නව වසර කලා කටයුතුවලට මම මුල්තැන දෙන වසරක් වේවි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

  2018-01-22-ent-38

මේ දිනවල ටෙලි නිර්මාණ කිහිපයකින්ම ඔබ දකින ධනංජි තාරුකා සමගින් නව වසරේ "සාරවිට" තරු කතා බහට අපි මුලින්ම සම්බන්ධ කරගත්තෙමු. නව පරපුර අතර වඩාත් ජනප්‍රිය යොවුන් රංගන ශිල්පිනියක වන ධනංජි, පසුගියදා ප්‍රදර්ශනය ඇරඹූ "සීමා නෑ ආකාසේ" චිත්‍රපටය හරහා ලාංකේය සිනමාවටද පිවිසුණාය.

 

ධනංජි සුබ නව වසරක් වේවා?2018-01-22-ent-39

ඔයාටත්, මට ආදර කරන රසික, රසිකාවියන් සියලු දෙනාටත්.

 

කොහොමද මේ වසර?

කලා කටයුතුවලට මුල් තැන දෙන්න තමයි හිතාගෙන ඉන්නේ.

 

නව වසරේ වාහනයක් ගත්තා කියලා ආරංචියි?

ඔව්, කාලයක් තිස්සේ තිබුණ හීනයක් තමයි මගේම කියලා වාහනයක් ගන්න ඒක. ඉතින් මේ වසරේදී ඒ හීනේ සැබෑ වුණා.

 

නව වසරේ මොනවද එන්න තියෙන කලා නිර්මාණ?

"සීමා නෑ ආකාසේ" චිත්‍රපටයෙන් පස්සෙ තවත් අලුත් චිත්‍රපටයක වැඩ කරනවා. චිත්‍රපටයේ නම තමයි "අම්මා" අධ්‍යක්ෂණය කරන්නේ ජනප්‍රිය රංගන ශිල්පියෙකු වන අකිල සඳකැළුම්. ජනවාරි මාසේ මුලදී තමයි මේ චිත්‍රපටයේ මුහුරත් උත්සවය තියෙන්නේ. ඊට අමතරව %වැලිපවුරු^ කියලා චිත්‍රපටයකට පසුගිය කාලේ රංගනයෙන් දායක වුණා. ඒ චිත්‍රපටය මේ වසරේදී ප්‍රදර්ශනය වෙනවා. ඊට අමතරව ලක්ෂ්මන් පුෂ්පකුමාරගේ %රන්බැඳි මිනිස්සු^ හා සමන් කුමාරගේ "සුනේත්‍රා" කියන ටෙලි නාට්‍යය දෙක එන්න තියෙනවා. මීට දශක 4කට 5කට කලින් සිදුවුණ කතාවක් පදනම් කරගෙන තමයි මේ ටෙලි නාට්‍යය දෙකම නිර්මාණය කරලා තියෙන්නේ. මෙම නාට්‍යවල මම අංගම් පොර සටන්වල පවා නිරත වෙනවා.

 

නව වසරේ පෞද්ගලික ජීවිතේ පැත්තෙන් වෙනසක් වෙන්නේ නැද්ද?

නැහැ. ගිය වසරේදීත් එහෙම වෙනසක් වේවි කියලා හිතුවා. නමුත්, වුණේ නැහැනේ. බලමු ඉතින් මගේ ඉරණම්කාරයා කොහේ හරි ඇති. එහෙම හම්බ වුණොත් මේ වසරේදී මගේ විවාහයත් සිදු වේවි.

 

ගෙවුණ වසරේදී ඔබ "රියැලිටි" තරග සඳහාත් සම්බන්ධ වුණා?

මේ වසරේදීත් එවැනි තරග සඳහා ආරාධනා නම් ලැබුණා. ඒත්, කලා කටයුතුත් එක්ක ගෙවන කාර්යබහුල ජීවිතේ නිසා එවැනි දේකට යොමු වෙන්න තියෙන අවස්ථාව අඩුයි.

 

මේ දවස්වල ධනංජිව අපි දකින්නේ?

මේ දවස්වල මම රංගනයෙන් දායක වුණ ටෙලි නිර්මාණ කිහිපයක්ම විකාශය වෙනවා. ඒ අතර, ස්වර්ණවාහිනි නාලිකාවේ විකාශය වෙන "කාසිවත්ත", ස්වාධීන රූපවාහිනි නාළිකාවේ විකාශය වන "නිසල අරණ", සිරස නාළිකාවේ විකාශය වෙන %සිහින සොයා^, සියත නාලිකාවේ විකාශය වෙන "ලව් යූ බොස්" හා "ආදරවන්තියෝ" කියන ටෙලි නිර්මාණ හරහා මාව දකින්න පුළුවන්.

 

2018-01-22-ent-37