නයනතරාට වඩා 'දෙව්නි' කියන නම දැන් ගොඩක් ජනප්‍රියයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2017-06-22-ent-185

දෙරණ රූපවාහිනි නාළිකාවේ මේ වනවිට විකාශය වෙන "දෙවැනි ඉනිම" ටෙලි නාට්‍යයේ "දෙව්නි" ලෙස ප්‍රේක්ෂක ආදරය දිනාගත් නයනතරා වික්‍රමආරච්චි මෙවර "තරුණයා" තරු කතාබහට අපි සම්බන්ධ කර ගත්තෙමු. "දෙවැනි ඉනිම" ටෙලි නාට්‍යයට අමතරව ඉදිරියේ දී ටෙලි හා සිනමා නිර්මාණ බොහෝමයකින් රසික ඔබ මුණගැසීමට සූදානමින් සිටින ඇය ඒ පිළිබඳව "සාරවිට" අපිට පැවසුවේ මෙවන් අදහසකි.

 

"නයනතරා" කියන්නද? "දෙව්නි" කියන්නද?

2017-06-22-ent-186නයනතරා කියන්න. මොකද ඒකනේ මගේ නම. ඒත්, දැන්නම් නයනතරාට වඩා %දෙව්නි^ කියන නම ගොඩක් ජනප්‍රියයි. ඒ වගේම ඒ නමින් මාව අද බොහෝ දෙනෙක් අඳුනනවා. "නයනතරාට" වඩා "දෙව්නි" කියන නමින් තමයි බොහෝ අය මාව හඳුන් වන්නේ.

 

ඔබට හිතුණද "දෙව්නි" මෙච්චර ජනප්‍රිය වේවි කියලා?

ඇත්තටම නැහැ. ඒත්, "දෙවැනි ඉනිම" ටෙලි නාට්‍යය ජනප්‍රිය වුණා. ඒ හරහා එහි ටෙලි චරිතත් ජනප්‍රිය වුණා. මගෙත් වාසනාවකටද කොහෙද %දෙව්නි^ කියන චරිතය ප්‍රේක්ෂකයන්ගේ සිත්ගත්තා.

 

ක්ෂේත්‍රයට එන්නේ ඔබ?

ක්ෂේත්‍රයට ඇවිල්ලා දැන් මම අවුරුදු 2ක් විතර වෙනවා. මුලින්ම මම රංගනයෙන් දායක වුණේ ස්වර්ණවාහිනියේ විකාශය වුණ ජයප්‍රකාශ් ශිවගුරුනාදන්ගේ "හංස පිහාටු" කියන ටෙලි නාට්‍යයට. ඊට පස්සේ ජාතික රූපවාහිනියේ විකාශය වුණ සමන් කුමාරගේ "එරන් ලන්දු" ටෙලි නාට්‍යයටත් සම්බන්ධ වුණා. "දෙවැනි ඉනිම" කියන්නේ මගේ තුන්වැනි ටෙලි නාට්‍යයට. ඊට අමතරව පසුගිය කාලයේ ටෙලි හා සිනමා නිර්මාණ කිහිපයකටම දායක වුණා. ඒ නිර්මාණ හරහා ඉදිරියේ දී මාව දැකගන්න පුළුවන් වේවි.

 

ඉදිරියට එන්න තියෙන ඔබගේ නිර්මාණ ගැනත් කියමු?

වෛද්‍ය කපිල සූරියආරච්චිගේ "සිනමා" කියන චිත්‍රපටයේ මම රඟපානවා. ඊට අමතරව අනුරුද්ධ ජයසිංහගේ "එක දවසක්" හා "මා" කියන චිත්‍රපට දෙකෙත් මා රඟපානවා. "එක දවසක්" චිත්‍රපටය සම්භාව්‍ය චිත්‍රපටයක්. ඉදිරියට ප්‍රදර්ශනය වෙන්න නියමිත මේ චිත්‍රපට තුනේම මා ප්‍රධාන චරිතය තමයි නිරූපණය කරන්නේ. චිත්‍රපටවලට අමතරව අනුරුද්ධ ජයසිංහගේ %සමනලුන්ට එන්න කියන්න^ ටෙලි නාට්‍යය තුළිනුත් මාව ඉදිරියේ දී දැක බලාගන්න පුළුවන්.

 

පාසල් කාලයේදිත් ඔබ කලාව පැත්තට නැඹුරු වෙච්ච කෙනෙක් කිව්වොත් හරි?

ඔව්, පාසල් කාලයේ දී මම කලා කටයුතුවලට ගොඩක් දුරට සම්බන්ධ වුණා. පාසල් වේදිකාව කියන්නේ මගේ රංගන දිවියේ මුල්ම පියවර. අ.පො.ස උසස් පෙළ විභාගයට මුහුණ දීමෙන් පස්සේ මම මුලින්ම කළේ නාට්‍යය හා රංග කලාව පිළිබඳව පාඨමාලාවක් හදාරපු එක. ඊට පස්සේ සද්ධා මංගල සූරියබණ්ඩාර යටතෙත් නාට්‍යය සම්බන්ධ පාඨමාලාවක් හැදෑරුවා. ඇත්තටම මම මේ ක්ෂේත්‍රයට ආවේ හැදෑරීමකින් පසුවයි. මම හිතන්නේ එය වඩාත් වැදගත් වුණා මට රංගන ශිල්පිනියක් විදිහට ලොකු ගමනක් මේ කෙටි කාලයක් තුළ දී යන්න. වර්තමානයේ ක්ෂේත්‍රයට එන බොහෝ දෙනෙක් එක්කෝ ටෙලි නාට්‍යයවලට පමණක් සීමා වෙනවා. තවත් සමහරක් සිනමා නිර්මාණවලට පමණක් කොටු වෙනවා. නමුත්, මට ටෙලි නාට්‍යවලට වගේම සිනමාවටත් එක හා සමාන ඇරයුම් ලැබුණා. මම හිතන්නේ මා රංගනය පිළිබඳව කළ හැදෑරීම නිසා තමයි මට මේ අවස්ථා ලැබුණේ.

 

මේ තැනට එන්න උදව් කළ අයත් කියමු?

සද්ධා මංගල සූරියබණ්ඩාරව මේ වෙලාවේ දී විශේෂයෙන්ම මතක් කරන්න අවශ්‍යයි. ඊට අමතරව ජයප්‍රකාශ් ශිවගුරුනාදන්, අනුරුද්ධ ජයසිංහ, සමන් කුමාර යන අධ්‍යක්ෂවරුන් මෙන්ම හා "දෙවැනි ඉනිම" ටෙලි නාට්‍යය අධ්‍යක්ෂණය කළ සාරංග මෙන්ඩිස් යන අයව මතක් කරන්න ඕන. ඒ වගේම "දෙරණ" ආයතනය මගේ අම්මා, තාත්තා දෙන්නා ඇතුළු මගේ මිතුරු මිතුරියන් සැමවත් මේ වෙලාවේදී කෘතවේදීව මතක් කරනවා.

 

බුද්ධික සේනාධීර

 

2017-06-22-ent-183   2017-06-22-ent-184
2017-06-22-ent-1867