නර්තනයට තියෙන කැමැත්ත තාමත් මගේ අඩුවෙලා නැහැ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2019-03-04-ent-126

වැඩසටහන් ඉදිරිපත් කරන්නියක ලෙස බොහෝ දෙනාගේ ආදරය දිනා සිටින පූර්ණි ශෙහාරා වර්තමානය වනවිට රංගන ශිල්පිනියක ලෙසද කටයුතු කරයි. මේ දිනවල ජාතික රූපවාහිනියේ විකාශය වන ‘ක්‍රයිම් සීන්’ රහස් පරීක්ෂක ටෙලි නාට්‍යයේ ඇය ‘සංගීතා’ නම් රහස් පරීක්ෂවරිය ලෙසද රංගනයේ යෙදෙන්නීය. මෙවර ‘සාරවිට’ කතාබහ දිගහැරෙන්නේ ඇය සමගයි.

 

පූර්ණි රංගන ශිල්පිනියක්ද? නිවේදිකාවක්ද?2019-03-04-ent-128

මාව නිවේදිකාවක් විදිහට හඳුන්වනවා නම් මම ගොඩක් කැමැතිය. මොකද, මම මේ ක්ෂේත්‍රයට එන්නේ නිවේදිකාවක් විදිහට. අහම්බෙන් තමයි රංගන ශිල්පිනියක් විදිහට කටයුතු කරන්න අවස්ථාව ලැබුණේ. ඒ නිසා මාව නිවේදිකාවක්, වැඩසටහන් ඉදිරිපත් කරන්නියක් විදිහට හඳුන්වනවාට මම කැමැතියි.

 

දැනට ඔබ දායක වෙන කලා කටයුතු මොනවද?

සිවු වසරක තිස්සේ මම දැනට ජාතික රූපවාහිනියේ විකාශය වෙන ‘සිත් ගත් ගී’ කියන සංගීත වැඩසටහන ඉදිරිපත් කරනවා. ඊට අමතරව ‘බිස්නස් ඉන් වික්’ කියන ව්‍යාපාරික වැඩසටහනත් ඉදිරිපත් කරනවා. ඒ වගේම මේ දිනවල ජාතික රූපවාහිනියේ විකාශය වන උදාර පල්ලියගුරුගේ ‘ක්‍රයිම් සීන්’ කියන රහස් පරීක්ෂක ටෙලි නාට්‍යයෙත් මම රංගනයෙන් දායක වෙනවා.

 

ක්ෂේත්‍රයට එන්නේ කොයි කාලෙද?

මම ක්ෂේත්‍රයට එන්නේ මගේ පාසල් අධ්‍යාපනය නිමා වෙනවත් එක්ක. මුලින්ම සම්බන්ධ වෙන්නේ ජාතික රූපවාහිනියේ විකාශ වුණ ‘වාසුලීය’ කියන වැඩසටහනට. ජාතික රූපවාහිනියේම ඉන්න ජ්‍යෙෂ්ඨ නිවේදිකාවක් තමයි මට මේ ක්ෂේත්‍රයට එන්න අතදුන්නේ. 2013 වසරේ ඉඳලා මේ දක්වා මම ජාතික රූපවාහිනියත් එක්ක සම්බන්ධ වෙලා වැඩ කරනවා. මේ කාලය අතරතුර මම නොයකුත් වැඩසටහන් සඳහා දායක වුණා නිවේදිකාවක් විදිහට.

 

රංගනය පැත්තට යොමු වුණේ එතකොට?

2015 වසරේදී. ඒ නලින් මාපිටිගමගේ ‘ඉඩදෙන්න’ ටෙලි නාට්‍යයේ ප්‍රධාන චරිතයට දායක වෙමින්. නිවේදිකාවක් විදිහට කර්ය බහුල වුණ නිසා රංගනය පැත්තට ඊට පස්සේ සම්බන්ධ වුණේ නැහැ. මෑතක දී තමයි මම ආයෙත් රංගනයට ආවේ. ඒ උදාර අයියාගේ ‘ක්‍රයිම් සීන්’ රහස් පරීක්ෂක ටෙලි නාට්‍යයට. දැනට මට චිත්‍රපටයකටත් සම්බන්ධ වෙන්න ආරාධනා ලැබිලා තියෙනවා. චිත්‍රපටයේ රූපගත කිරීම් මේ වසරේදී මැදදි ආරම්භ වෙන්න නියමිතයි. මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිතය තමයි මම නිරූපණය කරන්නේ.

 

පුංචි කාලේ ඉඳලා කලාවට පැත්තට යොමු වෙන්න ආසාවක් තිබුණද ඔබට?

නැහැ. නමුත්, මම පාසල් යන කාලේ ඉඳලා නර්තනයට ගොඩක් දක්ෂ කෙනෙක්. මම වසර දෙකක් විතර චන්න විජේවර්ධනගේ නර්තන කණ්ඩායමේ සාමාජිකාවක් විදිහටත් කටයුතු කළා. තාමත් මගේ කැමැත්ත තියෙන්නේ නර්තනයට තමයි.

 

කලාවට යොමුවුණ එක ගැන තෘප්තිමත්?

ඔව්, මොකද ජනයා ප්‍රිය කරන චරිතයක් වෙන්න හැමෝටම බැහැ. ඒකට වාසනාව තියෙන්නේ ඕනි. කලා ශිල්පිනියක් විදිහට අද මාව යම් පිරිසක් අඳුනනවා. කතා කරනවා. ඒවාගේ ප්‍රතිචාර ලැබෙන කොට කලාවට යොමු වීම ගැන තියෙන්නේ නිහතමානී සතුටක්.

 

බුද්ධික සේනාධීර

ඡායාරූප - කවීත් මිලින්ද

 

 2019-03-04-ent-127  2019-03-04-ent-129 2019-03-04-ent-130 2019-03-04-ent-131