නර්තන කණ්ඩායමක් හදන්න බලාපොරොත්තුවක් තියෙනවා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2017-05-05-ent-114

සරසවි සිප්සතර හදරා නිරූපණයට පැමිණ ඇති ඇය, නර්තනය, වගේම රූපලාවණ්‍ය කටයුතු සිදුකරන්නීය. නමින් දිල්හානි සරත්චන්ද්‍ර වන ඇය ඇගේ ඉදිරි කලා කටයුතු ගැන පැවසීමට ‘සාරවිට’ සමගින් එක්වූ මොහොතකි මේ.

 

ඔබ ගැන හැඳින්වීමක් කරන්න.

2017-05-05-ent-118මගේ නම දිල්හානි සරත්චන්ද්‍ර, මම දැනට සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ, බාහිර උපාධි පීඨයේ අවසාන වර්ෂයේ ඉගෙනුම ලබනවා. දැන් exam ඉවරයි. නර්තන කටයුතු තමයි කරන්නේ. ඊට අමතරව මගේ සැලුන් එකක‍් තියෙනවා. විනෝදාංශයක් විදියට නිරූපණ කටයුතුත් කරනවා.

 

ඉගෙනීම් කටයුතුත් එක්ක බාහිර වැඩකටයුතුවලට කාලවේලාව වෙන්කරගන්නේ කොහොමද?

හැමදේම සමබර කරගෙන කරනවා.

 

වැඩිපුරම කැමැත්තක් තියෙන්නේ නිරූපණය පැත්තටද? නර්තනය පැත්තටද?

නර්තන කටයුතුවලට තමයි වැඩිපුරම කැමැත්තක් තියෙන්නේ.

 

ඔයාටම කියලා කණ්ඩායමක් ඉන්නවාද?

මගේම කණ්ඩායමකුත් ඉන්නවා. නමුත් වෙනත් අයත් සමගත් වැඩකටයුතුවලට දායක වෙනවා.

 

ඔයාගෙ කණ්ඩායම හැදෙන්නේ කොහොමද?

කැම්පස් එකේ යාළුවොත් එක්ක එකතුවෙලා තමයි කරන්නේ.

 

නර්තනය පිළිබඳව හැදෑරීමක් කරනවාද?

මම පොඩි කාලේ ඉඳන්ම නර්තන කටයුතු කරනවා. ඩ්‍රාමාත් කළා. පොඩි කාලේ ඉඳන් ඉගෙන ගත්තේ නර්තනය තමයි. උසස් පෙළටත් නර්තනය හැදෑරුවා. උපාධියත් මේ වසරේදී අවසන් වෙනවා.

 

නර්තනය ඉදිරීයේදී වෘත්තීය වශයෙන් තෝරාගන්නවාද?

දැනට සැලුන් එකේ වැඩත් කරගෙන යනවා. සැලුන් එක නම් වැඩට කට්ටිය දාලා කරන්නේ. මම ගොඩක් වෙලාවට ඉන්නවා අඩුයි. වැඩිපුර නර්තන කටයුතුවලට තමයි යොමුවෙලා ඉන්නේ.

 

ඉගෙන ගන්නා විෂයය වෘත්තීය වශයෙන් තෝරගෙන රැකියාවක් කරන්නේ නැද්ද?

මම කලින් පෞද්ගලික පාසලක ගුරුවරියක් ලෙස සේවය කළා. ඒ රැකියාවත් සමග නර්තන ප්‍රසංග සඳහා සහභාගිවීමට නොහැකියි. ඒ නිසා තනියෙන් නර්තන කණ්ඩායමක් හදන්න ඕන කියලා හිතුවා.

 

නිරූපණ අංශයෙන් ඔබ දායක වුණ වැඩකටයුතු ගැනත් කියන්න.

මම Bridal Shoots සහ Casual Shoots සඳහා දායක වෙලා තියෙනවා. ඒක ඉතින් මම ආසාවට කරන දෙයක්, ඒ නිසා වැඩිපුර ඒ සඳහා යොමු වෙලා කරන්නේ නැහැ.

 

රංගනය සඳහා ආරාධනා ලැබිලා නැද්ද?

ආරාධනා ලැබිලා තියෙනවා. මියුසික් වීඩියෝවලටත් කතා කරනවා. දක්ෂතාව තිබුණත් ඒ පැත්තට යන්න මම කැමති නැහැ.

 

ඔබේ ඉදිරි බලාපොරොත්තු මොනවාද?

මගේ ඩාන්සින් ඇකඩමි එක පොඩ්ඩක් දියුණු කරලා පවත්වාගෙන යන්න බලාරොත්තුවෙනවා. ඒ වගේම සැලුන් එකේ මනාලියන් හැඩගැන්වීම වැඩිපුර කරනවා.

 

පවුලේ අයගෙන් ලැබෙන සහාය මොන වගේද?

මම විවාහකයි. මට දරුවෙක් ඉන්නවා. මගේ ස්වාමිපුරුෂයාගේ සහයෝගයෙන් තමයි හැමදේම කරන්නේ.

 

ඔබට අතහිත දුන් මතක් කළයුතු පිරිසක් ඉන්නවාද?

මගේ ජීවිතේ හැමදේකටම, අම්මා, තාත්තා, මගේ අක්කා උදවු කළා. මගේ ස්වාමිපුරුෂයා උදවු කරනවා. එයාලගේ සහයෝගය නිසා තමයි මෙච්චර දුරක් ආවෙත්, ඒ වගේම ඉදිරි වැඩකටයුතු සිද්ධවෙන්නෙත් එයාලගේ සහයෝගය නිසා තමයි.

 

 2017-05-05-ent-115 2017-05-05-ent-116 2017-05-05-ent-117