නර්තනයෙන් දස්කම් පාන වෛද්‍ය ශිෂ්‍යාව



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2018-01-03-ent-70

arrow

2018-01-03-ent-66

 


සොනාලි කොඩිතුවක්කු කියන්නේ මේ දිනවල සමාජජාලා මාධ්‍යයෙහි නිතර කතාබහවන චරිතයක්. ඒ සොනාලිගේ නර්තනයන් නිසා. මේ වනවිට වෛද්‍ය ශිෂ්‍යාවක වන සොනාලි සාරවිට කතාබහට එකතු වුණේ මේ විදිහට.

 

ඔයා ගැන විස්තර කිව්වොත්?2018-01-03-ent-67

මම සොනාලි කොඩිතුවක්කු. මගේ ගම මහනුවර. මම දැනට වෛද්‍ය ශිෂ්‍යාවක් විදියට ඉගෙන ගන්නවා.

 

වෛද්‍ය ශිෂ්‍යාවක් ලෙස කටයුතු කරද්දි ඔබ කොහොමද මේ නර්තනය සඳහා යොමු වුණේ?

ඇත්තටම මම නර්තනය ඉගෙන ගන්නේ කුඩා කාලයේ සිටමයි. මම උඩරට නර්තනය ඉගෙනීම ආරම්භ කරන්නේ පීටර් සූරසේන සර්ගේ ගුරුහරුකම් මධ්‍යයේයි. මට එතකොට වයස අවුරුදු 09ක් විතර ඇති. සාමාන්‍ය පෙළට උඩරට නර්තන සම්ප්‍රදාය විෂයක් විදියට හැදෑරුවා. කුඩා කාලේ ඉඳලා මගේ ප්‍රියතම විෂය සහ පාසලේදී මගේ ප්‍රියතාවක් දැක්වූයේ නර්තනයට. නමුත් උසස් පෙළ නිසා ටික කාලයකට එය මග හැරුණා. නමුත් උසස් අධ්‍යාපනය ආරම්භ කිරීමත් සමගම නැවත නර්තනයට හිත යොමු කළා. දැන් මම නර්තන කටයුතුවල යෙදෙන්නේ මගේ විනෝදාස්වාදය උදෙසායි.

 

මේ වනවිට සමාජ වෙබ් අඩවි භාවිත කරන බොහෝදෙනෙක් අතර ඔබේ නර්තන හැකියාවන් ජනප්‍රිය වෙලා නේද?

ඒක ගොඩක් දෙනෙක් කියන දෙයක්.

 

ඒ ගැන මොකද හිතෙන්නේ?

ඒ ගැන ඇත්තටම මට නිහතමානී සතුටක් තියෙනවා.

 

සමාජ වෙබ් අඩවි නිසා මේ ගමන ලේසිද?

ඔව් සමාජ වෙබ් අඩවි නිසා මේ ගමන ලේසියෙන්ම ඉස්සරහට යන්න පුළුවන් වුණා. මම දැනට මගේ නමින් යූ-ටියුබ් නාළිකාවක් පවත්වාගෙන යනවා. ඒ හරහා තමයි මගේ ඩාන්සින් කවර්ස් ඉදිරිපත් කරන්නේ. ඊට අමතරව මම ෆේස්බුක් ෆෑන් බේස් එකක් පවත්වාගෙන යනවා. ඉතින් මේ ගමනට මට සමාජ වෙබ් අඩවි ලොකු සහයාක් වෙනවා කියලා කියන්න පුළුවන්.

 

නර්තනයේ පැත්තෙන් ඉදිරි බලාපොරොත්තු?

දැනට මම නර්තනය කරන්නේ විනෝදාංශයක් විදියටයි. ඉතින් අධ්‍යාපනයට තමයි මුල් තැන දීලා තියෙන්නේ. නිවාඩු ලැබෙන හැම වෙලාවකම වගේ නර්තන වැඩ කරන්නේ. ඊට අමතරව උඩරට නර්තන සම්ප්‍රදාය තවදුරටත් හදාරන්න බලාපොරොත්තු වෙනවා. මගේ යූ-ටියුබ් නාළිකාව ඉදිරියට කරගෙන යන එක තමයි බලාපොරොත්තුව.

 

අධ්‍යාපන කටයුතු ගැනත් අපි කතා කරමුකෝ?

මම උසස් පෙළ හැදෑරුවේ ජීව විද්‍යා අංශයෙන්. දැන් මම පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක සිව්වැනි වසරේ ශිෂ්‍යාවක් විදිහට ඉගෙන ගන්නවා. ඒවා තමයි අධ්‍යාපන කටයුතු.

 

ඉගෙනීමත් සමග මේ දේවල්වලට කාලය තියෙනවාද?

ඔව්. මම කලින් කිව්වා වගේ මම විනෝදාංශයට තමයි නර්තන වැඩ කරන්නේ. මට මේ දේවල්වලට උදවු කරන ගොඩක් අය ඉන්නවා. ඒක මට ලොකු පහසුවක්. ඉතින් හම්බෙන වෙලාවට මේ දේවල් කරගන්න කාලය කළමනාකරණය කරගන්නවා.

 

අවසානයෙන් කියමුකෝ මේ දේවල් මේ තරම් සාර්ථකව හැමෝම අතරට ගෙන යන්න වචනයෙන් හරි උදව්කරපු අය ගැන?

ඔව්. මම මුලින්ම මගේ දෙමව්පියන්ව මතක් කරන්න කැමතියි. විශේෂයෙන් අපේ ගෙදරින් මේ දේවල්වලට ලොකු සහායක් තියෙනවා. අම්මා තාත්තා එතකොට මල්ලී. මල්ලී තමයි මට ගීත තෝරලා දෙන්නේ. තව මගේ හොඳම යාළුවා හංසිටත් ස්තුති කරනවා. එයා තමයි මට මුල ඉඳලා මට සහයෝගය දුන්නේ. මට යූ-ටියුබ් චැනල් එක පටන් ගන්න අදහස දුන් C-Jay මල්ලි. ඒ වගේම දුලංක මල්ලී, අශේන් මල්ලී. අවසාන වශයෙන් මට වචනයකින් හරි උදවු කරපු හැමෝමයි, මගේ කවර්ස් බලන අයටයි විශේෂයෙන් මට මේ අවස්ථාව ලබා දුන් සාරවිට වෙබ් අඩවියටයි ස්තුති කරනවා.

 

Dilan Chryshantha 

 

  2018-01-03-ent-68 2018-01-03-ent-69  2018-01-03-ent-71