නපුරිච්චි කියලා සමහරු බණිනවා
‘සක්කාරං’ නාට්‍යයේ ජයවතී ලෙස අහිංසක විදියේ චරිතයක් රඟපෑ ඇය දෙවැනි ඉනිම නාට්‍යයේ ‘ආක්ෂා’ නමින් රඟපාන්නේ නපුරු ගති ඇති අහංකාර වූ තරුණියකගේ චරිතයකි. මෙලෙසින් රංගනයේ යෙදෙන ඇය නෙත්මි නිශේකා රොෂෙල් රොජර්ස්ය. අද සඳැල්ල හැඩගන්වන සුරූපිය වන්නේ ඇයයි.
නෙත්මි නිශේකා රොෂෙල් රොජර්ස්, කොහොම ද ඔබ හඳුන්වන්නට ඕනෑ? නෙත්මි, නිශේකා, රොෂෙල්, ඒ අතරින් ඔබ වඩා කැමැති?
ඒ නම් තුනම මගේනෙ. ඉතින් ඒ ඔක්කෝටම කැමැතියි. ඒත් වැඩිපුර භාවිත වන්නෙ නෙත්මි සහ රොෂෙල් කියලයි.
රොෂෙල්ගෙ ගම?
කඩුවෙල.
පවුලේ විස්තරත් කියමු?
අම්මයි, තාත්තයි, නංගියි, මල්ලියි, මමයි. නංගියි, මල්ලියි තවම පාසල් යනවා. තාත්තා ව්‍යාපාරයක් කරනවා.
රොෂෙල් ඉගෙනීමට හපනියක් වුණා නේද? විශිෂ්ට සාමාර්ථ 3ක් ලබාගෙන ජ’පුර සරසවියට තේරුණේ?
මම ඉගෙන ගත්තෙ කඩුවෙල බෝමිරිය ජාතික පාසලෙන්. පාසලේදී බොහෝදෙනා මට කතා කළේ නෙත්මි කියලයි. පාසලේදී ඉගෙනීමට වගේම බාහිර වැඩවලටත් දායක වුණා. පළමු පන්තියේ සිට උසස් පෙළට පෙර පොත පතේ වැඩවලට අමතරව බාහිර වැඩවලට නිරන්තරයෙන් දායක වුණත්, ඒලෙවල් කරද්දී ඒ ඔක්කෝම අත්හැරලා පාඩම් වැඩවල විතරයි යෙදුණෙ. ඒ නිසාම උසස් පෙළ වාණිජ අංශයෙන් ් 3ක් ලැබුවා. කොහොමටත් අපේ පාසල වාණිජ අංශයෙන් නිතරම ඉහළ ප්‍රතිඵල ගන්න පාසලක්. දැන් මම ශ්‍රී ජයවර්ධනපුර සරසවියේ කළමනාකරණ පීඨයේ දෙවැනි වසරේ සිසුවියක්.
අරමුණ වුණේ කළමනාකරණ අංශයෙන් ඉහළට යාමට ද?
මගේ අරමුණ ගණකාධිකාරිනියක් වීමටයි. ඒ අතරෙදි තමයි 2019 ජාතික රූපවාහිනියෙ අවුරුදු කුමරිය ලෙස තේරුණෙ. ඉන්පසුව බොහෝදෙනා මට කිව්වෙ කළමනාකරණ අංශයෙන් අලෙවිකරණ අංශය තෝරාගන්න කියලා. ඒ නිසා චාටඞ් එකවුන්ටන්ට් වෙන්න හිතපු මගේ අරමුණ අද ටිකක් වෙනස් වෙලා.
2019 අවුරුදු කුමරිය වූ විදිය ගැනත් කියමු?
අපෙ අම්මා හරි ආසයි මාව ඒ අංශයට යොමු කරවන්න. ඒත් තාත්තාගෙන් නම් බුරුලක් ලැබුණෙම නැහැ. ඉගෙනීමට හැර වෙන දේකට දායක වෙන්න දෙන්නෙම නැහැ. සරසවි තේරුණ නිසා බොහොම අමාරුවෙන් තාත්තාගෙන් අවසර ගත්තෙ. අවුරුදු කුමරිය ලෙස අභිෂේක ලැබුවාම අම්මටයි තාත්තටයි දෙන්නටම හරි සතුටුයි.
A 3ක් ගන්න හොඳටම මහන්සි වෙන්න ඇති?
මහන්සි නොවී ප්‍රතිඵල ලබන්න බැහැනේ.
රොෂෙල්ට කැම්පස් එකේදි ලැබෙන පිළිගැනීම මොන වගේ ද?
දෙවැනි ඉනිම නිසා සමහර අය හිතන්නෙ ඇත්තටම මම නපුරුයි කියලයි. ‘අම්මෝ නපුරිච්චි’ කියලා සමහර අය කියනවා.
