විශ්වාස කරන්න එදා මට තේරෙන කාලයේ ඉදලාම මම මවක් කියන චරිතයට ගරු කළ කෙනෙක්. ඉස්සර මම අපේ පංතියෙ හිටපු යාළුවන්ට පවා කිව්වෙ කවදාහරි මම හොඳ මවක් වෙනවා කියලයි. මවක් වීමේ ප්රාතිහාර්යය කාන්තාවකට උපතින්ම ලැබුණු ආශ්චර්යවත් දෙයක්. දරුවකු බිහිකිරීම කාන්තාවකට ලොකුු ආශිර්වාදයක්. දරුවන්ට මම ආදරෙයි. දරුවො කොච්චර හිටියත් වැඩි නැහැ. ‘අම්මා’ කියන්නෙ ලොකු වගකීමක් ඇති චරිතයක්. මවක් කියන්නෙ පැය 24 පුරාම සක්‍රීය වූ හරිහැටි නින්දක් පවා නොලබන චරිතයක්. ඒත් සමහර අය මව කියන චරිතයට ගරුත්වයක් දෙන්න දන්නෙ නැහැ. මවක් දරුවෝ වෙනුවෙන් කරන කැපකිරීම වටහාගත යුතු දෙයක්. මට නම් මව් පදවිය කියන්නෙ දෙවියන් වහන්සේගෙන් ලද ලොකු ආශිර්වාදයක්.
‘පුෂ්පිකා’ කොහොම කෙනෙක්ද?
සමහර අය මගේ බාහිර ස්වරූපය දිහා බලලා මම මහා ආඩම්බරකාර චරිතයක් කියලා හිතනවා ඇති. ඒත් මම එහෙම කෙනෙක් නෙවෙයි. පොළවෙ පය ගහලා සිටින, වඩාත් සාධාරණව හිතන චරිතයක්. කාටත් කරදරයක් නැති චරිතයක්.
සටහන හා ඡායාරූප: සඳුන් ගමගේ