නදීෂා යම රජ සිරි සමඟ කලකට පසුව



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

 2018-05-16-ent-122

නදීෂා හේමමාලිගේ විවාහයෙන් පසුව වැඩිය ඇය ගැන කතා බහ කරන්න ලැබුණේ නැහැ. නමුත් දැන් නැවතත් ඇය ගැන බොහෝ දෙනා කතා වන්නේ සංකල්ප දසනායකගේ අධ්‍යක්ෂණයෙන් නිර්මාණය වී මේ දිනවල තිරගත කෙරෙන යම රජ සිරි චිත‍්‍රපටය නිසයි. එහි ධනවත් පවුලක එකම දියණිය ලෙස ඇය චරිතයකට දායකව සිටින්නීය.

මේ කාලයකට පසුව එලෙසින් අප හමුවට එන නදීෂා සඳැල්ල කතාබහකට එක් වූ අයුරුයි.

 

නදීෂා පෙනෙන්නට නැහැ. ඒත් කාර්යබහුලයි වගේ?2018-05-16-ent-121

ඔව්. ජූලියා චිත‍්‍රපටයෙන් පසුව තමයි යම රජ සිරි චිත‍්‍රපටය සමඟ එක් වුණේ. එහි ප‍්‍රවර්ධන කටයුතුවලට දායක වෙනවා. පසුගිය වසර කීපයකට පසුව එක් වූ ප‍්‍රථම ප‍්‍රහසන චිත‍්‍රපටය මෙයයි.

 

ජූලියාගෙන් පසුව චිත‍්‍රපටයකට රඟපෑවෙ නැද්ද?

ඉන්දීය තෙළිඟු චිත‍්‍රපටයක රඟපෑවා. එය ඉන්දියාවේ දී තිරගත වුණා.

 

එය ලංකාවේ තිරගත වුණේ නැද්ද?

මෙහි තිරගත කරවීමට මගේ බලාපොරොත්තුවක් තියෙනවා. ඉදිරියේදී අපි ඒ ගැන බලමු.

 

කොහොම ද යම රජ සිරිට ලැබෙන ප‍්‍රතිචාර?

හොඳ ප‍්‍රතිචාර ලැබෙන්නේ. දැනට බොහෝ දෙනා එය නරඹා රස විඳ ඇති බව පෙනෙනවා. පවුල් පිටින් ගිහින් ආදරයෙන් රස විඳින බව පෙනෙනවා. බන්දු ටෙනී විකට රජුන් දෙදෙනා සෑහෙන කාලයකට පසුවයි මෙලෙසින් චිත‍්‍රපටයකට එකට එක්ව සිටින්නේ.

 

ඔබට පුද්ගලිකව ලැබෙන ප‍්‍රතිචාර මොන වගේ ද?

මගේ ප‍්‍රථම ප‍්‍රහසන චිත‍්‍රපට අත්දැකීමයි. ප‍්‍රහසන චිත‍්‍රපටයක් වුණත්, මගේ චරිතය එහි වෙනස්. ධනවත් පවුලක එකම ගැහැනු දරුවා ලෙස තමයි මම රඟපාන්නේ.

එකම දේ ටෙනිසන් බන්දු නමැති වත්මන් සිනමාවේ විකට රජුන් දෙදෙනා එක්ක එකට රඟපාන්න ලැබීමම හරි අපූරු අත්දැකීමක් වුණා. සමහර අවස්ථාවලදී හිනාව නවත්වා ගන්න බැරිව මම හරි අපහසුතාවට පත් වුණා. බන්දු ටෙනීගේ සටන් ජවනිකා එහෙම දැකලා බඩ පැළෙන තරමට හිනා.

 

ටේක් එකේදී යම රජ සිරි නිල්නයනි චරිතය සහ සැබෑ ජීවිතයේ ඔබ අතර වෙනස ගැන කතා කළොත් ?

එයා ධනවත් පවුලක තරුණියක ලෙස හැමෝටම උදව් කරනවා. පවුලේ එකම දරුවා. සැබෑ ජීවිතයේ මගේ චරිතය හා ඒ චරිතය වෙනස්. මම වෘත්තීය රංගන ශිල්පිනියක්. සැබෑ ජීවිතයයි ඒ චරිතයයි අතර තියෙන්නේ ලොකු වෙනසක්. චිත‍්‍රපට ක්ෂේත‍්‍රයේදී මේ විදියට විවිධ රසාස්වාදය ඇති චිත‍්‍රපට වගේම චරිත රඟපෑමටත් ඉතින් චරිතය කුමක් වේවි ද කියලා කියන්න බැහැ. හැබැයි රංගනයේ දී එදා ඉඳලාම මට අවශ්‍ය වුණේ චරිතාංග රංගන ශිල්පිනියක ලෙස කටයුතු කිරීමටයි.

 

ටෙලිනාට්‍යවලදීත් ප‍්‍රහසන චරිතවලට ආරාධනා ලැබුණා ද?

විවිධ චරිතවලට ආරාධනා ලැබුණා. නමුත් මට තියෙන ලොකුම ප‍්‍රශ්නය වුණේ දුර බැහැර ප‍්‍රදේශවලට ගිහින් දීර්ඝ කාලයක් රැුඳී සිටීමේ මැලිකමයි. අදටත් ඒ මැලිකම මට තියෙනවා. නමුත් චිත‍්‍රපටයකදී එය වෙනස්. එය නවත්වා ගන්නේ බොහොම අසීරුවෙන්.

ඇත්තටම ඒ ප‍්‍රහසනය සියැසින් රූගත කිරීම්වලදී දැකලා මුලින්ම හිනා වුණේ මම. ඉතින් පේ‍්‍රක්ෂකයන්ට මෙය රස සාගරයක් කියලයි මට හිතෙන්නේ. මේ විනෝදාස්වාද චිත‍්‍රපටයේ සුරාජ් මාපා ගරු රඟපෑමක් කරනවා. ඒ ගැනත් සිහිපත් කරන්න ඕනෑ.

 

නදීෂා මේ ප‍්‍රබෝධයත් එක්ක දිගටම ප‍්‍රහසනවල රඟපාවි ද?

මගේ වෘත්තිය රංගනයයි. මම හරි ආසයි. නියමාකාර ස්වයංපෝෂිත සිනමාවක් බිහි වන්නේ එවිටයි.

 

නදීෂාගේ ගෙවී යන ජීවිතේ කොහොම ද?

හොඳයි, සුන්දරයි ජීවිතයේ ගෙවෙන සෑම තත්ත්පරයකදීම එය අර්ථවත් කර ගැනීමට පුළුවන් නම්.

ජීවිතය අපට දැනේවි. එකාතකට ජීවිතය කියන්නේ හරිම අමුතු ප‍්‍රශ්න පත්තරයක්. තමුන් අදහන ආගම දහමට අනුව ජීවත් වුණොත් ජීවිතය මොකක් ද කියලා වටහා ගන්න පුළුවන් වේවි. ජීවිතය මොකක් ද කියලා වටහා ගන්න පුළුවන් එකම දේ තමයි ආගම දහම වටහා ගැනීම.

 

සටහන/ඡායාරූප - සඳුන් ගමගේ

 

2018-05-16-ent-123