නංගී කිව්ව නිසයි පැජන්ට් එකට ගියේ
පසුගිය ඔක්තෝබර් 04 වැනිදා කොළඹ ගලදාරි හෝටලයේ පැවැති "THE MOST GLAMOROUS BEAUTY PAGEANT IN SRI LANKA" තරගාවලියේදී ජයග්රහණ රැසක් දිනාගත් ගයාත්රි කාංචනමාලි සමගින් %සාරවිට^ අපි කතා බහා කළේමු. මේ ඇය සිය ජයග්රහණය පිළිබඳව අපිට දැක්වූ අදහස්.
මේ තරගාවලියට ඉදිරිපත් වුණේ කොහොමද?
පැජන්ට් එක ගැන දාලා තිබුණ පෝස්ට් එකක් දැකලා. නමුත්, පැජන්ට් එකට යන්න මට ලොකු අදහසක් තිබුණේ නෑ. මගේ නංගිට මේ පෝස්ට් එක කිව්වාම ඇය තමා තරගයට ඉදිරිපත් වෙන්න කියලා අදහස දැම්මේ. අද මම මේ ලබපු ජයග්රහණය ගැන මටත් වඩා සතුටු මගේ නංගීට.
ඒ කියන්නේ මේ ජයග්රහණය ලැබුණේ අහම්බෙන් කියන එකද?
නංගී කිව්වාම පැජන්ට් එකට යන්න ආසාවකුත් ඇති වුණා. නමුත්, ජයග්රහණයක් ලැබෙයි කියන විශ්වාසයක් මට තිබුණේ නැහැ. නංගීගේ ආසාව ඉෂ්ට කරන්න තමයි මේ තරගයට මම ඉදිරිපත් වුණේ කිව්වොත් හරි.
මේ තරගයේදී ඔබට ජයග්රහණ කිහිපයක්ම ලැබුණා නේද?
ඔව්, ලොකුම ජයග්රහණය තමයි %මිස් ටුවරිසම් ඉන්ටර්නැෂන් 2019^ කිරූළ දිනාගන්න ලැබුණ එක. ඊඨ අමතරව %බෝගල් විලේජ් රිසෝට් ක්වීන්^ 2019 කිරූළ, %මිස් බෙස්ට් කැට්වෝක්^ එා %මිස් මෝස්ට් පොපියලර්^ කියන අංශත් මට ජයගන්න පුළුවන් වුණා.
තරගයට ඉදිරිපත් වෙන කොට ජයග්රහණයක බලාපොරොත්තුවක් තිබුණද?
ඉදිරිපත් වෙන්න අදහසක් තිබුණේ නැහැ මට. ඒත්, තරගයට ඉදිරිපත් වෙලා අවසමන් තරගකාරියන් අතරට එකතු වෙන කොට ජයග්රහණයක් ගැන යම් බලාපොරොත්තුවක් මට තිබුණා.
මේ ලැබූ ජයග්රහවලින් පස්සේ මොකද වෙන්නේ?
%මිස් ටුවරිසම් ඉන්ටර්නැෂන් 2019^ ලෝක තරගාවලිය සඳහා ඉදිරිපත් වෙන්න සූදානම් වෙනවා. ඒක මට ලොකුම අත්දැකිමක් වේවි කියලා හිතනවා.
අවසන් තරගයට එකතු වෙන කොට තිබුණ තරගකාරිත්වය කොහොමද?
හැමෝම දක්ෂයි, ලස්සනයි ලොකු තරගකාරීත්වයක් තිබුණා. ඒ කොහොම උනත් අපි හැමෝම ඒකා වගේ සහයෝගයෙන් මිතුදමින් මේ තරගයට ඉදිරිපත් වුණා. ඒක මට ලොකු හයියක් වුණා. අපි හැමෝටම කවුරු දිනුවත් තිබුණේ ලොකු සතුටක්.
වර්තමානයේ ලංකාවේ පැජන්ට් ගොඩක් තියෙනවා. මේ තරගය ගැන මොකද හිතෙන්නේ?
ඇත්තටම සතුටුයි. හැමෝම එක වගේ හිටියා. %මිනි පැජන්ට්ස්^ වලදි පවා නිතරම අපේ අඩුපාඩු හොයලා ඒවාට පිළියම් යොදලා ලස්සන අවසාන් තරගයක් කරා අපිව ගෙනාවා.
උදව් කරපු අය?
මේ පෝස්ට් එක මට පෙන්නපු මලිත් රණසිංහ අයියා, රෝෂිනි ජයතිලක අක්කා, සාරංගා රණසිංහ අක්කා. ඒ වගේම අපි හැමෝටම හැමදේම ලස්සනට කියලා දුන්න නිලු සේනානායක හාඅර්ජුන සේනානායක දෙදෙනාට. කසුන් ශානක, තේජිත් පසන්, සමන් රත්නායක, දම්මි කල්දේරා, පියුම් ජයසේකර, "ටැලෙන්ට්" වටයේදී හා "පොපියලර්" වටයේදී මට උදව් කළ ශාන් අයියා. තව මගේ අම්මා , තාත්තා නංගී ඒ වගේම මට %මිස් පොපියලර්^ වෙන්න උදව් කරපු හැමෝටම ගොඩක් ස්තුතියි.
බුද්ධික සේනාධීර