හරි, එහෙම නම් කියමු බලන්න ඇත්තටම මොන වගේ චරිතයක් ද කියලා?
ආක්ෂා තරම් නපුරුත් නැහැ, ජයවතී තරම් අහිංසකත් නැහැ. සමබර චරිතයක්. මධ්‍යස්ථ චරිතයක් කිව්වොත් හරි.
දෙවැනි ඉනිමෙන් පස්සෙ?
රාවණා දෙවැනි කොටස එන්න තියෙනවා. දැනට දෙවැනි ඉනිම විතරයි.
දිගටම චරිත ලැබුණොත්?
ආරාධනා නම් මුල ඉඳලාම ලැබුණා. මගේ අධ්‍යයන වැඩත් එක්ක හොඳ චරිත සහ මට ගැළැපෙන ඒවා විතරක් බාරගන්නවා.
ඉදිරි ජීවිතේ සැලැසුම මොන වගේ ද?
උපාධිය ලබාගැනීම ප්‍රධාන අරමුණ. එයින් පසුව විලාසිතා අංශය ගැන හිතනවා. කලා කටයුතුත් ඒ අතරේ කරගෙන යනවා. මේ විදියට සැලැසුම් නම් කිහිපයක්ම තියෙනවා.
රොෂෙල් රඟපෑම ඇත්තටම ලෙහෙසි දෙයක් ද?
අපි ආක්ෂාගෙ චරිතය ගැන කතා කරමු. ඒක ඇත්ත ජීවිතය නෙවෙයි. සමහර වෙලාවට ඒක අමාරු දෙයක්. චරිතයේ විවිධ අවස්ථා අනුව අසීරු මෙන්ම ලෙහෙසි වන අවස්ථා තියෙනවා. කොහොමටත් මොන විදියට රඟපෑවත්, පිරිසක් ඉදිරියේ කැමරාව ඉදිරියේ රඟපෑම ලෙහෙසි දෙයක් නෙවෙයි.
රඟපෑම හැර තවත් දක්ෂතා ඇති?
නර්තනය හැදෑරුවා. එය මට රාවණා නාට්‍යයේ චරිතය කරද්දී උදව් වුණා. නිවේදන කටයුතු එක්ක පාසල් කාලයේදී රඟපෑම ආදී මේ ඔක්කෝම දේ කළා. අත්දැකීම් ලබමින් ගමනක් යන්න ඕනෑ.
දෙවැනි ඉනිමේ ආක්ෂාට ලැබෙන ප්‍රතිචාර කොහොම ද?
චරිතය නපුරු වුණාට පේ්රක්ෂකයින් මගේ ළඟට එන්න බය නැහැ. ඇවිත් සෙල්ෆි ඡුායාරූපත් ගන්නවා. රඟපෑම් අගයද්දී සතුටක් දැනෙන්නෙ.
රොෂෙල් ගෙදරට වගේම සමාජයට කොහොම කෙනෙක් ද?
පිටස්තර අය කියන දේ වලින් ජීවිතයට අවශ්‍ය දේ විතරයි බාරගන්නෙ. මම අධ්‍යාපනයට මුල් තැන දෙන අම්මා තාත්තාට හොඳ කීකරු හොඳම දුවෙක්.
ලෝක රූ රැුජින තරගයට යන්න අදහසකුත් ඇති?
බොහෝදෙනා හමුවුණාම මට ඒ අදහස ගෙනෙනවා. ඒක ලොකු අවස්ථාවක්. අනාගතයෙ බලමුකො.
රොෂෙල්ට ආදරය ගැන කොහොම ද හිතෙන්නෙ?
මට තවම අවුරුදු 21යි. ජීවිතයෙ ප්‍රධාන කඩඉමක් වන අධ්‍යාපනය ගැන හිතද්දි පිටස්තර ආදරයක් ගැන හිත යවන්න බැහැ. ගැහැනු ළමයෙක් හැටියට මාත් බලාපොරොත්තු වන කෙනෙක් හිතේ ඇති. අනාගතයේදි ඒවා සිද්ධ වේවි. ආදරය කියන්නෙ මට මගෙ යාළුවෝ එහෙම කියන කතා අනුව සුන්දර දෙයක්. අම්මා තාත්තා සහ ගෙදර අයගෙන් වගේම පේ්රක්ෂකයින්ගෙන් ලැබෙන ආදරය මට නම් මාරම දෙයක්. ඒක හරිම ලස්සන දෙයක්.
විලාසිතා - ශ්‍යාමලී පෙරේරා
හැඬගැන්වීම්: Salon K.Shya
සටහන හා ඡායාරූප: සඳුන් ගමගේ