නර්තනය ඔස්සේ නිරූපණයට පිවිසි ශෙකී



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2017-10-12-ent-247

නර්තනය ඔස්සේ ජයග්‍රහණ රැසක් හිමිකරගත් ඇය ශෙකී පෙරේරාය. නිරූපණය සඳහා යොමුව ඇති ඇය ‘සාරවිට’ සමග මෙලෙස එක්විය.

ඔබ ගැන පුංචි හැඳින්වීමක් කරන්න?

2017-10-12-ent-245මගේ නම ශෙකී පෙරේරා. මම ඉන්නේ කිරිබත්ගොඩ. මම පාසල් ගියේ ගල්කිස්ස Girls High School එකට. මගේ පවුලේ ඉන්නේ අම්මා, තාත්තා, අක්කා, නංගි සහ මම.

 

නර්තනයට හා නිරූපණයට පිවිසීම සිදුවෙන්නේ කොහොමද?

මම හයවැනි ශ්‍රේණියේ ඉඳන් තමයි නර්තනය පටන්ගත්තේ. මම මොඩ්ලින්වලට ආවේ 2014දී.

 

නිරූපණයෙන් දායක වුණ වැඩකටයුතු මොනවාද?

මම ගොඩක්ම දායක වෙන්නේ වෙළෙඳ දැන්වීම් සහ මියුසික් වීඩියෝ සඳහා. PhotoShoot සඳහාත් දායක වෙනවා.

 

රංගනය පැත්තට කැමැත්තක් නැද්ද?

රංගනය පැත්තට ආසයි. හොඳ වැඩකටයුත්තකට ආරාධනා ලැබුණොත් මම භාරගන්නවා.

 

ඔබ රංගනයේදී කැමති ටෙලිනාට්‍ය පැත්තටද සිනමාවටද?

මම සිනමාව පැත්තෙන් ඉදිරියට යන්න ආසයි.

 

නර්තනය කියන දේ වෘත්තීය වශයෙන් කරනවාද?

මගේ විනෝදාංශයක් විදියට තමයි නර්තන කටයුතු කරගෙන යන්නේ. මම ........... අයියාගේ ක්ලාස් එකේ තමයි පුහුණූවීම් කටයුතු කරන්නේ. එයාගේ වැඩකටයුතු සහ මට ලැබෙන නිර්මාණ කටයුතු සමග මම ටිකක් කාර්යබහුල වෙලා ඉන්නවා.

 

නර්තනය කියන දේ ගැන මොකද හිතෙන්නේ?

නර්තනය කියන දේ මට උපතින්ම ලැබුණ හැකියාවක්. මම කැමතියි ඒ තියෙන හැකියාව තවත් දියුණු කරගෙන හොඳ දෙයක් කරන්න තමයි මගේ අදහස. චූටි කාලේ ඉඳන්ම මම නර්තනය හදාරනවා.

 

නර්තනයෙන් ජයග්‍රහණ ලබලා තියෙනවාද?

හැම වර්ෂයකම වගේ මම සමස්ත ලංකා ජයග්‍රහණ ලබලා තියෙනවා. තනි හා කණ්ඩායම් වශයෙන් නර්තනවලින් ජයග්‍රහණ ලබලා තියෙනවා. 2009 ඉන්දියාවේ ගුවාවිවල තිබුණු තරගයට අපේ කණ්ඩායම සහ තනි තනි වශයෙන් ගිහින් අපි ජයග්‍රහණය කළා. මම තනි වශයෙන් ඉදිරිපත් වූ නර්තනයෙන් ජයග්‍රහණය කළාම මට ඒ රටේ නර්තනය පිළිබඳව වසර දෙකක් අධ්‍යාපනය ලබන්න අවස්ථාව හිමිවුණා. පසුව ඒ පිළිබඳවත් හදාරලා මම ලංකාවට ආවා.

 

පිටරට නර්තන තරග බොහොමයක් තිබුණත් ලංකාවේ ඒ හා සමානව ඊට තියෙන පැත්ත අඩුයි නේද?

දැන් නම් ලංකාවේ එහෙම අවස්ථා තියෙනවා. තමන්ගේ හැකියාවන් ලෝකයාට පෙන්වන්න අවස්ථාවන් තිබෙනවා. ඒක ගැන සතුටුයි. ඉස්සර මම හය වසරේ ඉන්න කොට මට ඒ අවස්ථාව තිබුණේ නැහැ. කිසිම රූපවාහිනි වැඩසටහනක්වත් තිබුණේ නැහැ. ඉතිං දැන් අපිට සහ පොඩි දරුවන්ට තමන්ගේ හැකියාවන් පෙන්වන්න අවස්ථාවන් තිබෙනවා. ඉතිං ඒ ගැන සතුටුයි.

 

ඔබේ ජීවිතයේ තියෙන ලොකුම බලාපොරොත්තුව මොකක්ද?

ඉදිරියේ ලොකුම බලාපොරොත්තුම මේ තියෙන වැඩත් හොඳට කරගෙන ජීවිතයත් හොඳින් ගතකරගෙන නර්තනයෙන් හොඳ දෙයක් කරන්න මම බලාපොරොත්තු වෙනවා.

රංගනය පැත්තෙන්නම් දැනට මොකුත් අදහස් නැහැ. මියුසික් වීඩියෝ පැත්තෙනුත් එහෙම ලොකුවට දෙයක් කරලා නැහැ. තවම වීඩියෝස් දෙකයි කරලා තියෙන්නේ. ඒවාත් තවම නිකුත් වෙලා නැහැ. ලබන සතියේ ඉන් එකක් නිකුත් වෙනවා. එහිදී මගේ දක්ෂතාව දැකලා මාව වැඩකටයුත්තක් සඳහා තෝරාගත්තොත් එයට සාධාරණයක් කරන්න මම කැමති වෙනවා.

 

ඔබට උදවු කළ මතක් කළ යුතු පිරිසක ගැන මතක් කරමු නේද?

අම්මාටයි තාත්තාටයි ගොඩක් ස්තූති වෙන්න ඕන. මොකද මාව විශ්වාස කරලා මේ වැඩකටයුතුවලට මාව යොමුකළාට. චූටි කාලේ ඉඳන් තාත්තානම් නර්තන කටයුතු සඳහා දායක වෙනවාට කැමත්තක් තිබුණේ නැහැ. අම්මාත් මගේ හැකියාවන් හඳුනගෙන මගේ වැඩවලට උදවු කළා. දැනටත් මගේ වැඩකටයුතු සඳහා දායක වීමේදී පුළුවන් හැමවෙලාවටම අම්මා එනවා. මගේ අක්කා සහ නංගී, නර්තනය උගන්වපු නයෝමි මිස්ට, මගේ බොයිෆ්‍රෙන්ඩ් ගොඩක් උදවු කරනවා.

 

Dilan Chryshantha / Pix - Kaveeth Milindha

 

2017-10-12-ent-2542017-10-12-ent-243 2017-10-12-ent-244  2017-10-12-ent-246   2017-10-12-ent-249 2017-10-12-ent-250 2017-10-12-ent-251 2017-10-12-ent-252 2017-10-12-ent-253